IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වන අලි 13දෙනෙක් පැණි කොමඩු වගාව වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කරුවලගස්වැව මුරියාකුලම ගම්මානයේ පැණි කොමඩු වගාවකට අද (16) කඩා වැදුණු වන අලි රංචුවක් වගාව වනසා දමා ඇතැයි වගාකරුවෝ පවසති.
 
අක්කර දෙකකට ආසන්න මෙම පැණි කොමඩු වගාවට 13දෙනෙකු සහිත අලි රංචුව කඩා වැදී ඇති බවත්, ඉඩම වටා සකසා තිබූ විදුලි අලි වැටට කොහොඹ ගසක අත්තක කඩා දමා ඇතුළු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
 
ගම්වාසීන් විශාල පිරිසක් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා අලි රංචුව එළවා දැමූ බවත්, ඒ හේතුවෙන් එහි කොටසක් බේරි ඇති බව ද ඔවුහු කියති.

කොමඩු වගාවේ  හිමිකාරියක වන යමුනා කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.
 
“මගේ ලොකු දුවලායි මේ කොමඩු වගා කළේ. දුවයි එයාගේ මහත්තයායි බැංකුවලින් ණය අරගෙනයි අලි වැට ගහලා වගාව පටන් ගත්තේ. නමුත් ඒ වැට උඩට ගස් අතු කඩන් ඇවිත් දමලා තමයි වගාවට ඇතුළු වෙලා මේ හානිය කරලා තිබෙන්නේ. අස්වැන්න නෙළන්න ඉතිරිවෙලා තිබුණේ තව දින කිහිපයයි” යැයි ඇය කීවාය.
 



අදහස් (14)

වන අලි 13දෙනෙක් පැණි කොමඩු වගාව වනසති

Ruhunu Tuesday, 16 July 2019 11:02 AM

රජයෙන් මෙයට වන්දියක් ලබා දිය යුතුයි

:       34       121

rama Tuesday, 16 July 2019 11:23 AM

පව් මේ ගොවියන්ගේ වගාව සහ සල්ලි ඔක්කොම ඉවරයි ආණ්ඩුව බලන් ඉන්නවා

:       37       51

shantha Qatar Tuesday, 16 July 2019 11:42 AM

අනේ යමුනා, ඔයාට විතරක් නෙවේ මුළු රටටම අලින්ගෙන් තමයි කරදර

:       13       41

Gamarala Tuesday, 16 July 2019 12:10 PM

දැන් රටම වනසලා තියන එකේ ඕක මොකද?

:       8       22

රජින්ද Tuesday, 16 July 2019 12:22 PM

මේවට දෙස් දෙවොල් තියලා පලක් නැහැ. කරන්න තියෙන්නේ මේ රටේ සියලුම වනාන්තර තවත් වනාන්තර තීරුවකින් එකිනෙකට යා කිරීමයි. මේ ක්‍රමය භූතානයේ ඔවුන් ක්‍රියාත්මක කෙරෙව්වා. එහිදී සත්තු කිලෝමීටර් ගානක් එහා කෙලවරේ තියෙන තවත් වන ලැහැබවලින් සංක්‍රමණය වෙනවා නිරීක්ෂණය වුනා. මේ ක්‍රමය නිසා සත්තු සහ මිනිස්සු අතර ඇති වෙච්ච ගැටුම් ඉතා සාර්ථක විදිහට පාලනය වුනා. 70%ක් එරට වන වැස්මක් ඔවුන් ඇති කළා. අපේ රටේ එවැනි ක්‍රමයක් ඇතිකළ යුතුයි. නව ගම්මාන ඇති කරනවයි කිය කියා මුළු රටේම ඉඩම්වල තනි ගෙවල් හදන මෝඩ වැඩේ දැන්වත් නතරකල යුතුයි. වනාන්තරයේ අයිතිය සත්තුන්ට දීලා නගරයේ අයිතිය මිනිස්සු තියා ගත්තනම් හැමෝම රැකෙනවා. දේශයක්-පාලනය කරනවා කියන්නේ එකටයි, එහෙම නැතුව බල තන්හාව නිසා රට-ජාතිය ගැන එන හැම එකටම නහයෙන් අඩන එකට නෙවෙයි.

