IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විල්පත්තුවේ දඩයමේ ගිය සැකකරුවෙක් තෙදිනකින් පසු සොයා ගනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ දඩයමේ ගොස් වනජීවි නිළධාරින්ගේ මෙහෙයුමක් අතර පලා ගොස් අතරමං වි සිටි දඩයක්කරුවකු අද (8) පිරිසක් විසින් සොයා ගෙන පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙසේ රෝහල් ගත කර තිබුණේ වනාතවිල්ලුව එළුවන්කුලම පදිංචි මොහොමඩ් සන්ෆර් නැමති 25 හැවිරිදි තරුණයෙකි.

රෝහල් ගත කරන ලද සැකකාර තරුණයා සහ තවත් දෙදෙනකු විල්පත්තුව ජාතික වන උද්‍යානයට පසුගිය (5) දා ඇතුළු වී පොම්පරිප්පු ප්‍රදේශයේ දඩයමේ යමින් සිටියදී එළුවන්කුලම වනජීවි කාර්යාලයේ නිළධාරින් දැක පලා ගොස් තිබේ.

එහිදි  සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් තිබු අතර පසුව වනජීවි නිළධාරින් සිදුකළ සෝදිසියකදී මෙම සැකකරුවන් වෙඩි තබා මරණ ලද අඩි තුනකට වැඩි උසකින් යුත් ගොනෙක් සොයා ගනු ලැබිණි.

ඒ සමගම ගිනි අවියක් පුරවන ලද පතොරම් 6 ක්, ජංගම දුරකථනයක් හා පිහි ඇතුළු දෑ වනජීවි නිළධාරින්ගේ බාරයට ගැණිනි.

කෙසේ වෙතත් මෙම දඩයමේ ගිය සැකකරුවන්ගෙන් දෙදෙනෙකු නැවත එළුවන්කුලම ගම්මානයට පැමින තිබුණ ද අනෙක් සැකකරු පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබූ බව කියයි.

මෙම පලා ගිය සැකකරු සොයා වන ජීවි නිළධාරින් පරික්ෂණ ආරම්භ කර තිබුණද කිසිදු හෝඩුවාවක් නොලැබු බවද පැවසෙයි.

සිද්ධිය සම්බන්ධවයෙන් වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (6)

විල්පත්තුවේ දඩයමේ ගිය සැකකරුවෙක් තෙදිනකින් පසු සොයා ගනී

ලාංකිකයා Sunday, 08 December 2019 09:47 AM

කැලේ ඇතුලේම මැරෙන්න දෙන්න තිබුනේ. කාලකන්නිම ජාතියක්... වනාන්තරෙත් විනාශ කරලා සත්තු ටිකටත් වැඩේදෙනවා...

:       14       326

Nihal Sunday, 08 December 2019 10:21 AM

මැරුවේ නැතුව තව බදු මුදලින් බෙහෙත් දෙනවා.

:       22       339

bandula Sunday, 08 December 2019 12:05 PM

දඩයම් කරපුවා කන්නේ හලාල් කරලද?

:       0       597

SL LOVER Sunday, 08 December 2019 03:02 PM

තව ටිකක් පදිංචි කළා නම් අහිංසක සතුන් ඔක්කොම දඩයම් කරයි...

:       0       24

athula Sunday, 08 December 2019 08:00 PM

මොන මගුලකටද ඕකුන්ව අල්ලාගෙන ආවේ? බඩගින්නේ මැරෙන්න අරින්න තිබුනේ...

:       0       24

anura Monday, 09 December 2019 04:41 AM

මොහු හැර ඉතිරි දෙදෙනා නීතිය හමුවට ගෙන යන්නේ නැතිද?

:       0       14

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1223 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 543 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 469 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 287 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 504 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 473 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site