(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිණියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමේ විභාගයට හේතු නොදන්වා අධිකරණයට නොපැමිණ සිටි වෛද්‍ය සභාවේ එක් සාමාජික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (25) වරෙන්තු නියෝගයක් නිකුත් කළේය.
ඊට අමතරව අද අධිකරණයට නොපැමිණ සිටි නමුත් ඔවුන් වෙනුවෙන් නීතීඥයින් පෙනී සිටි වෛද්‍ය සභාවේ තවත් සාමාජික වෛද්‍යවරුන් තිදෙනෙකුට අධිකරණයට නොපැමිණීම පිළිබඳ ලබන නඩුවාරයේදී කරුණු පැහැදිලි කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කෙරිණි.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනු ලැබූ වෛද්‍ය එස්.එස්.ඒ සේනාරත්න මහතාටය.
මෙම පෙත්සම ලබන ජූලි 22 වැනිදා යළි සලකා බැලීමට නියෝග කෙරිණි.
මෙම පෙත්සම ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූණි.
තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන මල්ෂානි සූරියආරච්චි විසින් මෙම පෙත්සම වගඋත්තරකරු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නම් කර ඇත.
පෙත්සම්කාරිය කියා සිටින්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලබාගෙන සිටින තමන්ව ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය තමන්ව ලියාපදිංචි කරන ලෙස ඉකුත් 2017 වසරේ ජනවාරි මස 30 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කළ බවයි.
එම නියෝගය ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ද තහවුරු කළ බව පෙත්සම්කාර සිසුවිය කියා සිටින්නීය.
ඒ අනුව තමන්ව ලියාපදිංචි කරන මෙන් නිකුත් කර ඇති අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අදාළ උපාධිධාරී සිසුවිය විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම්කාර සයිටම් වෛද්‍ය උපාධිධාරිණිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා සමඟ නීතීඥ සුගත් කල්දේරා මහතා පෙනී සිටියහ.
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
මෙලන්ත Wednesday, 26 June 2019 12:52 AM
ලංකාවේ හැමෝම දේශපාලනය කරනවා. තමන්ගේ රැකියාව, වගකීම ඉටු කරන කිසි කෙනෙක් නෑ.