(ඩබ්.ඒ පියතිලක)
පවතින වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය මත සෝමාවතිය පුද බිම අඩි තුනක් පමණ ජලයෙන් යට වී ඇති බව සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි පැවැසූහ.
සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි මහනුවර සිට පැමිණ ගංවතුරට කොටු වී සෝමාවතිය පුද බිමේ සිටින ස්වාමින් වහන්සේලා සහ සේවකයින් සඳහා අවශ්‍ය ආහාර පාන බෝට්ටු මගින් රැගෙන යෑමට කටයුතු කළහ.
සෝමාවතිය පුදබිමට යන මාර්ගයේ කිලෝ මීටර් තුනක පමණ දුරක් අඩි හයක පමණ ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටව පවති.
පුදබිම වෙත ආහාර පාන සහ සියලු ගමන් බිමන් යුද හමුදාව , පුලස්තිපුර පොලිසිය සහ ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබයි.
වෙනදා මෙන්ම සෝමාවතිය චෛත්‍ය වෙත බුද්ධ පුජාව ඇතුළු සියලුම පුද සත්කාර නොකඩවා සිදු කරන බවත් පවතින ගංවතුර තත්ත්වය දින කිපයකින් පහව ගිය පසු නැවැත බැතිමැතුන් වෙනුවෙන් සෝමාවතිය චෛත්‍ය වැද පුදා ගැනීමට විවෘත කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සෝමාවතිය පුද බිමත් ජලයෙන් යටවෙයි
කුරුප්පු Friday, 06 December 2019 05:15 PM
නව ජනාධිපති කෙනෙක් ආවා විතරයි මොකද රටට මේ තරම් විපත්?
මුණසිංහSaturday, 07 December 2019 12:47 AM
යහපාලන ආණ්ඩුවේ පවු සෝදා හරිමින් තමයි ඉන්නේ..
AithSaturday, 07 December 2019 03:31 AM
මේක විපතක් නෙමෙයි! මෝඩයන් හේදිලා යන්න තමයි වහින්නේ...
suranjithSaturday, 07 December 2019 06:58 AM
අහිංසක මිනිසුන්ගේ සේසත ගහගෙන යන එක හා ඔවුන්ගේ ජීවිත පීඩාවට පත්වීම ඔබට පෙන්නේ පව් සෝදා යමක් ලෙසට නම් ඔබ කන්නේ මොනවද කියලා හිතා ගන්න පුළුවන්. මිනිසුන්ගේ දුකේදීත් ඔබ වැනි අය කරන්නේ දේශපාලුවන්ට කඩේ යාමයි රටටම අබ සරණයි
sanjeewaSaturday, 07 December 2019 05:13 AM
නව ජනාධිපති කෙනෙක් ආවට රටට කෙලවෙනකන් බලාගෙන ඉන්න කුහකයෝ ටික තවම ඉන්නවනේ... ඒ අය ඉන්නකන් මේ රට ගොඩ දාන එක ලේසි නෑ.
janahitha Sunday, 08 December 2019 06:49 AM
බැංකුව හිස් නොකළ හින්දද, බෝම්බ පිපිරෙන්නේ නැති හින්දද ඔහොම කියන්නේ? පහුගිය කාලේ ඔබතුමා බස්වල ගියේ නැහැ නේද එඩිතරකම හින්දාම...
wimal Saturday, 07 December 2019 04:54 AM
අපේ රටේ වාසනාවට කවදාවත් නැතිව එකවර මුළු ලංකාවටම වැස්සා. පසුගිය අවුරුදු 4ක තිබුණු විෂබීජ ඔක්කොම හේදිලා ගියා...
Buddika Saturday, 07 December 2019 05:52 AM
එක එක අයගේ කතා. වහින්නේ රටේ කාලගුණයේ බලපෑම නිසයි. ඒකට දේශපාලනය හෝ වාසනාව අදාළ වෙන්නේ නැහැ. හැබැයි ලංකාවට කල් වැසි වහින්නේ නැහැ කාලෙක ඉඳලා...
AnuraSaturday, 07 December 2019 03:42 PM
වහල්ලු පැරදිලා ඉන්න කාලේ නම් දේව සාප කියයි
Dilan Saturday, 07 December 2019 05:53 AM
කරදරයක්, ආපදාවක් වගේ පෙනුණට මේ වැස්ස අවශ්‍යයි. ඊළඟ වසරේ මේ කාලය දක්වාම ගොවිබිම් අස්වැද්දීමට අවශ්‍ය වැව් අමුණු, ගංගා වලට අවශ්‍ය ජලය සහ භූගත ජලය ලැබෙන්නේ මේ වර්ෂාව නිසා. වර්ෂ අවසානයේ ලැබෙන ඊසාන දිග මෝසම් වැස්සෙන් මේ ප්‍රදේශවල ඇතිවන ගංවතුර සාමාන්‍ය තත්වයක්...
Athula kSaturday, 07 December 2019 02:53 PM
ඒ විතරක් නොවෙයි පිටාර තැන්න වගාවට යොදාගෙන රොන් මඩවල පොහොර තමයි බිම සරු කරන්නේ. 1914 ලංකා මැනීම කරපු සුද්දෝ ලියපු වාර්තා බලනකොට එවකට හිටපු මිනිස්සු භූ විෂමතාවය අපූරුවට කළමනාකරණය කරපු හැටි පේනවා...
sandy Saturday, 07 December 2019 06:14 AM
අපේ හිත්වලට දේශපාලනය යාවී ඇති ආකාරය ඉහල අදහස් වලින් මොනවට පැහැදිලි වෙයි.
isurandi Saturday, 07 December 2019 09:56 AM
මේ වෙන ආපදාවන්ට තාවකාලික පැලැස්තර නැතුව දිගුකාලින සැලසුම් නැතිද? ස්වභාවධර්මයා විසින් දෙන දේ වැළකිය නොහැකිය. නමුත් පෙර සූදානමක් තියෙනවා නම් මෙව්වා අවම කරගන්න බැරිද? මොකද මේ පුදබිම දන්නා කියන කාලේ ඉඳලා වැස්සක් වැස්සොත් යටවෙන බව දන්නවනේ...
Champa Saturday, 07 December 2019 02:03 PM
හපොයි දෙයියනේ. මෛත්‍රී ජනාධිපති කාලේ වගේමයි. හැමදාම මරණ. ස්වභාවික විපත්. දැන් ඒ මදිවට පූජා නගරත් ජලයෙන් යටවෙනවා. ලංකාවට බලපාල තියෙන මේ තත්වය කවදා නැතිවෙයිද දන්නේ නැහැ.
helabima Sunday, 08 December 2019 06:53 AM
මේ වෙන ආපදාවන්ට තාවකාලික පැලැස්තර නැතුව දිගුකාලින සැලසුම් නැතිද? තියෙනවා ජාල මුලාශ්‍රය කඳුකරයේ රට මැද සමතලා කර මුහුද ගොඩ කිරීම තමා විසඳුම.. පාර්ලිමේන්තුවේ උගතුන් කියන්නේ, රත්නපුරයෙන් උඩරටට සීමිත දුරකින් මහා ජල කන්දක් පහළට වැටෙනවා. එතැන් සිට පහත්බිම් හරහා මුහුදට ගලාබසිනවා. සීමිත බෑවුමකින් දිග දුරකින් ඉතින් ඔක්කොම යටවෙනවා.