ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට ලද තොරතුරු මත සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ඇතුළු සැක කටයුතු පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එරට පළවන ‘‘ඉන්දියා ටුඩේ ’’ පුවත්පත අද ( 25) වාර්තා කර තිබිණි.
ගතවු දින දෙක තුළ ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ එම සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ පකිස්ථාන ජාතික කාන්තාවක් ඇතුළු ලාංකික දෙමළ ජාතිකයින් පස් දෙනා ප්‍රශ්න කිරීම සඳහා කේරළ හා කොයිම්බතූර් පොලීස් බාරයට ගෙන ඇති බවද එම පුවත් වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වේ.
ආසියාවේ ව්‍යාප්ත වී තිබෙන ත්‍රස්ත සංවිධානයක් වන ලෂ්කාර් - ඊ- ටයිබා සංවිධානයේ සාමාජිකයින් වන මෙම ශ්‍රී ලාංකිකයින් දෙමළ , මුස්ලිම් සම්භවයක් සහිත අයවන බවද එහි සඳහන් වේ.
ඔවුන් පස් දෙනා සහ සහ පාකිස්ථාන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට එරට බුද්ධි අංශ ඉකුත් 23 වැනිදා අනතුරු ඇඟවීමක් කර තිබුණි.
මේ හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ ඇතුළු ප්‍රාන්ත කිහිපයක ආරක්ෂාව තර කර සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.
ඒ අනුව එම ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ පිරිසක් තමිල්නාඩුවට සහ කේරළයට ඇතුළු වී ඇති බවට ඉන්දීය ආරකෂක අංශ තහවුරු කර ගත් අතර එම අනතුරු ඇගවීමෙන් පසුව සැකපිට මෙම ලාංකිකයින් 5 දෙනා සහ පකිස්ථාන ජාතික කාන්තාව රදවාගෙන ප්‍රශ්න කරන බව ඉන්දීයා ටුඩේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
( 125)
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලාංකිකයන් 5 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට