IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සෞදියෙන් කෝටි 870 ක සහන ණයක්

(තිළිණි ද සිල්වා)
 
සබරගමුව විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා රියාල් කෝටි 870 ක සහන ණය මුදලක් ලබා දීමට සෞදි රජය එකගත්වය පළ කර ඇත.

ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාගාර පහසුකම් සහිතව ලොව පිළිගත් ඉගැන්වීමේ සහ ඉගෙනීමේ පහසුකම් මෙරට වෛද්‍ය සිසුන්ට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ. 

උසස් අධ්‍යාපනය සඳහා, විශේෂයෙන් ම වෛද්‍ය අධ්‍යාපනය සඳහා පවත්නා අවස්ථා පුළුල් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත.‍ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවර කළ සංචාරයේ දී මේ සම්බන්ධයෙන් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ද මෙම දූත පිරිසට අයත් වූහ. 

සෞදි රජය වෙනුවෙන් සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් අල්දොලයිලන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූ අතර ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා වන සෞදි රියාල් කෝටි 870 ක සහන ණයක් (රුපියල මිලියන 8725) ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රධානීහු එකග වූහ. 



අදහස් (14)

සෞදියෙන් කෝටි 870 ක සහන ණයක්

nisar Thursday, 18 April 2019 11:58 AM

කෝ බමුණුආරච්චි

:       15       28

nisar Thursday, 18 April 2019 01:03 PM

අපිට මොකටද හම්බ සල්ලි...?

:       58       125

nnassm Thursday, 18 April 2019 01:24 PM

කෝ මේ බමුණුඅාරච්චි...? ඔන්න සරියා නීතිය එනවා. පුලුවන්නම් නතරකරනවා. ඔයා හැමදාම බනිනවා. ලෝකේ ඉන්න තම්බිලාට... දැන් දාන්න කමෙන්ට් එකක්...

:       53       60

ගොන් වස්සාSunday, 21 April 2019 03:05 AM

බමුණු මහතා ඇද යට !

:       0       0

sameera Thursday, 18 April 2019 03:24 PM

සුබපැතුම්...!!

:       49       27

Perakum Thursday, 18 April 2019 03:29 PM

සෞදියෙන් කෝටි 870ක සහන ණයක් කීවට මොනවගේ සහනයක්ද කියලා දැනගන්න කැමතියි. චීනෙන් දෙනවා වගේද?

:       39       119

චමින්ද Friday, 19 April 2019 12:57 PM

පළාත් සභා නැමති පිළිකාව ඉවත්කර ගතහොත් මේ ණය ගැනීම අවශ්‍ය නැහැ. රජිව් ගාන්ධි පළාත් සභා පිළිකාව දුන්නේ මේ රටේ සංවර්ධනය නැවැත්වීමටයි. අනුන්ගේ ණය ගැන කියකියා මුනුත් ණය ගන්නවා

:       0       26

Iqbal Dublin Friday, 19 April 2019 01:07 PM

සෞදි අරාබියේ ආධාර ලබා මාර්ග පාලම් ව්‍යපෘති රැසක් මේ වනවිට අවසන් කරලා තියෙනවා. අන්තවාදී අදහස් පළ කරන්නන් කුමක් කීවත් සෞදි අරාබිය අපේ මිත්‍ර රටවල් අතර ප්‍රධාන තැනක් ගන්නා රටක්...

:       61       108

lal priyantha Friday, 19 April 2019 01:30 PM

විල්පත්තුව කපපු එක වහගන්න බදුර්දින් දුන්න ගුන්ඩුවක් ඕක... අනික නිකන් දුන්නා නම් හම්බයෝ හොඳ කියන්න තිබුණා. පොලිත් එක්ක ගෙවන්නනේ දෙන්නේ. එ්ක ඔවුන්ගේ බිස්නස් එක.

:       35       73

කටාර් මල්ලි Friday, 19 April 2019 09:49 PM

රියාල් කෝටි 870 ? රියාල් කෝටි 870 × 48 = රුපියල් කෝටි 41760

:       0       0

lankaputha Saturday, 20 April 2019 05:36 AM

තවත් මුස්ලිම් අධ්‍යාපන ඒකකයක් අරඹන්න කියන්නේ පස්සේ... ඔලුවිල් වගේ..

:       29       2

nabeel Saturday, 20 April 2019 09:42 AM

ප්‍රියන්ත මහතාගේ දැනගැනීම පිණිසයි. සෞදි අරාබිය පොලිය මත ණය ලබාදෙන්නේ නැත.

:       0       8

NuwanSaturday, 20 April 2019 01:00 PM

ලොව වෙනත් රටවල් සහ සංවිධාන ගැන අපේ ලින් මැඩි ප්‍රියන්ත වගේ අය දන්නා කෙහෙල් මලක් නැහැ..

:       0       24

Jaya Sunday, 21 April 2019 05:35 AM

නරක වැඩ සීයක් කරලා ඒවා සල්ලි වලින් වහගන්න එක හොඳ වැඩක් කලාම පුරාජේරු දොඩවනවා. නරක වැඩ ගැන වචනයක් කතා කරන්නේ නෑ.. මේ සෞදිය මුස්ලිම් ලෝකයම විනාස කරපු ඇමෙරිකන්කාරයොත් එක්ක එකතුවෙලා අදටත් යේමනයේ, සිරියාවේ, ඉරාකයේ, පලස්තීනයේ දහස් ගණන් ළමුන්, මිනිසුන් මරදානවා. මෙහෙ අන්ධ මෝඩ මිනිස්සු ආවඩනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 90 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 690 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 566 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 525 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 268 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 713 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site