(මනෝප්රිය ගුණසේකර)
හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (25) නියම කළේය.
2002 ජනවාරි මස 02 වැනිදාත් සැප්තැම්බර් මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොටදී ශ්‍රී ලංකා ජනරජයේ ආරක්ෂාවට හා යහපතට හානිදායක විය හැකි ආකාරයට කටයුතු කරමින් ශ්‍රී ලංකා ජනරජයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීමේ කාර්යයේ යෙදී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බලකා නිලධාරීන් රැඳී සිටි අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්ෂක නිවාසය පිළිබඳව, එහි රැඳී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පිළිබඳව, ඔවුන් සිදු කරන මෙහෙයුම් පිළිබඳව හා ඔවුන් ඒ සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව රහස් රැස් කරන ලදැයි විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
එලෙස රැස් කරන ලද රහස් පදනම් කරගනිමින් ‘‘මිලේනියම් සිටි’’ ආරක්ෂක නිවස වටලන ලද බවටද එලෙස වටලා එහි සිටි හමුදා නිලධාරීන් එහි තිබූ රහස් ලිපි ගොනු අත්අඩංගුවට ගෙන ඒවා ප්‍රදර්ශණය කළ බවටද හමුදා නිලධාරීන් කුරුඳුවත්ත හා කටුගස්තොට පොලිස්ථාන වලට මෙන්ම මහනුවර නිල සුනඛ අංශයට රැගෙන ගොස් ප්‍රදර්ශණය කළ බවටද එම නිලධාරීන් දින 10ක් මහනුවර හා කටුගස්තොට පොලිස්ථාන වල රඳවා තබා ඉන් අනතුරුව නෛතික පදනමකින් තොරව ඔවුන්ට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරූ බවටද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
කොටි ත්රස්ත්රවාදීන් පිළිබඳ තොරතුරු රැස් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බලකා නිලධාරීන්ගේ ඡායාරූප ලබාගෙන හා ඔවුන් වීඩීයෝ ගතකර ඔවුන් පිළිබඳ තොරතුරු පිටස්තර අයට දැනගැනීමට සැළැස්වීම නිල රහස්‍ය පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් බවටද නීතීපතිවරයා චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා අධිකරණයේ පෙනී සිටියේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 23 වැනිදා දක්වා කල් තැබූ විනිසුරුවරයා පැමිණිල්ලේ අංක 06 සාක්කිකරුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ චමීර හපුතන්ත්‍රී සහ නීතීඥ පසිඳු තිලකරත්න සමඟ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිටපු පොලිස් අධිකාරී උඩුගම්පොළට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 23