(තිළිණි ද සිල්වා)
කොළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානයක පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය හඳුනා නොගත් විදේශිකයින් 25 දෙනෙකු ගේ මළසිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව මියගිය පුද්ගලයින් අතර සිටි ඉන්දීය ජාතිකයින් 3 දෙනෙකු ද , එක් පෘතුගීසි ජාතිකයෙකු ද , තුර්කි ජාතියින් 2 දෙනෙකුද , එක්සත් රාජධානියේ 2 දෙනෙකු සහ ඇමෙරිකා හා එක්සත් රාජධානි පුරවැසිභාවය දරන දෙදෙනෙකුද හඳුනාගත් මළ සිරුරු අතර වන බව විදේශ කටයුතු අමත්‍යාංශ නිලධාරියෙකු පැවසීය.
මීට අමතර ප්‍රහාර සිදු වු ඊයේ (21) සවස 6.00 වන විටත් තවත් විදේශිකයින් 19 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හඳුනා නොගත් විදේශිකයින් 25 කගේ මළ සිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ
Amila Monday, 22 April 2019 03:54 AM
සංචාරක කර්මාන්තයටත් මේක ලොකු හානියක්.
chathuri Monday, 22 April 2019 05:18 AM
විදේශිකයින් නැවතිලා සිටි හෝටල් වල හිමිකරුවන්ට මොවුන්ගේ පවුල් වලට දැනුම් දීමට කටයුතු කරන්න අණ දෙන්න. කළමනාකරුවන් ලග සියලුම විස්තර තිබෙන නිසා ඇතුල් වෙනකොට සේරම ගන්නවනේ. මොවුන්ව තනි නොකරන්න. මොවුන්ගෙන විශාල මුදලක් අය කරනවා වගේ ඊට වැඩිය ලොකු සේවයක් ඔවුන්ට ලබාදෙන්න. නැවත නොඑන්න වැඩ නොකරන්න
DhammikaMonday, 22 April 2019 09:20 AM
නැවත විදේශිකයෝ අපේ රටට එන්නේ නැහැ .. ඉර හඳ වගේ විශ්වාසයි.. දුකයි රටට සිදු වූ දේ ගැන .. මේ යුද්ද කාලේ වගේ නෙමේ ..... අන්තර්ජාලය සෝෂල් මීඩියා ඉතා බලවත් , මේ රට ගැන විශ්වාසය පලුදුවෙලා ඉවරයි , මේ රටේ පාලකයෝ ගැනත් ලෝකෙම දන්නවා ... බුද්ධි තොරතුරු තිබිලත් මුකුත් නොකළ එක ගැන ඔවුන් පුදුම මෙන්ම කණගාටුවට පත්වෙනවා .. මේ ලියන මමත් රට ඉන්නේ .. මා සමග ඉන්න අය ඒ ගැන කියනවා