(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මහජන රැළියකදී සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාව පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කිළේය.
එම පෙත්සම එල්.ටී.බී.දෙහිදෙණිය , එස්.තුරෙයිරාජා සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නීතිමය පදනමක් නොමැති බව වගඋත්තරකාර පාර්ශ්වයෙන් මීට පෙර අධිකරණයට මූලික විරෝධතාවක් ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මෙලෙස කල් තබන ලදී.
ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර, ප්‍රශාන්ත ගුණවර්ධන සහ මහාචාර්ය හේවා වඩුගේ සිරිල් යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස තුන්වනදා මරදාන ප්‍රදේශයේ පැවති මහජන රැළියකදී කරුණු දැක්වූ හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව දැක්වූ අදහස් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.
එමෙන්ම ඉකුත් ඔක්තෝබර් මස 18 වැනදා ද පුවත්පතකින්ද ඔහු මේ ආකාරයේ අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බවද පෙත්සම්වලට සඳහන් වෙයි.
එම ප්‍රකාශ තුළින් අධිකරණය හමුවේ පවතින කරුණක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා අදහස් පළ කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම ප්‍රකාශය තුළින් අගවිනිසුරුවරයා අපහාසයක් සිදු කර ඇති බවද චෝදනා කළේය.
හිටපු අගවිනිසුරුවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සරත් එන්.සිල්වාට එරෙහි පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් තබයි