IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සැමියාට පිහියකින් ඇන මැරූ බිරිඳ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

කෝටිපති ව්‍යාපාරික සැමියාට නිවස තුළදී පපුවට පිහියකින් ඇන ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ නිවසින් එම ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ යම් ආරවුලක් හේතුවෙන් නිවසට පැමිණි පසු අඹූසැමියන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.

නිවසේ පහත මහලේ එම බහින් බස්වීම සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවට සිදුකළ මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි පොලිසිය පැවැසීය.

සැමියා තමාට බැන වදිමින් පහර දුන් බවත් එම අවස්ථාවේ සැමියාගෙන් බේරීමට අවස්ථාවක් නොතිබීම හේතුවෙන් මුලුතැන් ගෙයි තිබූ පිහියකින් පහරදුන් බවත් සැකකාර කාන්තාව ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඝාතනයට යොදා ගත් ලේ තැවරුණු උල් පිහියද සොයා ගත් බව පොලිසිය පැවැසීය.

 

 



අදහස් (15)

සැමියාට පිහියකින් ඇන මැරූ බිරිඳ අත්අඩංගුවට

ජයන්ත මිලානෝ Friday, 22 March 2019 02:28 PM

විහාරස්ථානයට දානය පිරිනමා කොපමණ බැති සිතකින් ගෙදර එන්න ඕනෑද? එහෙත් කොපමණ පිරිහීමකට බැතිමතුන් ලක්වෙලාද? මෙත් සිත කටින් විතරයි ක්‍රියාවෙන් නැහැ. සමහර හිමිවරු ඩෙගානටන විට දායකයන් ගැන කවර කතාද?

:       5       421

RaveendraFriday, 22 March 2019 04:12 PM

සහතික ඇත්ත..

:       366       515

sirimal Friday, 22 March 2019 02:45 PM

මැදින් පෝයට හොඳ පින්කමක්නේ කරගෙන තියෙන්නේ.

:       2       81

thusha Friday, 22 March 2019 03:43 PM

විහාරස්ථානයට පූජා කරපු දානේ වේලටත් මිනී මරාගන්නා, සැදැහැවත් මිනිසුන් ගැන අහන්නත් අප්පිරියයි.

:       0       76

Nihal Friday, 22 March 2019 05:42 PM

ඒකටත් භික්ෂූන් වහන්සේලාගේ වරදක්ද? මෙහෙමවත් මේ රට තියන්නේ භික්ෂුව නිසයි, නැත්නම් මේක පරංගි ඉතුරු ටිකත් වනසල යන්නේ. මේ වගේ සිද්දි වෙන්නේ සමහරු බණ අහනවා විතරයි. ක්‍රියාවෙන් නැති නිසා වෙන්න ඕනේ...

:       324       587

Ravendra Friday, 22 March 2019 05:50 PM

දුන්දේ සුවඳයි.. කෑ දෙය ගඳයි යන කියමන මතකයට නැගෙනවා..

:       0       50

Raveendra Friday, 22 March 2019 06:22 PM

පින්කම් කලත් සිත් පිරිසිදු නැතුවානේ... පින්කම් කරන්නෙත් ප්‍රසිද්ධිය තකාමනේ.. නිවසට පැමිණි වියදම ගැන සිතනවනේ.. කෝටිපතියෝ වුනු අපි මසුරන් වුනානේ..

:       61       71

Jehaan Friday, 22 March 2019 07:48 PM

දානයකුත් තිබුනා, ඇති හැකි නිවසක ඒ වෙලාවේ සිද්ධිය සිදු වෙනකොට කවුරුත් හිටියේ නැතිලු. අනේ මන්දා අපේ ගෙවල් වල නම් ඔහොම අවස්තාවක උදව්වට පැමිණි නෑදෑයන් හෝ අඩු වශයෙන් අසල්වැසියෙකුවත් ඉන්නවා. පුදුමයි පිහියෙන් අනින්කන් මේ රණ්ඩු දුර දිග යනවා ඔය ගෙදර සිටි කාටවත් ඇහුනේ නැහැ කියන එක. සමහරවිට ගෙදර බකිංහම් මාලිගය වගේ ඒ කොනේ සිට අනෙක් කොනට සැතපුම් ගානක් දිග එකක් වෙන්න ඇති.

:       15       107

RuwanSaturday, 23 March 2019 07:21 AM

කියවලා බලලා අදහස් දාන්න.. ගෙදරින් දානෙ ගෙනිච්චා කියලනෙ තියෙන්නෙ...

:       0       34

JehaanSunday, 24 March 2019 01:36 AM

පන්සලට ගෙනියන්න ගෙදරින් පිලියල කරද්දී වුනත් ඊට සහභාගී වෙන්න පිටින් එක්කෙනෙක් දෙන්නෙක් වත් එන්නේ නැද්ද. එළවළුවක් ව්‍යාංජනයක් උයාගෙන නැති නම් පිරිකරක් අරගෙන කෙනෙක් දානෙට සහභාගී වෙන්න ගෙදරට ඇවිල්ලාම නැද්ද. පොහොසත් තැනක් නම් කුස්සියේ උදව්වට කෙනෙකු නැහැ කියලා හිතන්න පුලුවන්ද. කෝටිපති ගෙදරක තනියම වෙසෙන අඹුසැමි යුවලක් තනියම දානය හදා ගෙන පන්සලකට ගෙනිහින්???

:       1       4

sandy123 Saturday, 23 March 2019 08:26 AM

මිනිස් සිත් දුෂ්‍ය වෙලා තියන තරම්?

:       0       4

rocky Sunday, 24 March 2019 02:46 AM

මුස්ලිම් ආගමේ වගේ ගැහැනුන්ට පන්සලට යාම තහනම් කිරීම සුදුසුයි!

:       71       3

Uditha - London Sunday, 24 March 2019 05:49 AM

මේක ඔවුන්ගේ පෙර සංසාරේ ගෙන ආ කාර්මය... ඔය අඹු සැමියෝ ලබන ආත්මෙදිවත් හොදින් ජීවත් වෙන්න බලන්න... සැමියා පලි ගැනීමේ චේතනාවෙන් මෙරුන නම් ඔය දෙන්න ලබන ආත්මෙදිත් මුණ ගැහෙනවා

:       1       4

Sarasi Sunday, 24 March 2019 06:57 AM

ගැහැණු අපි මොකටද මෙච්චර කරදර වෙන්නේ? දන්ත ධාතුවේ සිට ශ්‍රීමහා බෝධිය දක්වා වඩම්මන්න හොඳයි හැබැයි පන්සල් තහනම් .?

:       1       4

එම්.කේ.ජී.උපාලි Monday, 25 March 2019 10:00 AM

අනිවාර්යයෙන්ම මේකට හේතුව ඔය පවුලට එබෙන තුන්වැනියෙක් විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 726 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 138 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 946 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 972 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1299 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1162 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site