IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ආණ්ඩුව ස්ථාවර නැති නිසා රටේ ව්‍යාපාර කඩා වැටිලා‘

( තිළිණි ද සිල්වා )


වර්තමානයේ ස්ථාවර ආණ්ඩුවක් නොමැති වීම නිසා රටේ ව්‍යාපාර ගණනාවක් කඩා වැටී  ඇති බවත් , කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැංවීමට ඉක්මනින් මැතිවරණයක් කැඳවන්නැයි කොළඹ ව්‍යාපාරික සංගමය අධිකරණය ,ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා අද  (18) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.


රටේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් මුහුණපා ඇති ගැටලූ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය විසින් ෂැන්ගි‍්‍රලා හෝටලයේදී අද (18)  මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී හෙතෙම මේ බව කියා සිටියේය. 


පවතින දේශපාලනික අර්බුදයෙන් සිදුවන්නේ රට තව තවත් ආගාධයකට යෑම පමණක් බැවින් වහා මැතිවරණයක් කැඳවා ජනතා විශ්වාසය ඇති ආණ්ඩුවක් පිහිටුවා රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවිය යුතු යැයිද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ ව්‍යාපාරික සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා පැවසීය.


මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ ව්‍යාපාරික සංගමයේ ප‍්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා මෙසේද කීය.
‘‘ පසුගිය වසර තුන හමාරක කාලය තුළ රටේ ව්‍යාපාර සම්පූර්ණයෙන් කඩා වැටුණා.සීඝ‍්‍රයෙන් පහළ යමින් පවතින ආර්ථික තත්ත්වයක් අපේ රටේ තිබෙනවා.මේ සියලූ දේත් සමඟින් අද ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය නිසා ව්‍යාපාරිකයින් ගැටලූ රාශියකට මුහුණ පා සිටින බව සඳහන් කළ යුතුයි.ඇත්තවශයෙන්ම සඳහන් කළොත් ව්‍යාපාර කර ගන්න බැරි මට්ටමට පහත වැටිලා.

තොග වෙළඳාම් ක්ෂේත‍්‍රයට, සංචාරක කර්මාන්තයට ,ආයෝජන කටයුතු වලට මේ තත්ත්වය වැඩියෙන්ම බලපා තිබෙනවා.එළැඹෙන දෙසැම්බර් සහ අප්‍රේල් මාස කියන්නේ අපේ ව්‍යාපරිකයින් වැඩිපුර ලාභ ලබා ගන්නා කාලයයි.මේ රටේ අර්බුදයක් ඇති වී ඇත්තේ එවැනි අවස්ථාවකයි.


නොවැම්බර් මාසයේ සිට ලබන මාර්තු මාසය දක්වා මේ රටේ පවතින්නේ සංචාරකයින් වැඩිපුර මෙරටට පැමිණෙන කාලයයි.පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා මේ කාලය තුල සංචාරකයින් විසින් වෙන් කරවා ගත් හෝටල් කාමර සංඛ්‍යාව සියයට 50 කින් පමණ කප්පාදු කර තිබෙනවා.මේ නිසා සංචාරක කර්මාන්තයේ නිරතව සිටින මිලියන තුනකට වැඩිපිරිස් යැපෙන සෘජු හා වක‍්‍ර ආකාර සේවා කටයුතු වලට බලපා තිබෙනවා.අපේ සංගමය වැඩිපුර නියෝජනය පවතිනවා තොග වෙළදාමට සම්බන්ධ පාර්ශව වලින්.

 

මේ තොග වෙළදාම පවතින්නේ ගමේ ගොවි මහත්වරුන්ගේ සිට මැනිං මාර්කට් එක හරහායි.අද වෙන කොට අපේ රටේ ගම්මිරිස් ,ඉඟුරු වැනි දේ පවා පිටරටින් ගෙන්වන විට කාලයක, අපේ ගමේ ගොවි මහත්වරුන්ගේ ඵලදාවෙන් මෙහෙය වන තොග වෙළදාම රටේ දේශපාලන අස්ථාවරභාවය නිසා කඩා වැටෙනවා නම් ඒක දැනෙන්නේ ගමේ සිටන ජනතාවටයි.


