(මනෝප්රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම්වලින් රුපියල් කෝටි 44හමාරකට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) තීරණය කළේය.
මෙම නඩුව ලබන වසරේ පෙබරවාරී මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා දින හතරක් විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ සාක්කිකරුවන් 5 දෙනෙකුට ඒ දිනවල අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොළඹදී නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් 445,111,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක්‍රියාකාරකම්වලින් එම මුදල් උපයා ගත් බව දැනදැනම ඉන් රුපියල් 306,268,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම්වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා ඇත.
සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතීවිරෝධී ක්‍රියාකාරකම්වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම ස`දහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
14 වැනි පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්යක්ෂධුරවලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරූ කළ බව විත්තිකරු සඳහන් කළත් විත්තිකරු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් අනතුරුවද අදාළ ව්‍යාපාරයන්හි මෙහෙයුම් කටයුතුවල සක්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 07 ක් උපයෝගි කරගනිමින් සැකකටයුතු ගනුදෙනුවල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම්වල රුපියල් 458,747,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.
මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරි`දට හැකියාවක් ලැබී නැති බවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලීන් හේවාවසම් මහතා අධිකරණය අමතමින් විත්ති පාර්ශවය වෙත බාරදිය යුතු ලේඛන නිසිපරිදි ලබාදී ඇතැයි දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බලමින් අදාළ ලේඛණ නිසි පරිදි විත්ති පාර්ශවයට ලැබී ඇත්ද යන්න පරීක්ෂා කර බලා අඩුපාඩු ඇත්නම් අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ විනිසුරුවරයා ඒ ස`දහා මෙම නඩුව ලබන නොවැම්බර් මස පළමුවැනිදා යළි කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලීන් හේවාවසම් මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සජින් වාස්ගේ නඩුව පෙබරවාරී 25 සිට දිනපතා විභාගයට