(රොමේෂ් මධුෂංඛ)
පුලියන්කුලම් මරතෝඩි ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරාවිද්‍යා ස්ථානයක නිධානයක් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු පෞරාණික බුදු පිළිම ඇතුළු භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලිසිය පැවසයි.
මෙම සැකකරුවන් බැකෝ යන්ත්‍රයක් දමා නිධානය ගොඩ ගැනීම සිදු කොට ඇති අතර ඒ පිළිබඳ පුලියන්කුලම් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ලඟා වන විට නිධානය හෑරු පුද්ගලයින් නිධානය ගැනීමට හෑරු වල වසමින් සිට ඇති අතර එම අවස්ථාවේදී ප්‍රදේශය වටලා සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී නිධානය හෑරු සැකකරුවන් ලඟ තිබී අඟල් 09 ක් උස කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක්, අනුරාධපුර යුගයට අයත් අඟල් 19ක් ලොකු පුරාතන මැටි පහණක්, මැටියෙන් සාදන ලද මෙතෙක් හඳුනානොගත් බෝලයක් වැනි දෙයක්, කොතක කොටස් දෙකක් , බැකෝ යන්ත්‍රයක්, ත්‍රී රෝද රථයක්, හා නිධානය ලබා ගැනීමට යොදා ගත් උපකරණ හා ද්‍රව්‍ය තොගයක්ද සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව, පුලියන්කුලම, ත්‍රීකුණාමලය, තලවකැලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද පරීක්ෂණ සිදු කරන පුලියන්කුලම් පොලිසිය පවසයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වව්නියාව පුලියන්කුලම් කැලේ නිධන් හෑරු 4 ක් අත්අඩංගුවට
krishantha Saturday, 23 March 2019 10:23 AM
කෝ මහත්තයෝ නිධානෙ තිබ්බ වටිනා දේවල් ටික. ඒවා ආයෙත් වලට දාලා වැහුවවත්ද ? අපි රැවටුනා හොඳේ .