ජාතික තවුහීද් ජමාත් ත්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයකුට රුපියල් ලක්‍ෂ 50ක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අනුමැතිය ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් තමා ලබාදුන් තොරතුරු අනුව පුපුරන ද්‍රව්‍ය බෝම්බ සෑදීමට ගන්නා යකඩ බෝල රසායනික ද්‍රව්‍ය පිරවූ කෑන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්ත ද තමා සම්බන්ධයෙන් මෙතෙක් ඇගයීමක් සිදු නොවූ බව මෙම පුද්ගලයා පසුගිය දිනක විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබූ හඬපටයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට ලක්වී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත කළ දැනුම්දීම අනුව ඔහු මෙම මුදල ගෙවීමට අනුමැතිය ලබාදුන් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඉකුත් අප්‍රේල් 26වැනි දින ලබාදුන් තොරතුරු දෙකින් පොලිසියට හා යුද හමුදාවට සෙල්ගල් ග්‍රාමයේ නිවස හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පුපුරන ද්‍රව්‍ය සොයගෙන තිබුණි.
මොහු ලබාදුන් සාර්ථක තොරතුරු දෙකෙන් එක් තොරතුරකට රුපියල් ලක්‍ෂ 25 බැගින් රුපියල් ලක්‍ෂ 50ක මුදල අනුමත වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම මුදල පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයකුට මෙතෙක් ලබාදුන් වැඩිම පොලිස් ත්‍යාග මුදල බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සමන්තුරේ පුපුරන ද්‍රව්‍ය ගබඩාව ගැන හෙළිකළ ඔත්තුකරුට ලක්ෂ 50 ක්
ravi Wednesday, 24 July 2019 07:16 AM
අති විශිෂ්ට ත්‍යාගයක් ! මේ එක්කම .. අපේ රටේ හැම කෙනෙකුටම " රහස් පොලීසියට " රහසේ තම රාජකාරිය ඉෂ්ට කර දැනුවත් වීමටද වරමක් ලැබී ඇත !
ravi Wednesday, 24 July 2019 11:50 AM
එතකොට අර, දැනගෙනත් කියපු නැති අයට දෙන තෑග්ග මොකද්ද?