:       0       138

සමීර Tuesday, 16 July 2019 03:18 PM

අර අලි ඕන ඕන කියන, සත්තුන්ට ඇලුම් කරන නෝනා මහත්තුරු ටික මේ වගේ ගම් වලට ගිහින් දාලා, මේ වගේ ගම් වල මිනිස්සු කොළඹ තියෙන ඒ මහත්තුරුන්ගේ ගෙවල් වලට ගෙනත් දැම්මොත් නරකද? මං මේ කියන්නේ කැලේ ගෙවල් හැදුවම අලි ගහනවා තමයි කියලා, තමන්ට කන්න දෙන මිනිස්සුන්ටම විරුද්ධව කතා කරන අය ගැන. එතකොට එයාලට පුළුවන් අලිත් එක්ක සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න.

:       77       89

Raveendra Tuesday, 16 July 2019 04:35 PM

හරිම කණගාටුයි ඔබතුමිය ඇතුළු පවුලේ සැමට සිදුවුනු පාඩුව පිලිබදව.

:       0       5

beau Tuesday, 16 July 2019 07:08 PM

ඕක තමා කියන්නෙ එජාපයට ඡන්දෙ දෙන්න එපා කියලා.

:       31       48

Chanak los angeles Tuesday, 16 July 2019 10:14 PM

අලි 13 දෙනෙකු ඔබේ වගාවෙන් කුසපුරවා ගත්තානම් ඒ කුසලයෙන් ඔබට යහපතක්ම සැලසෙනවා බය නොවී ඉන්න

:       0       1

Sumith Tuesday, 16 July 2019 10:59 PM

ගොවියට සැලකීම කොහොමද? මාසයක් කන්න...... විශ්‍රාම වැටුප රුපියල් 1200..... අනේ මෙහෙමත් ගොවියන්ට සලකන රටක් තියෙනවාද?

:       0       24

ලුම්බිණි Wednesday, 17 July 2019 12:03 AM

හරිම කණගාටුයි ඒත් මෙතන අලින් වැරදි කාරයන් කියල කියන්න තරම් මෝඩ වෙන්න එපා.

:       0       1

dilum Wednesday, 17 July 2019 03:53 AM

වන්දි කෙසේ වෙතත් මේ මිනිස්සුන්ගේ බැංකු ණයවත් කපාහැරියොත් ලොකු සහනයක්.

:       0       27

sisira Wednesday, 17 July 2019 05:13 AM

අනේ පව් මේ අසරණ මිනිසුන් දුකේ පත්ලටම වැටෙන හැටි. සැපක් කෙසේ වෙතත් මේ අහිංසක දුප්පත් මිනිස්සු කවදානම් මේ දුකින් මිදෙන්නද? ඒ සත්තුන්ටත් හිතන්න තේරුම් ගන්න පුළුවන් කමක් තිබුනානම් මේ අහිංසක මිනිසුන් එදා වේල කාල ඉන්න මේ වගාවන් වනසන එකක් නැහැ. මොවුන්ගේ දුක වගකිවයුතු මිනිසුන්ට නොපෙනීම හා අවබෝධයට ගන්නට නොහැකිවීමයි අරුමය.

:       0       8

himal Wednesday, 17 July 2019 08:31 AM

වනාන්තර යා කරන ක්‍රමය ලංකාවේ ප්‍රායෝගික නොවෙන්නේ ඔය අහිංසකයි කියනා ගම් වල මිනිස්සුම රක්ෂිත අල්ලාගෙන වගා කරන එකයි, ගෙවල් හදන එකයි නතර නොකරන නිසා. මෙතන වුණත් හරියටම මේ ඉඩමම ඉලක්ක වුණේ කොහොමද කියලා හොයලා බැලුවොත් ගොඩක් දේ හොයාගන්න හැකි වේවි.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 4 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 19 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 6 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1438 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 301 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1439 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site