(බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හයදෙනෙකු සමඟ වෑන් රථයක් සහ යතුරුපැදියක් අද (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එම සැකකරුවන් ඝාතනය සඳහා යොදා ගත් බවට සැකකරන මිලි මීටර් නවය වර්ගයේ ගිනි අවියක් , උණ්ඩ තුනක් සමඟ හිස් කොපුවක් සහ තියුණු ආයුධ දෙකක් ද සොයා ගැනීමට හැකි වූ බවද ඒම මහතා පවසයි.
ඝාතනය සිදු කළ සැකකරුවන් පලා ගිය වෑන් රථය පිළිබඳව මහජනතාවගෙන් නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව එම අංකය හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීමෙන් පසු සිදුකළ විමර්ශනයේදී එම වෑන් රථයේ හිමිකරු කොලොන්නාව ප්‍රදේශයේ අයෙකු බව අනාවරණය වී ඇත.
එම වෑන් රථයේ හිමිකාරිය විසින් අදාල වෑන් රථය මාසික කුලී පදනම මත වාහන කුලියට ලබා දීමේ ආයතනයක් වෙත ලබා දී තිබූ අතර ඒ ඔස්සේ වෑන් රථය නවතා තිබූ ස්ථානය සොයා ගැනීමට හැකිවී තිබේ.
තලංගම කුමාරගේවත්ත ප්‍රදේශයේ ඉදි කරමින් පවතින තෙමහල් නිවසක් ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය සොයා ගෙන එහි සිටි දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කඩුවෙල පෙරේරා මාවතේ කෙළවර පාළු ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝතනය සඳහා යොදා ගත් බව කියන තියුණු ආයුධ දෙකක් සොයා ගැනීමට හැකිවී තිබේ.
දොම්පේ පාළුගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු එම ඝාතනයට යොදා ගත් බවට සැකකකෙරෙන මිලි මීටර් නවය වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ තුනක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
මෙම සැකකරුවන් සිරතව සිටින පාතල නායකයෙකුගේ ගෝලයින් බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණ වූ බවත් ප්‍රදේශයේ පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර කාලයක් සිට පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර යුද හමුදාවෙන් පලා ආ සැකරුවෙකු ඇතුළු රණාල , ජල්තර සහ දොම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද පොලිසිය සඳහන් කළේය.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ තවත් අයෙකු කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ හංවැල්ල සිට කඩුවෙල දෙසට මෝටර් රථයකින් පැමිණ හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී වෙළඳලක් අසල මෝටර් රථය නවත්වා පිටතට පැමිණෙනවාත් සමඟ යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි කිහිපදෙනෙකු මියගිය පුද්ගලයාට වෙඩි තබා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පලා ගොස් තිබූ බවද පොලිසිය පවසයි.
මෝටර් රථයේ සිටි අනෙක් තැනැත්තාටද වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇතත් එම පුද්ගලයා වෙඩි පහර විඳ දරා ගනිමින් පලා ගොස් පසුව හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව එහි ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ද අදාල ස්ථානයේ සිටි පුද්ගයෙකු ද තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත
මෙම වෙඩි තැබිමෙන් මිය ගොස් ඇත්තේ රණාල ජල්තර නෙළුම් මාවත ප්‍රදේශයේ පදිංචි බෙලිහුල්ලගේ ගෙදර සුරේෂ් රුවන්ත ගුණසිංහ නොහොත් චූටි මල්ලි නැමති 23 හැවිරිදි තරුණයෙකු වන අතර එම ප්‍රදේශයේම පදිංචි ‘‘ඉන්ද්‍රා’’ නැමැති 26 හැවිරිදි පුද්ගලයෙකු සහ ජීවන් නමැති වෙළෙන්දා රෝහල් ගතව ඇති බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් රථ වාහන සහ සැකකරුවන් හෙට (17) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හංවැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට