IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අන්තවාදීන් ගෝඨාභය වටා රොක්වෙද්දී දේශප්‍රේමීන් සජිත් වටා රොක්වෙනවා’

(නිමල කොඩිතුවක්කු)
 
අන්තවාදී ජාතිවාදි පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා රොක් වෙද්දී දේශප්‍රේමී පිරිස් සජිත් පේ‍්‍රමදාස මහතා වට එක් රොක් වෙමින් සිටින බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවැසීය.
 
ජාති, ආගම් භේදයකින් තොරව රටට ආදරය කරන සියලු පිරිස්වලට සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට  ආරාධනා කරසිටින බවත් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද(15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා මෙසේද කීවේය.
 
  ‘තොන්ඩමන්ගේ සහාය ලැබුනු නිසා කඳුකරයේ සමස්ථ ඡන්දය ඔවුන්ට ලැබෙන බවට පොහොට්ටුව දැන් විශාල ප‍්‍රචාරයක් යවමින් සිටිනවා.  2015 ජනාධිපතිවරණයේදිත් තොන්ඩමන්  සහාය දුන්නේ මහින්ද රාජපක්ෂටයි. තොන්ඩමන්ගේ සහාය නැතුව අපි 2015 දී නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් වැඩි ඡන්ද එක්ලක්ෂ විසිහත්දාහසකින් ජයග‍්‍රහණය කලා. මෙවර අපි ඊටත් වාඩා වැඩි  ඡන්දයකින් කඳුකරය දිනනවා.
 
තොන්ඩමන් කියන්නේ වතු හිමියෙක් මිසක්  කම්කරු නායකයෙක් නෙමෙයි. වතු හිමියන් තමයි මහින්ද  රාජපක්ෂත් එක්ක යන්නේ. කම්කරු නායකයනක් අද අපිත් එක්ක ඉන්නවා. ඒ කඳවුර නියෝජනය කරන්නේ වලව් සහ හාමුලායි.  අපේ කඳවුරේ ඉන්නේ නිර්ධන පීඩිත ජනතාවයි.

ගෝඨාභය රාජපක්ෂ  මහතා අනුරාධපුර රැළියේදි කිව්වා අත්අඩංගුවේ සිටින රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන බවට. එතුමා ඉල්ලන්නේ ජනාධිපතිවරණයට මිසක්  ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චකාර ධුරයට නෙමෙයි කියලා  අපි මතක් කරනවා. එන්න කලින්  මෙහෙමනම් ආවට පස්සේ නීතියේ ආධිපත්‍යය කොහොම තියෙයිද? 
 
මේ පිරිසත් සමග පිල්ලෙයාන්, දුමින්ද සිල්වාත් නිදහස් කරනවාද කියලා ගෝඨාභය රාජපක්ෂ  මහතා  රටට පැහැදිලි කළ යුතුයි. එතුමන්ට මේ ගැන ප‍්‍රකාශයක් රටට කරන්න බැරිනම් ඔහුගේ චක්ගෝලයන් වී සිටින වීරවංශ හරි  ගම්මන්පිල හරි පනික්කියා හරි මේ ගැන ප‍්‍රකාශයක් කළ යුතුයි.
 
ශ්‍රී  ලංකා නිදහස් පක්සයේ පිරිස  පොහොට්ටුවට සහාය දෙන්න ගිහින් දැන් හොදටම නානාවා.  පොහොට්ටුවේ  වේදිකාවට නගින අයට හූ සංග‍්‍රහ දිගින් දිගටම ලැබෙනවා. දැන්  මෙහෙමනම් ඊළඟ මහ ඡන්දෙදි මහින්ද ඇතුලූ කණක්ඩායම සංවිධානාත්මකව මේ පිරිස පරාජය කරනවා.  දැන් පොහොට්ටුව රැස්වීමට එන අයට වෙන්නේ ගුටිත් කාලා යන්නයි.
 
අපේ සජිත් පේ‍්‍රමදාස  මහත්තයාගේ වැඩ පිළිවලත්  ප‍්‍රතිපත්තියත් ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ වැඩපිළිවළත් ප‍්‍රතිපත්තියත් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ  මහතා නම් කරන  ඕනෑම නාලිකාවක වුනත් අපි කැමතියි විවාදයකට එන්න.  එතුමන්ට  ඕනනම් ටෙලිප්‍රොම්ටර් එක අරගෙන වුනත් එන්නත් පුලූවන්.  ඒ විවාදයට ඇවිත් ජනතාවට ප‍්‍රතිපත්ති දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න කියලත් අපි ගෝඨාභය රාජපක්ෂ  මහතාගෙන් ඉල්ලා සිටිනවා.

මේ මැතිවරණයට අපේක්ෂකයන් බර ගානක් ඉදිරිපත් වෙලා හිටියට තරඟය  තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂයි සජිත් පේ‍්‍රමදාසයි අතරයි. අපේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහාතා 100%ක් ශ්‍රී ලාංකිකයි. ගෝඨාභය රාජපක්ෂ  මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනත් ඇමරිකානු පුරවැසියන් වන එතුමන්ගේ බිරියගේ සහ පුතුගේ ඡන්දයවත් ගෝඨාභය රාජපක්ෂ  මහතාට හිමි වෙන්නේ නැහැ.
 
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා  ප‍්‍රධාන අපේක්ෂකයන්ට සමාන කාළයක් ලබාදීම ගැන  ප‍්‍රකාශ කලා.  දැන් ඊයේ දිනයේදී එක නාලිකාවක ප‍්‍රවෘත්ති විකාශයේදී විනාඩි දෙකයි තප්පර ගාණක් අපිට ලැබුනා. ගෝඨාභය රාජපක්ෂ  මහතාට විනාඩි 11ක් දීලා තියෙනවා. තව නාළිකාවක  අපිට විනාඩි එකයි ගානක් ගෝඨාභය රාජපක්ෂ  මහතාට විනාඩි දහතුනයි ගානක් දීලා තියෙනවා. මේ කරන නාඩගම පිළිබඳව  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බලයලත් නිලධාරියා විදියට  මැදිහත් වෙන්න  ඕන.
 
අපි ඉදිරියේදී මේ පිළිබඳ වාර්තාවක් දිනාපතා මැතිවරණ කොමිසමට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට  ප‍්‍රශ්නයක් තියෙනවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැන්ම බයවෙලාද ඉන්නේ  කියලා.
 
බුදුන් වහන්සේ මිනී මස් කනවා කිව්ව කෙනත් දැන්  පොහොට්ටුවේ. හිස්බුල්ලා ඇතුලූ පිරිසත් දැන් පොහොට්ටුවට සහාය දෙනවා.  එස් බී කියනවා එයා හිස්බුල්ලට කතා කලේ බැසිල්ගේ උපදෙස් පරිදි ගෝඨාභය රාජපක්ෂ  මහතා  දිනවන වැඩපිළිවෙළ යනවලූ. 
 
මේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව විශාල සටනක් ගෙන ගිය රතන හිමියනුත්  දැන් ඒ කඳවුරේ ඉන්නවා. නැගෙනහිර විශ්වවිදයාලය ගැන උන්වහන්සේගේ මතය මොකක්ද කියලා ප‍්‍රකාශ කරන්න කියලා අපි රතන හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

‘අන්තවාදීන් ගෝඨාභය වටා රොක්වෙද්දී දේශප්‍රේමීන් සජිත් වටා රොක්වෙනවා’

ඔබේ අදහස් එවන්න

දියත

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 20 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 434 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 391 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 127 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1391 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 359 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site