( තිළිණි ද සිල්වා )
සෞදියේ නව කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය අහමද් බින් අබ්දුල් අසීස් අල් රායිහි මහතාට ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණෙන්නැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා ආරාධනා කළේය.
දෙරට අතර ද්විපාර්ශවීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ශ්‍රී ලංකා තානාපතිවරයා එහිදී සෞදි නව අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
අහමද් බින් අබ්දුල් අසීස් අල් රාජ් මහතා නව අමාත්‍ය තනතුරට පත්වීමෙන් පසුව ඔහුව බැහැදැකීමට ශ්‍රී ලංකා තානාපතිවරයා ඉකුත්දා ගිය අතර එහිදී මෙම ආරාධනය කර ඇත.
ඉතා සුහද ලෙසින් පැවති මෙම හමුවේදී ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් පිළිබඳව ආදී දෙරටට වැදගත් මාතෘකා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා විය.
විශේෂයෙන් ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය, සංක්‍රමණික සේවකයන් සඳහා සුභසාධක පහසුකම්, කම්කරු උසාවිවලට අදාළ කරුණු සහ ඉදිරියේ පැවැත්වෙන දෙරට අතර තුන්වැනි ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීමේදී ඔවුන් දෙදෙනා අතර අත්සන් තැබූ ගෘහ සේවක බඳවා ගැනීමේ ගිවිසුමේ 6 වැනි වගන්තියට අනුව ඒවා ඇතුළත් විය.
ඉකුත් ජූනි මාසයේදී කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යවරයා ලෙස අබ්දුල්අසීස් අල් රාජිහි මහතා පත් කළ අතර ශ්‍රී ලංකා තානාපති තසීම් මහතා සෞදි අමාත්‍යවරයා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
මෙම අවස්ථාවට අන්තර්ජාතික කටයුතු පිළිබඳ උප ලේකම් ආචාර්ය අබ්දුල් අසීස් සුලෙයිමාන් අල් අමර් මහතා සහ කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂන යසිරි හමූද් අල් ඔටාබි මහතා ද එක්ව සිටියේය.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞදි රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ අමාත්‍ය උපදේශක මධුක වික්‍රමාරච්චි , කම්කරු අංශයේ ප්‍රධානී කේ.කේ. දුමින්ද සහ ප්‍රදූත සේවා නිලධාරී ඒ.එම්.ජබීර් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෞදි නව කම්කරු ඇමැතිට ලංකා සෞදි තානාපතිගෙන් ඇරැයුමක්