IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ශක්තිමත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   සුරැකීමේ  නව  සංවිධානය වටා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 18ක්, ආසන සංවිධායකවරු  24ක් සහ ආණ්ඩුකාරවරයෙකු  සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච් බුද්ධදාස මහතා කොළඹදි අද (3) පැවැසීය.

 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ මහජන පුස්තකාලයේදි කැඳවූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී. එච් බුද්ධදාස මහතා මෙසේද කීවේය. ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අපේ ජීවිත කාළයම  කැපවෙලා තියෙනවා. ඒත් අද අපි ඉතාම වේදනාවෙන් පසුවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය දැන් ඉතාම ශක්තිමත්ව ඉදිරියට  යමින් තිබෙනවා. අද වනවිට අපිට ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 21 දෙනාගෙන් 18ක් පැහැදිලිවම  අපිත් එක්ක ඉන්නවා. ආසන සංවිධායකවරු  24ක් ඉන්නවා.
 
 තිරය පිටිපස්සේ ආණ්ඩුකාරවරයෙකුත් ඉන්නවා. මේ ශක්තිය තුළින්  තමයි අපි භය නැතුව එළියට බැහැලා  මේ විදියට කටයුතු කරන්නේ.
 
මෛත‍්‍රිපාල සිරිසේන මහතා අපි එළවනවා කියලා තියෙනවා. අපි පක්ෂයෙන්  එලෙවුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ගහලා එලෙවුවත් අපි එක්සත් ජාතික පක්ෂයට හෝ වෙන පක්ෂයකට යන්නේ නැහැ.
 
මේකත් හරියට වතුර බේසමකට රබර් බෝලයක් දාලා අතින් අල්ලන් ඉන්න තාක් කල්  බොලේ උඩ එන්නේ නැහැ. අත ගත්ත ගමන් තමයි  බෝලේ  උඩ එන්නේ. අන්න එතකොට ඒ 18 දෙනා එළියට ඒවි.
 
මෛත‍්‍රිපාල සිරිසේන මහතා පුන පුනා කිවුවා මම ඉන්නතාක් කල්  ජීවිතේට මහින්ද රාජපක්ෂ කෙනෙකුට මේ රටේ අගමැති කෙනෙක් වෙන්න දෙන්නේ නැහැ කියළා. දෛවයේ සරදමක් වගේ එතුමා  විසින්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත් කළා.

ඒ ඒක්කම කිවුවා පාර්ලිමේන්තුවේ 225ම  අත්සන් කළත් රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති කම දෙන්නේ නැහැ කියලා. දුන්නොත් ජනාධිපතිකමේ පැයක්වත්  ඉන්නේ නැහැ කිවුවා. දැන් පැය නෙමෙයි සති ගාණක් වෙනවා තවමත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා අස්වුනේ නැහැ.
 
ජනාධිපතිවරයා මේ රටේ  ව්‍යවස්තාව උල්ලංගනය කළා කියළා අගවිනිසුරුතුමා ඇතුලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 07ක් ඒකමතිකව තින්දුවක් දිලා තියෙනවා. අද ජනාධිපතිවරයා මේකට කොටු වෙලා ඉන්නවා. මේක එතුමන්ට ඉතාම අසුබ පෙර නිමිත්තක් විදියට තමයි අපි දකින්නේ.
 



අදහස් (0)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ශක්තිමත්

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 413 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 823 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 627 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1471 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2953 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1908 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site