මේ ආකාරයෙන් ව්‍යාපාර ක්ෂේත‍්‍රය සේම , සෑම ක්ෂේත‍්‍රයක්ම මේ වන විට කඩා වැටිලා.ඉතා ඉක්මනින් මේ දේශපාලන අවිනිශ්චිතභාවය විසඳා නොගතහොත් රට අරාජික තත්ත්වයට පත්වෙනවා.අපේ සිංගමය කිසිදු දේශපාලුන පක්ෂයකට අනුගත සංවිධානයක් නොවෙයි.අප සංගමය ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේ සහාය දැක්වූයේ රටේ යහපාලනයක් ගොඩ නැගීමටයි.නමුත් අපි දන්නවා පසුගිය වසර තුන මහාරේදී ඒ කිසිවක් ඉටු වුනේ නැහැ.ඒ නිසා මේ ඔළු ගෙඩි වලින් පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට වඩා රටේ මැතිවරණයක් කැඳවා දේශීය ව්‍යාපාරිකය රැක ගන්නා ,රටේ ජනතාව රැකගන්නා ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව සලසා දෙන්නැයිද කොළඹ ව්‍යාපාරික සංගමය ජනාධිපතිවරයාගෙන් , අධිකරණයෙන් ඇතුළු වගකිව යුතු බලධාරීන් ගෙන ඉල්ලා සිටින්නේ යැයදි චමින්ද විදානගමගේ මහතා කියා සිටියේය.

කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති වසන්ත කරුණානායක මහතා මෙසේ පැවසීය.


අපේ ලේකම්තුමා පැවසූ පරිදි රටේ පවතින දේශාපලන අර්බුදයෙන් ගොඩට ඒමට නම් මැතිවරණයක් කැඳවිය යුතුයි. නැත්නම් එන්න එන්නම මේ ආකාරයෙන් ව්‍යාපාර කඩා වැටුණහොත් ඉන් අසරණ වන්නේ රටේ ජනතාවයි.ඒනිසා ඉදිරියේදී යම් මැතිවරණයක් පවත්වන්නේ නම් එහිදී ජනතාව තෝරා ගත යුත්තේ කෙබඳු නියෝජිතයින් පිරිසක්ද යන්න යන පිළිබඳව ජනතාව තුළ මතයක් සැදීමට කොළඹ ව්‍යාපාරික සංගමය බලාපොරොත්තු වනවා.


කොළඹ ව්‍යාපාරික සංගමයේ ප‍්‍රධාන උපදේශක අචල ගමගේ මහතා මෙසේද කීය 


‘‘ අපි කිසිදු දේශපාලන පක්ෂයක න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.නමුත් රටේ ඇති තිබෙන තත්ත්වය ගැන ව්‍යාපරික ප‍්‍රජාව ලෙස අපි රටේ ජනතාව තොරතුරු ලබා දිය යුතුයි.රටේ මේ මොහොතේ පවතින අස්ථාවර තත්ත්වය නිසා එදිනෙදා ව්‍යාපාර කටයුතු , සංචාරක කර්මාන්තය ,අයෝජන අවස්ථා , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියල්ල කඩා වැටී තිබෙනවා .මේ තත්ත්වය හමුවේ ඉකුත් වසරේ සියයට 4 ක් වූ ඉතාම සුළු ආර්ථික වර්ධන වේගය මේ වසරේදී තවත් පහළ යනු ඇත.ඒනිසා අපි පවතින රජයෙන් හා පසුගිය රජය නියෝජනය කරන සියලූම පක්ෂවලින්  ඉතාම කාරුණිකව ඉල්ලා සිටින්නේ ව්‍යාපාරික ප‍්‍රජාවට ව්‍යාපාර කටයුතු සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකසා දීමටත් , ස්ථාවර ආණ්ඩුවක් වෙනුවෙන් මහජන මතය ලබා ගැනීම සඳහා මහමැතිවරණය කැඳවීමට සහාය දෙන ලෙයසි.මන්ද මේවන විට රටේ පවතින තත්ත්වය ගැන ඔවුන් දෙපාරක් සිතිය යුතුයි.

