IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සෞදි ගිහින් නොදන්නා ලියැවිලිවලට අත්සන් නොතබන්නැයි ඉල්ලීමක්

විනීතා එම් ගමගේ
 
සවුදි අරාබියේ දී යම් ලේඛනයකට අස්සන් කිරීමට සිදුවුවහොත් එහි සඳහන්ව ඇත්තේ මොනවාදැයි විමසා බලා තහවුරු කර ගත හැකි නම් පමණක් අත්සන් කරන්නැයි විදේශ රැකියා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා එරට සේවය කරන හා එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අද (25) ඉල්ලීමක් කළේය. 
 
නොතේරෙන භාෂාවකින් ලියන ලද්දක සඳහන්ව ඇත්තේ කුමක්දැයි තහවුරු නොවන්නේ නම් කිසිසේතම අස්සන් නොකරන්නැයි තමන් ඉල්ලා සිටින බවත්, එසේ නොදන්නා ලියවිල්ලකට අස්සන් කළ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු අමාරුවේ වැටී ඇති අයුරු පසුගිය දිනවල එහි ගිය අවස්ථාවේ දුටු බවත් හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේය.
 
අධීක්ෂණ මන්ත‍්‍රීවරයා පැවසූ පරිදි එම සේවක පිරිස මුහුණ දී ඇති සිද්ධිය මෙසේය.  
 
රියාල් 1500 ක වැටුපට එරට සමාගමක සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු ඔවුන්ගේ හාම්පුතුගේ ඉල්ලීම මත යම් ලියවිල්ලකට අත්සන් කර ඇති අතර එහි සඳහන්ව තිබී ඇත්තේ රියාල්  8000 ක වැටුපට සේවය කරන බවකි. 
 
එකී ලිපියට අස්සන් ලබා ගත් පසුව මෙම හාම්පුතා විසින් වාරික ගෙවීමේ ක‍්‍රමයට වාහන කිහිපයක් ලබාගෙන ඇත්තේ මෙම සේවකයින් ගේ නමිනි. ඒ සඳහාද ලියකියවිලි සඳහා මෙම සේවක පිරිස අස්සන් කර ඇත.  එම වාහන කුලී පදනම මත වාහන ලබා දෙන ව්‍යාපාරයකට යොදවා ඇති මෙම තැනැත්තා වාහන සඳහා ගෙවිය යුතු වාරික ගෙවීම පැහැර හැර ඇත. 
 
මේ වනවිට විශාල මුදලක් ගෙවිය යුතුව ඇතත් දිගටම එම ගෙවීම් පැහැර හැර ඇති නිසා අදාල ලීසිං සමාගම් මෙම සේවක පිරිස පස්සේ පැන්නීමට පටන් ගෙන ඇති අතර තමන් අස්සන් කර ඇති ලියවිල්ල කුමක් දැයි ඔවුන් වටහා ගෙන ඇත්තේ එයින් පසුවය. 
 
මේ වනවිට ඔවුන්ට රැකියාව ද නැත. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ද හැකියාවක් නැත්තේ ඔවුන් රටට ඇතුල් වන විට ආගමන විගමන අංශයට ඇඟිලි සළකුණු ලබාදෙන බැවිනි. යළි පිටවීමට උත්සාහ කළ හොත් ඔවුන් ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට පත් වන බැවින් රටින් පිටවීමට ද නොහැකිය.

මේ තත්ත්වය යටතේ මෙම සේවක පිරිස අපරාධකරුවන් බවට පත්වී ඇති බවත් ඔවුන් බේරාගැනීමට තානාපති කාර්යාලය විශාල උත්සාහයක් දරමින් සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙක්ටර් අප්පුහාමි මහතා මේ අදහස් පළ කළේය.



අදහස් (4)

සෞදි ගිහින් නොදන්නා ලියැවිලිවලට අත්සන් නොතබන්නැයි ඉල්ලීමක්

sajith Monday, 25 March 2019 12:48 PM

අපේ සහෝදර සහෝදරියන්ට අරාබිකරයේ බැල මෙහෙවරකම් කරන්නට යන්නට සිදුවුයේ ජාතියේ පවට. මෙවැනි අතවරයට පත් පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගන්නට තානාපති කාර්යාලය ගන්නා උත්සාහය ප්‍රසංශනීයයි.

:       0       56

damitha Monday, 25 March 2019 02:00 PM

ඔය වගේ පැහැදිලි නැති ලියවිලිවලට, හිස් තැන් තියලා බැංකු නිලධාරියෝ අත්සන් ගන්නවා... කිසියම් ආකාරයක බලපෑමක් කරොත් හොදයි මහා බැංකුව මගින් ...

:       0       38

Herath Tuesday, 26 March 2019 01:08 AM

අපේ ඔප්පු ලිවනකොටත් අත්සන් කරන්නේ හිස් කොලවලට..

:       0       2

Gbase Tuesday, 26 March 2019 02:54 AM

මුල්‍ය ආයතන තම පරිභෝගිකයව තහවුරු කර නොගෙනීම පුදුම සහගත වේ

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 223 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 243 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 260 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 541 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 463 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1919 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site