IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


සාෆි ගැන පරීක්ෂණයක් කරන්නැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දන්වයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නිසි අයුරින් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව දන්වා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ඇතුළු නීතිඥයින් පිරිසක් මෙන්ම එලෙස අගතියට පත් පිරිස් ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම කොමිසම වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යොමුකරන ලද ලිපියක් අනුව විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාට ඒ බව දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඕ.පී ලක්ෂ්මන් මහතා වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කරන ලද එම ලිපියේ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය යටතේ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර එම විමර්ශන කටයුතු සිදුකරන ලෙසද දන්වා ඇතැයි පැවාසේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සිදු කෙරුණ සැත්කම්වලදී මව්වරුන් වද භාවයට පත් කළැයි කියන සිද්ධියකට වෛද්‍ය සාෆි 1978 අංක 49 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉකුත් මැයි මස 27 අත් අඩංගුවට ගත් අතර ඉකුත් 11 වැනිදින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුය මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.



අදහස් (17)

සාෆි ගැන පරීක්ෂණයක් කරන්නැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දන්වයි

Saman Thursday, 18 July 2019 12:11 AM

එතකොට සීඅයිඩි එක කරන්නේ බොරුද.? ඒක පොලිසියට අයත් නැද්ද.?

:       4       274

jayath Thursday, 18 July 2019 02:48 AM

මේ නාටකයත් ඡන්දය වෙනකම් ඇදේවි. දැන් බලන්න ඔක්කොම නිදහස් කව්රුවත් වැරදි කාරයෝ නෙවිලු.. අහිංසක පූස් පැටවුන්ට මේ නිස්කාරනේ මඩ ගහනවා. මෙයත් නිදහස් වේවි. (මෙයා ගැන විද්‍යාත්මකව වෙනම කියවීමක්, ලොකු කතන්දරයක් තියනවා... ඒක වෙනයි) අන්තිමට ඔන්න බලන්න සහරානුත් නිදහස් මිනිහ නෙවෙයි කියාවි බෝම්බකරු...!

:       103       65

Amin Thursday, 18 July 2019 03:28 AM

අනේ මේවා බොරුචෝදනා කවදාවත් මුස්ලිම් කෙනෙක් මේවගේ වැඩක් කරන්නේ නැහැ. ඔවුන් හරිම මානව හිතවාදීන් පිරිසක්...දැන්වත් සහජීවනය හොඳට හඳුනන ජාතියක්...

:       231       244

AsankaThursday, 18 July 2019 06:24 AM

සහතික ඇත්ත දැක්කනේ අර අඩු වයසින් බලහත්කාරයෙන් කසාද බැඳලා දුන්න මුස්ලිම් කාන්තාවන් කීපදෙනෙක් ඔවුන්ට කාති උසාවි කියල අමුතු උසාවියකින් දුන්න දඩුවම් ගැන මාධ්‍යවලට ප්‍රකාශ කළා. එම සිද්ධිවලදී මුස්ලිම් සමාජය එම දරුවෝ ඉන්න කාන්තාවන්ව සහජීවනේ කෙසේවෙතත් ගණිකාවන් කියලා හෙලා දැකපු හැටි දැක්කා... එහෙනම් සිංහල අම්මලාට අායෙ කොහේ සාධාරණයක් වෙන්නද? හීන තමයි.

:       122       99

සේන Thursday, 18 July 2019 05:41 AM

අහෝ සී.අයි.ඩී. එකත් පිරිහුණා. ඔවුනුත් මුදලට හෝ බලයට යටවුණා. දිනෙක ඔවුන්ට මේ සියල්ල හෙලිකර දඬුවම් විඳින්නට වේවි. උතුරන තෙක් දිය සැළියේ.., කකුළුවා සැපයක් යයි දිය කෙළියේ...

:       29       40

nisar Thursday, 18 July 2019 06:05 AM

සැත්කම් නෙවෙයි, වඳ පෙති දීලාද කියලා පරීක්ෂණයක් කරන්න.

