ශ්‍රී ලාංකේය රංග මණ්ඩපය දශත්‍රොධික කාලයක් ස්වකීය අභිරංගනයෙන් ශෝභා සම්පන්න කළා වූ මාලිනී රණසිංහ විරචිත අපදාන ග්‍රන්ථය “සුප්පා දේවි කතා වස්තුව” එළිදැක්වීමේ උත්සවයක් මෙම මස 11 වැනි දින පස්වරු 3.30ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
ආචාර්ය ගුණදාස අමරසේකර මුලසුන හොබවන මෙහිදී සංක්‍ෂිප්ත දේශනය “සරච්චන්ද්‍ර සදාශ්‍ර ආවර්ජනා” මැයෙන් ආචාර්ය සරත් අමුණුගම විසින් ද, මුඛ්‍ය දේශනය “මාලිනී රණසිංහ රංග විලාස වෛචිත්‍ර්‍යය” මැයෙන් ජැක්සන් ඇන්තනී ද පවත්වනු ලබයි.
“සිංහබාහු” නාට්‍යයේ ජවනිකා කිහිපයක නර්තනාංග ඉදිරිපත් කරන මෙම උත්සවය බන්දුල නානායක්කාරවසම් මෙහෙයවනු ලබයි.
පුරා 31ක් වසරක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” නාට්‍යයේ සුප්පා දේවි චරිතය කරමින් ගිනස් වාර්තා පොතටද ගිය මාලිනී රණසිංහ මෙම උත්සවය වෙනුවෙන් ඕස්ටේ්‍රලියාවේ සිට මෙරටට පැමිණ සිටින්නීය. මෙවර ඇයගේ දියණිය වන ඕස්ටේ්‍රලියාවේ පදිංචි වෛද්‍යවරියක හා ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කාංචනමාලා රණසිංහ මෙරටදී “සුප්පා දේවි” චරිතය රඟපාමින් ලාංකීය කරළියට එක්වීම විශේෂත්වයකි. ඇයගේ පියාණන් වූ ටෙරන්ස් රණසිංහ ද “සිංහබාහු” නාට්‍යයේ පොතේ ගුරු චරිතය වසර 31ක් පුරා රඟපාමින් ගිනස් වාර්තා පොතටද එක් වූ ශිල්පියෙකි.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුප්පාදේවි කතා වස්තුව එළිදැක්ම 11 දා
Cisco Friday, 05 July 2019 06:51 AM
මට මෙතුමිය හොඳටම මතක අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ චරිතෙන්...