IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වැලිගම නගරාධිපතිගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(අංජුල මහික වීරරත්න)

පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පක්‍ෂ නායකත්වය විවේචනය කරමින් මාධ්‍යට ලිපි නිකුත් කිරීමේ චෝදනාව මත රෙහාන් ජයවික්‍රම මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් රෙහාන් ජයවික්‍රම මහතා ඉකුත් සතියේ සිරිකොත පක්‍ෂ මුලස්ථානයට කැඳවා විනය පරීක්ෂණයක් කළ බවත් එහිදී නැවත එවැනි වරදක් නොවීමට වගබලා ගන්නා බවට නගරාධිපතිවරයා පොරොන්දු වූ බවත් එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

නමුත් නැවත වතාවක් පක්‍ෂ විනය කඩවන අයුරින් නායකත්වය විවේචනය කොට ප්‍රකාශ නිකුත් කිරීම නිසා රෙහාන් ජයවික්‍රම මහතාගේ පක්‍ෂ සාමජිකත්වය අත් හිටවූ බව මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීය.

මේ අනුව එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට වන ලිපිය වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතාට යැවීමට කටයුතු කරන බවද පක්‍ෂ මහලේකම්වරයා සඳහන් කළේය.



අදහස් (4)

වැලිගම නගරාධිපතිගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ranjith Tuesday, 21 May 2019 10:20 PM

අද නායකත්වය ගැන පාක්ෂිකයෝ දක්වන අදහස් අනුව සියලුම සාමාජිකයන්ගේ පාහේ සාමාජිකත්වය අත්හිටුවන්නේ වෙන තත්වයක් පවතින්නේ කීප දෙනෙක් ඉතුරුවෙයි.

:       0       0

sam Wednesday, 22 May 2019 03:43 AM

පක්ෂ විනයද හෘද සාක්ෂියද වඩා අවශ්‍ය කියලා හැමදෙනෙක්ම හිතන්න ඕනා.

:       7       70

sharm warn Wednesday, 22 May 2019 03:50 AM

මේ කියන පක්ෂෙට විනයක් කියල එකක් තිබුනද පහුගිය අවුරුදු 40ක් විතර ගත්තම?

:       154       1007

සේන Wednesday, 22 May 2019 05:21 AM

අර පහු ගිය දවස්වල ව්‍යවස්ථාවන් වෙට්ටුවක් දාලා නැවත බලයට ආවෙි ප්‍රජාතන්ත්‍රවාදය දිනුවා කියාගෙන නේද? මෙහෙම බොරුවෙන්ම , කපටි කමෙන්ම ජීවත්වෙන මිනිසුන් මේ ලෝකෙ තවත් නැතිව ඇති

:       57       187

ඔබේ අදහස් එවන්න

දියත

එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 2 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 62 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 88 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 149 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 326 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 1027 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site