:       13       15

Hafeel Thursday, 18 July 2019 07:25 AM

මේක නම් ඉතා අසාධාරණයක්. දැන් මේ සිද්ධිය දේශපාලන වාසියට හරවා ගැන. මේ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජවිපෙ මන්ත්‍රීවරු හැර අනිත් මන්ත්‍රීලාගේ දරුවන් (පක්ෂ භේදයෙන් තොරව) ඉගෙන ගන්නේ කොළඹ සුපිරි පාසල්වල... ඔවුන්ගේ දරුවන් කොහොමටත් ඔවුන් ඡන්ද ඉල්ලන්න ගමේ පාසල්වල නොවේ ඉගෙන ගන්නෙත්... රටේ සාමාන්‍ය මිනිස්සු මේවා දැනගත යුතුයි. අධිකරණයට පිටේ සෙනඟ රැස්වුණු පලියට ඇපදීම ප්‍රතික්ෂේප කරනවා නම්, රටේ නීතියක් මොනවටද? අද යුද්ධය අවසන් වෙලා අවුරුදු දහයක් ගත වෙලත්, තාමත් මේ රටට ජාත්‍යන්තරයෙන් නොයකුත් බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මුස්ලිම් ජන සමාජයට දිගින් දිගටම මෙවැනි අසාධාරණ සිදුවුණත්, අනාගතයේ ජාත්‍යන්තරයෙන් තවත් අරබුදවලට මුහුණ දෙන්න සිදු වේවි. එහම වුණොත්, අපිට කවදාවත් ගොඩ වෙන්නත් බැහැ.. දියුණු වෙන්නත් බැහැ. අපේ අනාගත පරපුරට කරන හානියක්... ඔවුන් හිතං ඉන්නේ මේක ලොකු හපන්කමක් කියලයි...

:       49       64

AasiirThursday, 18 July 2019 08:28 AM

අනේ හලෝ මේ සිද්ධියේදී විතරද ඔහොම පේන්නේ...? අර මුස්ලිම් අයගේ විවාහ නීති සංශෝධනය කරන පනත සම්මත කරන්න හදනකොට ඔහෙලගේ මව්ලවිලා උද්ඝෝෂණය කරලා ඒක වැළැක්වුවා. එතකොට ඔහොම හිතුණේ නැතිද? කබරගොයා, තලගොයා...

:       28       41

රවීThursday, 18 July 2019 08:39 AM

අසාධාරණය සිදුවෙලා තියෙන්නේ සිංහල මව්වරුන් දහස් ගණනකට මිසක් මොහුට නොවේ. මොහුගේ ළමයිනුත් යන්නේ සිංහල බෞද්ධ පාසල්වලට... ඉතින් ඔහුට සිංහල මිනිසුන් කිසි වෙනසක් නොකර සලකලා තියෙනවා. ඒත් මොහු? සිංහල මව්වරුන්ට ඉතා නොසැලකිලිමත් ලෙස සැත්කම් කරා විතරක් නෙමේ ඔවුන්ට දරුවන් නැවත් නොලැබෙන්නට වැඩකරලා. ඉතිහාසයේ කිසිදිනෙක සිදු නොවූ ඉතා අමනුස්ස ක්‍රියාවක්. එක මවක් පැමිණිලි කළානම් නොසලකා ඉන්න තිබුණා. එහෙත් අටසිය ගණනක්? ඒක ඉතාම අසාමාන්‍ය දෙයක්. මුස්ලිම් ජන සමාජයට නොවේ... දිගින් දිගටම මෙවැනි අහස පොළව නුහුලන අසාධාරණකම් අපරාධ සිදුවෙලා තියෙන්නේ සිංහල ජන සමාජයට. ඒ හිත හොඳ වැඩිනිසා...

:       69       34

Hafeel Thursday, 18 July 2019 12:07 PM

එතුමා සමග වැඩ කල වෛද්‍යවරු සහ හෙදී නිලධාරිනුත් කියා තියන්නේ එහෙම වෙලා නැහැ කියල. දැන් මාස දෙකක් ගත වෙලත් තාම එක මවකට හෝ බැරිවුනා වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න.

