(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ අඩංගු බහාලුම් (කන්ටේනර් ) ගෙන්වූ අයට එරෙහිව වහාම නඩු පවරන්නැයි අභියාචනාධිකරණය අද (14) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
එසේම එම සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ අඩංගු බහාලුම් ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයිද අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට අද (14) නියෝග කළේය.
මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රයේ ගොනු කළ රිට් පෙත්සම් විභාගය අවසන් කරමින් අභියාචනාධිකරණය මේ බව දැනුම් දෙන ලදී.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ කැඳවිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, රේගු අධ්යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි. ජීව විද්‍යා උපාධිධරයෙකි. සායනික අපද්‍රව්‍ය, ඉවතලන ප්ලාස්ටික්, මෙට්ට ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසළ මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය.මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම , ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.
මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාර ලැබී නොමැත.
එබැවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසළ ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , මෙවැනි විදෙස් කැළි කසළ ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.
පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සායනිත අපද්‍රව්‍ය බහාලුම් ගෙන්වූවන්නට නඩු පවරන්නැයි නීතිපතිට දන්වයි