ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන එයාර් බස් සමාගමේ A 380 වර්ගයේ තට්ටු දෙකේ මගී ගුවන් යානයේ නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති බව වාර්ථා වේ.
ප්‍රමාණවත් මගීන් ප්‍රමාණයක් නොසිටීම නිසා මෙම තීරණය ගත් බව යුරෝපීය අභ්‍යවකාශ යානා නිෂ්පාදකයන් අතර දැවැන්තයා වන එයා බස් සේවාව බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියේය.
දැවැන්ත පිරිවැයට අනුව අපේක්ෂිත ලාභය ලබාගැනීමට නොහැකි වීම නිසා 2021 වර්ෂයේදී මෙම ගුවන් යානා අලෙවිය අත්හිටවනු ඇත.
මෙම තීරණය සමඟ ඔවුන්ගේ විශාලතම පාරිභෝගිකයා වූ ඩුබායි එමිරේට්ස් ගුවන් සේවය සිය ඇනවුම් සීමා කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව එමිරේට්ස් ගුවන් සේවය ගුවන් යානා 39ක් (162-123) ඇනවුම් කිරීම අඩුකර ඇත.
ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සමාඟම විසින් ඇනවුම් කර තිබූ A380 වර්ගයේ මගී ගුවන් යානා 08ක් පෙබරවාරි 07 වැනිදා අවලංගු කර ඇත.
මෙහි ප්‍රතිඵල ලෙස එයාර් බස් සමාගම අනෙකුත් ගුවන් සමාගම පසුගාමීත්වයක් පෙන්නුම් කරන බව වාර්ථා වේ.
මෙම ගුවන් යානයේ මගීන් 800කට ගමන්කළ හැකි අතර මෙහි විශාලත්වය නිසාම බොහෝ ගුවන්තොටුපළවල් නවීකරණය කීරීමට සිදු වී ඇත.
(ඒ එෆ් පී ඇසුරෙනි)
63226
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනාට මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හි
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය නිෂ්පාදනය නවතයි
Sajeewa Thursday, 14 February 2019 09:17 AM
අයියෝ මත්තල හැදුවේ මේවා බාන්න නේද?
Nandalal DE SILVA - FranceThursday, 14 February 2019 07:19 PM
අලින්ට, මොණරුන්ට, පිඹුරන්ට කෙළිබිමක් හැටියට තිබුන ඝන වනාන්තරය සුද්ධ කරලා මත්තල "හුළං තොටුපොල" හදල බෝඩ් ලෑල්ලක් එල්ලා තිබෙන බව පේනවා ! අහල පහල ගම්වැසියන් මිරිස් වේලාගැනීමට ධාවනපථයත්, විශාල අස්වැන්නක් ලබුනවිට වී තොග ගබඩා කිරීමටත් හැරෙන්න මත්තල "සුදු අලියාගෙන්" රටට සත පහක වැඩක් වී තිබේද? මගීන් 800කට ගමන්කළ හැකි කිසිම ගුවන් යානයක් ඉතාමත්ම හදිසි කටයුත්තකට මිස කටුනායකටවත් ගොඩ බස්සා නැතිබව ඔබ හොඳින්ම දන්නා කාරණයක් නේද? රුපියල් කෝටි ගණනක් වැයකරමින්, අධික පොලී අනුපාත යටතේ විදේශ රටවලින් ණය අරගෙන, තම්මැට්ටම් ගසමින්, පාසල් දරුදැරියන් කට්ට අව්වේ කරකරමින් කලන්තේ දමා වැටෙනතුරු, "ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ" යන වදන මුළුමනින්ම ඔප්පු කරමින් මත්තල ඇරියේ තමන්ගේ නම් ප්‍රසිද්ධ කරගැනීමට මිස, "එයා-බස් A380 " ගුවන් යානයක් මත්තල බස්සවන වාරයක් පාසා සංචාරකයන් 800 බැගින් අපේ රටට අද්දා ගැනීමට නොවන බව අපට මිසක් එයාලට නොතේරෙන එක පුදුමයක්!
janatha anura Thursday, 14 February 2019 09:50 AM
මත්තල හැදුවේ කොස් ඇට බාවන කට්ටියට විකුණා ගන්න.. නැතිනම් අලි ප්‍රවාහනයට..
hashan Friday, 15 February 2019 01:56 AM
ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සමාඟම විසින් A380 වර්ගයේ මගී ගුවන් යානා ඇනවුම් අවලංගු කරපු නිසා, අපි ගෙව්ව වගේ ලොකු ගානක් දඩ ගෙවන්න ඇති නේද... හා... හා....
CG Friday, 15 February 2019 03:53 AM
A380 ඉතා හොඳ ගුවන් යානයකි. මම 3 වරක් ගමන් කළා (Quantas, Singapore Airlines, එමිරේට්ස්). එහි බලවත් එන්ජිම සමඟ. අතිරේක කැබින් අවකාශය, අඩු කම්පන, සුමට ගමන් සංචාරය සුපිරි සුවපහසුයි. ඔවුන් නිෂ්පාදනය නවත්වන්න යන බව දැන ගැනීම කනගාටුයි.
jayath Friday, 15 February 2019 04:30 AM
වාර්තා වලට අනුව නම් ලෝකේ සෑම ගුවන් සමාගමක් ම දුවන්නේ අමාරුවෙන් ඉන්දන මිල ඇතුව අනෙකුත් ප්‍රශ්න හින්ද මේකත් එකේම දිගුවක් හැබැයි අපේ මිහින් ලංකා එක ඔය කුලකයේ නැහැ එක ලාබයි එක නොව ලාභය කොච්චරද කියල හොයන කොමිසමක් හෙම දමල තියෙන්නේ! මේ කොමිසමෙන් එලියට එන "කුණු " දැක්කම අනේ මේ රට කියල හිතෙනවා
rohana kumara mendis Monday, 18 February 2019 08:20 AM
අයියෝ තව කල් තියෙනවා.. තාම නිෂ්පාදනය නතර කර නැත එය සිදුවන්නේ 2021 අවුරුද්දේදී. ඒ වගේම බාර ගත්තු ඒවා ඒ විදිහටම නිෂ්පාදනය කරනවා. අවසාන බාර ගැනීම් සිදුවන්නේ 2021දී...