:       0       0

NanaThursday, 18 July 2019 09:11 AM

මුස්ලිම් අය ගැන ඇති සැකය නැති කරන්න.. තව පරීක්ෂණ සිදුකිරීමේ වැරැද්ද මොකක්ද? මුස්ලිම් ආගමේ අනෙක් ආගමිකයන් පහත් කිරීමත් ඔවුන්ව විනාශ කිරීමත් කියලා නැද්ද..?

:       100       32

Hafeel Thursday, 18 July 2019 12:02 PM

එහෙම කොතනකවත් සඳහන් වෙලා නැහැ. එහෙම තියනවනං, කරුණාකරලා ඔප්පු කරන්න. එහෙම ඔබ ඔප්පු කලානම්, මම වගකීමෙන් කියන්නේ ඉස්ලාම් ආගමට විරුද්ධව කටයුතු කරන බව.

:       0       0

ශිරෝ Thursday, 18 July 2019 08:13 AM

පටු අරමුණුවලින් ඉවත්වෙලා මේ සිදුවීම දෙස පුලුල්ව සිතා බලන්න. ලංකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් වෛද්‍යවරුන් සිටිනවා. අපේ මිනිස්සු කිසිදු භේධයකින් තොරව එම වෛද්‍යවරුන් වෙත යනවා. 30 වසරක යුද්ධයක් තිබුණත් කිසිදු දෙමළ වෛද්‍යවරයකුට එරෙහිව මෙවැනි චෝදනාවක් මිනිසුන්ගෙන් එල්ල වුනේ නෑ. අදටත් මිනිස්සු සමහර මුස්ලිම් වෛද්‍යවරුන් වෙත යනවා. මුස්ලිම් ජාතික ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. ඔවුන්ට එරෙහිව කවුරුත් චෝදනා කර නෑ. නමුත් මෙම වෛද්‍යවරයා ක්‍රියා කලාපය ටිකක් වෙනස් බවයි පෙන්නන්නේ. ඔහු තවමත් තරුණ වෛද්‍යවරයෙක්. විශේෂඥ වෛද්‍යවරයකුත් නොවේ. එහෙත් ඔහු සිසේරියන් සැත්කම් 4000ක් පමණ කර තිබෙනවා. (ඔබට මතක ඇති, බොහෝ අය සිතුවේ වෛද්‍යවරයකුට ජීවිත කාලෙදීවත් මෙතරම් සිසේරියන් සැත්කම් කිරීමට අවස්ථාවක් නැති බවයි.) සිසේරියන් සැත්කම් සඳහා ඔහුගේ උනන්දුව හා දක්ෂතාවය ගැන සැකයක් නෑ. සාමාන්‍යයෙන් මවක් ඉල්ලා සිටියත් හොඳ වෛද්‍යවරයෙක් මවක සිසේරියන් සැත්කමක් සඳහා යොමුකරන්නේ නැහැ ප්‍රසූතිය සදහා විශේෂ ගැටලුවක් නොමැති නම්... නමුත් මෙම වෛද්‍යවරයා වෙනස් විදියකටයි ක්‍රියාකරලා තියෙන්නේ...

:       19       34

ශිරෝ Thursday, 18 July 2019 08:14 AM

සිසේරියන් සැත්කම් සඳහා විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර නොතිබූ මවුවරුන්ට පවා මෙම වෛද්‍යවරයා හදිසියේ සිසේරියන් සැත්කම කර ඇතිබව වාර්තාවෙලා තිබුණා. ප්‍රසූතියට සුදානම් කළ මවක් ඒ අතරතුර මතුවූ සංකූලතාවයක් නිසා එවන් හදිසි සැත්කමකට භාජනය කරන්න වෙනවා වෙන්න පුළුවන්... නමුත් මෙතන බොහෝවිට සිදුවී තිබෙන්නේ.. එහෙම දෙයක් නොවන් බව පෙනෙන නිසා... එතනත් ගැටලුවක් මතුවෙනවා. වෛද්‍යවරයකුට සියලු රෝගීන් එක හා සමානයි. ජාති, ආගම් බේද වෘත්තීය වගකීම් අතරතුරදී සලකන්න බෑ. එසේ නොවන ලෙස ක්‍රියා කරයි නම් එය වෛද්‍ය වෘත්තීය සාරධර්මවලට පටහැනියි (ethics). නමුත් මෙම වෛද්‍යවරයා මුස්ලිම් මව්වරුන්ට ඉතා සැලකිලිමත් ලෙසත් එසේ නොවන මව්වරුන්ට නොසැලකිලිමත් ලෙසත් සලකා තිබෙන බව සාක්ෂි වලින් පේනවා. ඔහු වෘත්තීය සාරධර්ම කඩ කර තිබෙන බවයි එයින් පෙනෙන්නේ. ethics violate කරන අයකුට එම වෘත්තීය තුල තව දුරටත් රැඳීසිටින්නට බැහැ. ඔහු හෝ ඇය එම වෘත්තියෙන් පහකළ යුතු බවයි ලෝක සම්මතය. එසේනම් එතැනදීත් ඔහු පිළිබඳ ගැටලුවක් තියෙනවා.

