වැල්ලවත්ත සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබා දීමට බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයෝ අද (23) කටයුතු කළහ.
ප්‍රදේශයේ සියලු ආගම්වලට අයත් පුජකවරුන්, සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියට අනියුක්ත නිලධාරින්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේනතුව සහ ශ්‍රී ලංකා පොලිසියට අනියුක්ත නිලධාරින් මෙන්ම මහජනතාව ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ.
‘සුරකිමු ශ්‍රී ලංකා’ තරුණ සංගමය විසින් සංවිධානය කර තිබු මෙම වැඩසටහන සඳහා නාවික හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ සහභාගී සිටියහ.
එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියලුම නාවික කඳවුරු ආශ්රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
(36698)
( ඡායාරූප නාවික හමුදා මාධ්‍ය ඒකකය )
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැල්ලවත්ත-ගල්කිස්ස වෙරළතීරය පිරිසිදු කිරීමට නාවික හමුදා සහය
සුනිලා Sunday, 23 December 2018 02:12 PM
හොඳ වැඩක්, හැම ප්‍රදේශයකම දියත් කරන්න
Raveendra Sunday, 23 December 2018 06:37 PM
ඔබලාගේ සත් ක්‍රියාව අප හදවතින අගය කරන්නෙමු. සහභාගිවු සියල්ලෝටම පිං.
menna Monday, 24 December 2018 01:49 AM
වැඩේට අපි කැමතියි. මේ පින්තුර වල බුද්දාගමේ ස්වාමින් වහන්සේලායි, ඉස්ලාම් පුජකයෝ වගේ අයත් ඉන්නවා. මට කමෙන්ට් එකක් දාන්න හිතුනේ. අපේ හමුදාවල කැම්ප් එකකට ගියා පිළිවෙලකට ලස්සනට තියෙනවා. එත් ලංකාව බුද්දාගමේ රටක් කියන අය ඉන්න රටේ.. පන්සලක පිංකමක් ඉවර වුනාම පැත්ත පළාතේ යන්න බැරි තරම් අපිරිසිදුයි. එවැනි ආදර්ශ හොඳයි කියලා මම හිතන්නේ නැහැ. මනස පිරිසිදු කරන්න උගන්වනවා මෙන්ම ජිවත් වෙන පරිසරයද පිරිසිදුව තියාගන්න උගන්වන මෙන් පුජකඋතුමන්ලගෙන් ඉල්ලා සිටිමි.
sudarman Monday, 24 December 2018 05:13 AM
අපිරිසිදු නොකිරීමට ඉගැන්වීම වඩාත් පලදායී වනුඇත, දෙමාපියන් හා ගුරුවරුන් පෙරමුණ ගත යුතුව ඇත.
ssenjee Monday, 24 December 2018 05:39 AM
මෙය ඉතාම හොඳ ක්‍රියාවකි ඔබට තුති පුදමි. එහෙත් පළමුව විය යුත්තේ කසල දමන්නන්ට දඩුවම් පැමිණවීම සහ කසල බැහැර කිරීමට නිසි භාජන තැන්පත් කිරීමයී. නැතහොත් මේ ක්‍රියාවලිය තව මස 3කින් නැවත කරන්නට සිදු වෙයී
ruchi Monday, 24 December 2018 09:04 AM
අනුමත නොකරමි. විය යුත්තේ දැඩි නීති සහ දඩමුදල් පනවා මහජනතාව හරිමගට ගැනීමයි.
Athula k Monday, 24 December 2018 09:52 AM
අපේ අමන මිනිස්සු තමන්ගේ කුණු ටික කොහෙට හරි දාන එකයි ඇතේ තියන ඕනේ දෙයක් ඕනේ තැනක දාන එකයි නවත්තන්ඩ පුළුවන් දඩ ගැසීමෙන් පමනයි.