(බිඟුන් මේනක ගමගේ)
1990 සුව සැරිය පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ව්‍යාපෘතිය හරහා වසර තුනක කාලයේදී ජීවිත විසි දහසකට වඩා බේරාගත හැකි විණි යැයි ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
දුරකථන ඇමතුම් දස ලක්ෂ පනස් හත්දහස් පන්සිය එකකට අදාළව ගමන් වාර දෙලක්ෂ දස දහස් විසි තුනක් වෙනුවෙන් මේ යටතේ ගිලන් රථ පිටත් කර ඇතැයි ද හර්ෂ ද සිල්වා ඇමැතිවරයා සඳහන් කළේය.
හර්ෂ ද සිල්වා ඇමැතිවරයා මේ බව සඳහන් කළේ 1990 සුව සැරිය ව්‍යාපෘතිය වෙනුවෙන් දුරකථන ඇප් සේවාව හඳුන්වා දෙමින් රාජගිරිය සුවසැරිය මූලස්ථානයේ පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දීය රජයේ ඩොලර් මිලියන 7.5 ක මූල්‍ය ප්‍රදානයකින් 2016 ජූලි මාසයේ දී දකුණු පළාතේ නියමු ව්‍යාපෘතියක් හැටියට ආරම්භ කළ සුව සැරිය ගිලන් සේවය යටතේ මේ වනවිට ගිලන් රථ 297 ක් සේවයට යොදා ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
හඳුන්වා දෙන නව දුරකථන ඇප් සේවය මගින් සේවාලාභීන්ගේ තොරතුරු ඇමතුම ලබාගන්නා අවස්ථාවේම 1990 සේවයට ලැබෙන නිසා තප්පර 90 ක පමණ කාලයක් ඉතිරි වන්නේ යැයි කී හෙතෙම එය හෘද රෝගීන් වැනි හදිසි ප්‍රතිකාර අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ ජීවිතාරක්ෂාවට ඉමහත් සහනයක් වනු ඇතැයි අවධාරණය කළේය.
අදාළ ඇප් සේවය භාවිත කරන සේවාලාභින්ගේ නම හා ලිපිනය ඇමතුම ලබාගන්නා අවස්ථාවේදීම 1990 සේවයට වාර්තා වීම ඊට හේතුව යැයි ද හර්ෂ ද සිල්වා ඇමැතිවරයා සඳහන් කළේය.
සුව සැරිය ගිලන් රථ සේවාව අනතුරට පත් රෝගියකු කරා ළඟාවීමට ගත වන කාලයේ සාමාන්‍ය බස්නාහිර පළාතේ දී මිනිත්තු 8 ක් ද ඉන් පිටතදී මිනිත්තු 11 තප්පර 25 ක් යැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙය ඇමෙරිකාව, එංගලන්තය වැනි දියුණු රටවල පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාවල තත්ත්වයට ද වඩා ප්‍රගතියක් අත්පත් කරගැනීමක් යැයි ද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුව සැරියෙන් විසි දහසකට පණ දෙයි