එම සංගමයේ උප සභාපතිනී මිනෝලි රත්නායක මහත්මිය මෙසේද කීවාය.


‘‘ අද වන විට පවති මෙම අර්බුදකාරී තත්ත්වය නිසා රටේ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා.විශේෂයෙන්ම මෙය දැඩි බලපා තිබෙන්නේ මය්‍ය පරිමාණ සහ මහ පරිමාණ ව්‍යාපාරිකයින් හටයි.එම ව්‍යාපාරිකයින් බැංලකු වලින් ලබා ගත් ණය ගෙවීම් නිසි පරිදි සිදු කිරීමට නොහැකිව අසරණ වෙලා.අඩුම තරමේ එදිනෙදා වශයෙන් ලබා ගත් ආදයම පියවා ගත නොහැකිව අවමය රුපිලයල් දස දහසේ සිට  රුපියල් ලක්ෂ විස්සේ පමණ වටිනාකම් සඳහා නිකුත් කළ චෙක්පත් ප‍්‍රතික්ෂේප වෙලා.( එම එලෙස ප‍්‍රතික්ෂේප වූ චෙක්පත් මාධ්‍යවේදීන් වෙත ප‍්‍රදර්ශනය කරමින් * බැංකු අයිරා නිකුත් කිරීම නතර වෙලා.පවතින ජීවන වියදම වැඩි වූවත් ,ඊට සාපේක්ෂව අපට ආදායම ලැබෙන්නේ නැහැ.එවිට අපි අපේ සේවක පඩි නඩි ගෙවීම කටයුතු  වලදී පවා ව්‍යාපාරිකයින් ලෙස ගැටලූ රැුසකට මුහුණ පා සිටිනවා.කට වචනයෙන් කියනවා නම් ව්‍යාපාරිකයෝ ලෙස අද අපිට රෝල ගහගන්නවත් විදියක් නැතිවෙලා.

ඒනිසා රටේ පවතින අස්ථාවර දේශපාලනය වෙනුවට ඉක්මනින් ඡන්දයක් පවත්වා ජනතාව කැමති පිරිස් පාර්ලිමේන්තුවට යවා , ස්ථාවර රජයක් පිහිටුවිය යුතු යැයිද මිනෝලි රත්නායක මහත්මිය පැවසුවාය.

කොළඹ ව්‍යාපාරික සංගමයේ සාමාජික සංජය පෙරේරා මහතා මෙසේ කීය.


මේ ව්‍යාපාර කඩා වැටීම නිසා ව්‍යාපාරිකයින් තමන්ගේ ව්‍යාපාර ගෙඩ නැගීම ලබා ගත් ණය ගෙවීමට නොහැකි වී සිටිනවා.ඔවුන් නම් ණය තොරතුරු කාර්යාංශයේ ලේඛනගත වීමෙන් ප‍්‍රශ්න රැුසකට මුහුණු පා සිටිනවා.පසුගිය කාලය පුරා මේ රටේ ව්‍යාපාර 130 කට වැඩි පිරිසක් කඩා වැටුනා.මේ ව්‍යාපාර කඩා වැටීම තුන්දහසක් පමණ සේවක පිරිසකට රැකියා අහිමි වුනා.මේ යන විට ඉදිරි මාසවලදී මේ තත්ත්වය තව තවත් දරුණු විය හැකියි.ඒ නිසා අප සංගමයක් ලෙස අපි සියලූ පක්ෂ වලින් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය වර්ධනය කරන්න එපා කියලා.මේ රට යන ආගාධය නිසා රටේ ජනතාව ගෙවන හැම තත්ත්පරයක්ම ජීවිත අවදානමක් බවට පත් වෙලා යැයි සංජය පෙරේරා මහතා කීය.

 

 ( ඡායාරූය - චතුර එස් කොඩිකාර )

 

 

 



අදහස් (0)

‘ආණ්ඩුව ස්ථාවර නැති නිසා රටේ ව්‍යාපාර කඩා වැටිලා‘

ඔබේ අදහස් එවන්න

දියත

කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 39 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 485 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 909 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 658 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1506 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3018 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site