(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂාන් විතාන මහතා බෞද්ධ ප්‍රජාව කෙරෙහි අන්‍යාගමිකයන් තුළ වෛරයක් පතුරවන ආකාරයේ ප්‍රකාශයක් රූපවාහිනී වැඩසටහනක් මගින් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත අද (23) නියෝග කළාය.
පාස්කු ඉරිදා ප්‍රහාරය බෞද්ධ ස්ථානයක සිදුවුණා නම් අහිංසක මුස්ලිම් ප්‍රජාව මරමින් විශාල විනාශයක් වන බව පවසමින් හේෂාන් විතාන මහතා රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ කර ඇත.
ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 290 (අ) වගන්තිය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3 (2) වගන්තිය ප්‍රකාරව මෙම තැනැත්තා වරදක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හේෂාන් විතාන සිදුකළ ප්‍රකාශයක් ගැන විමර්ශනයක් කරන්න නියෝග
sharm warn Friday, 24 May 2019 03:19 AM
පටු දේශපාලන වාසි වෙනුවෙන් නූගත්කම ප්‍රදර්ශනය කළ තවත් සුන්දර අවස්ථාවක්.. මෙවැන්නන් රට පාලනයට තෝරාගත් අයට අපගේ ප්‍රණාමය ...
hira Friday, 24 May 2019 03:25 AM
මෙයා හිතන්නේ මාධ්‍යය ඉදිරියට ආවම වීරයෙක් කියලා. බෞද්ධ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට පැමිණ සුර සැපවිඳිමින් බෞද්ධයින්ටම දෙන නියායක් මෙයාට තියෙන්නේ.
KANDEPOLA Friday, 24 May 2019 04:17 AM
දැන් නීතිය ක්‍රියාත්මක වෙයි මෙන්න කියලා.
අප්පුහාමි Friday, 24 May 2019 04:39 AM
මන්ත්‍රීවරයා කියා ඇති කතාව හරියටම හරි. පාස්කු ඉරිදා ප්‍රහාරය බෞද්ධ ස්ථානයක සිදුවුණා නම් 83 කලු ජූලියටත් වඩා විශාල ලේ වැගිරීමක් හා විනාශයක් විය හැකිව තිබුනා. සිංහල බෞද්ධයන් ට නිසි මග පෙන්වා ඔවුන් හික්මවා ගතහැකි හරි හමන් දේශපාලන හෝ ආගමික නායකත්වයක් නැතිවීම ඊට හේතුවයි. තිත්ත වුනත් ඇත්ත එයයි. දේශපාලකයන් නැතත් කාදිනල් තුමා අවශ්‍ය වේලාවේදී සැබෑ ලෙසම ආගමික නායකත්වය ලබා දුන් නිසා රටම තවත් විනාශයකින් ගලවා ගන්නට හැකි වුනා.
සිරිබිරිස්Friday, 24 May 2019 11:49 AM
අප්පුහාමිගේ කථාවත්, මන්ත්‍රීවරයාගේ කථාවත්, සියයට සියයක්ම හරි...
Amila Friday, 24 May 2019 07:01 AM
පියල් නිදහස් වෙලා හේශන් ඇතුලට යන්නත් බැරි නෑ. එහෙම දේවල් තමයි දැන් වෙන්නේ. හැබයි සාමන්‍ය මිනිහෙක් අතින් වචනයක් එහා මෙහා වුනානම් කෙලින්ම ඇතුලේ. අර සරසවි සිසුවාට වුනා වගේ. ඉදිරි ඡන්දකදී අලි, අත්, සීනූ සහ පොහොට්ටු විසිවෙලා අලුත්ම පිරිසක් එන්නත් ඉඩ තියෙනවා. මිනිස්සුන්ට එච්චරටම මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ.
sam Friday, 24 May 2019 11:45 AM
පගාව තමයි.. මෙයාලට ආයෙත් ඡන්දෙ එහෙම දෙන්න එපා. ජාතකේ වැරැද්ද? කලවම් වුණාම ඔහොම තමයි.