:       65       71

ශිරො Thursday, 18 July 2019 08:23 AM

වෘත්තීය සාරධර්ම කඩකර තිබෙනවා. එසේනම් එතැනදීත් ඔහු පිළිබඳ ගැටලුවක් තියෙනවා. දරුවකු පිළිසිඳ ගැනීම සංකීර්ණ ක්‍රියාවලියක්. මව හා පියාගේ බීජයන් හොඳ තත්වයේ තිබුණත් පිලිසිද ගැනීම සිදුවන පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ සුලු හෝ දෝෂයක් ඇති උවහොත් එය සිදුවන්නේ නෑ. අතිශය සියුම් එහි කරන ඉතා සුලු වෙනසකින් ප්‍රජනන පද්ධතියට හානිවෙන්න පුලුවන්... හානි වීම පහසු වුවත් හානි හඳුනා ගැනීම පහසු නොවෙන්න පුලුවන්. දරුවෙකු වෙනුවෙන් ගර්භාශය විවෘත කර වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් බව නිසා හෝ සිතාමතා හෝ ප්‍රජනන පද්ධතියට හානි වී දරුවන් වදන්නට නොහැකිව දුක් විඳින මවක් නැවත නැවතත් පරීක්ෂණ සඳහා පැලෝපීය නාල පෙන්නන්නට ඒවි යයි සිතන්නට අමාරුයි. එහින් ඇයට සිදුවන යහපත කුමක්ද? ඇයට තව දරුවන් ලැබේවිද? ඇය තව දුරටත් රෝගී වේ යැයි බියට පත් වේවි. ඒ නිසා මවුවරුන්ට පරීක්ශණ සදහා ඉදිරිපත් වන්නයැයි බලකරන්න බෑ. මෙම පසුබිම තුල පැලෝපීය නාල පරීක්ෂණ සිදුනොකරන්නේ නම් මෙම වෛද්‍යවරයා නිදහස් කරන්න යැයි කිසිවකුට කියන්න බෑ. මොහුට විරුද්ධව මව්වරුන් දහසක් පමණ පැමිණිලි කර ඇත්නම් එය ඉතාම බරපතල චෝදනාවක්..වෘත්තීය තුළ මොහුගේ හැසිරීම ගැනත් බලනවිට...

:       83       96

shiro Thursday, 18 July 2019 08:24 AM

මෙය ඉතාම බරපතල අසිරූ හා සංකීර්ණ සිදුවීමක්... ලෝකයෙන්වත් නීති වෘත්තිකයින්ට උදාහරණ නැතුව ඇති තීන්දු තීරණ ගැනීම සඳහා අධ්‍යයන කිරීමට. ඒ නිසා සරලව සිතා ඇප ලබාදී නිදොස් කොට නිදහස් කළ හැකිද..?

:       29       52

Aruna Thursday, 18 July 2019 04:31 PM

දැන් ගොඩක් අය දන්නවා මේ ප්‍රශ්නය වෙන පැත්තකින් යන බව. අදෘශ්‍යමාන හස්තයන් ගොඩක් ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලික පලිගැනීම්, දේශපාලන පලිගැනීම්, වෘත්තීය පලිගැනීම්, ආගමික පලිගැනීම් යන ගොඩක් දේවල් මේ ප්‍රශ්නය ඇතුලේ තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 979 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 381 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 829 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 811 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 316 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 502 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1429 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site