IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ශ්‍රී ලංකාවේ ජනතාව එක්ව වැඩ කළ යුතු බව එ.ජා. නියෝජිත කියයි

(තිළිණි ද සිල්වා)

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනතාව එක්සත්ව එක්ව වැඩ කළ යුතුයැයි සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ක්ලෙමන්ට් න්‍යාලෙස්ට්සොසි වූලී මහතා ප‍්‍රකාශ කර සිටී.

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා ඉකුත් 26 වැනිදා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් මේ බව ප‍්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අපේ‍්‍රල් ප‍්‍රහාරයෙන් පසුව රට තුළ වෛරී භාෂණය යොදා ගැනීම වැඩිවෙමින් පැවතීම පිළිබඳව ද ඔහු සිය කනස්සල්ල පළ කර ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

බහුතර ප‍්‍රජාවේ සාමාජිකයන්ගේ ප‍්‍රචණ්ඩ කතාවන්ට නිරන්තරයෙන් දඬුවම් කරන්නේ නැතිබවද, වෛරී සහ සාවද්‍ය ප‍්‍රවෘත්ති පතුරුවා හැරීමට සමාජ මාධ්‍යය යොදා ගැනීමෙන් මෙය වඩාත් තිව‍්‍ර වී ඇතිබවද, එක්සත් ජාතීන්ගේ නියෝජිත වූලී මහතා පෙන්වා දේ.

ඒ මහතා මෙසේද කියා සිටී.

‘‘සාමකාමීව රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකමේ මූලය වන්නේ ජනතාවට එකට එක්ව ඔවුන්ගේ හඬ ඇසීමට සැලසීමට ඇති හැකියාවයි. රට මෙතෙක් අත්කර ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගතිය නංවාලීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනතාව එක්සත්වීම වැදගත්. 

රාජ්‍යය කෙරේ මානව අයිතිවාසිකම් පිළිබඳ බැඳීම් පැහැදිලිවම නිර්මාණ කෙරෙන අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ගිවිසුම් බොහොමයකට ශ‍්‍රී ලංකාව පාර්ශවයක් වන අතර එම බැඳීම් බොහෝ දුරට පිළිබිඹු වන ආකාරයේ නීති සම්මත කර ඇති තිබුණ ද සමාජයේ පවතින බෙදීම් ඒවා සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමට ඇති තර්ජන පෙන්නුම් කර තිබෙනවා.

විශේෂයෙන්ම ඉදිරියේ එළඹෙන ඡන්ද විමසීම්වලදී රටේ දේශපාලන නායකයන් නිදහසට, නීතියේ ආධිපත්‍යයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ජනතාව තුළ පවතින කැමැත්ත ඉවත නොදැමීමත් දුෂ්කර සටන්වලින් අත්කර ගත් ප‍්‍රගතිය යටපත් නොකිරීමත් වැදගත්” යැයිද ඒ මහතා ප්‍රකාශ කර ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ජනතාව එක්ව වැඩ කළ යුතු බව එ.ජා. නියෝජිත කියයි

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1539 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 606 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1004 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 960 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 369 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 550 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site