IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ 2 ක මාසික දීමනාව යළිත් වරක් ප්‍රතික්ෂේප කෙරෙයි

(අජන්ත කුමාර අගලකඩ)

සංවර්ධන කමිටුවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව අද (17) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇත.

පළාත් පාලන පළාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන  මහතා විසින් මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරන ලද අතර ජනාධිපතිවරයා එම යෝජනාවට දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් එය දෙවන වරටත් ප්‍රතික්ෂේප වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වැටුප් වැඩිවීම් ඉල්ලා විවිධ ක්ෂේත්‍ර වලින්  වෘත්තිය සටන් යන අවස්ථාවක මන්ත්‍රීවරුන් පිරිසකට මෙවැනි දීමනාවක් ගෙවීම අසාධාරණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

ඒ අනුව අදාළ යෝජනාවට අනුමැතිය දීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවද රජයේ ආරංචි මාර්ග වලින් පැවැසේ.

මෙම යෝජනාව පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමටද ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර ජනාධිපතිවරයාගේ විරෝධය හේතුවෙන් එම යෝජනාව ද ප්‍රතික්ෂේප වී තිබේ.



අදහස් (10)

ලක්ෂ 2 ක මාසික දීමනාව යළිත් වරක් ප්‍රතික්ෂේප කෙරෙයි

Laksitha Tuesday, 17 September 2019 05:53 PM

පව් දෙන්න කට්ටිය හරිම අමාරුවෙන් ඉන්නේ

:       0       0

Amila Tuesday, 17 September 2019 06:21 PM

මොහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනා යුතුයි. රටේ මහජන මුදල් හොරා කන අයෙක් .

:       0       0

අබිලින් Wednesday, 18 September 2019 01:59 AM

රටේ අනාගතය භාරගැනීමට සිටින වත්මන් විශ්ව විද්‍යාල සිසුන්ගේ කාලය 2017 දී මාස හයකුත් 2019 දී කොතෙක් කාලයක්ද කිව නොහැකි ලෙසට පමාවී තිබියදී හිතවතුන් සැනසීමට කරන දැඟලීම හෙලාදකිමු.

:       0       0

Aruna Manipura Wednesday, 18 September 2019 03:02 AM

මෙම අවස්ථාවේදී නම්, මම ජනාධිපතිතුමා සමග 100 % එකඟ වෙමි.

:       0       1

nisha Wednesday, 18 September 2019 03:03 AM

නෙලුම් කුලුනට බිලියන දෙක තියෙන්නේ ALIT ට නෙමෙයි CEIEC ට . වවුචරේ ෆොටෝ කොපියකුත් ෆේස් බුක් දාල තියෙන්නේ. ජනාධිපති කිසි දෙයක් නොදැන සිටීම රටේ කරුමයක් .

:       0       1

Sanka Wednesday, 18 September 2019 04:22 AM

මේ මන්ත්‍රීවරුන්ට සත 5ක දීමනාවක් දෙන්න එපා. මේ අය මහජන ඡන්දෙන් ගිහිල්ලා කරන්නේ තම තමන්ගේ බිස්නස් මිසක් රටට ඵලදායී කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ අයගේ වාහන පර්මිට් එකත් සජිත් බලයට ආවොත් නවත්තනවා කියලා තියෙනවා. ඒක ඉතාම හොඳ යෝජනාවක්...

:       0       1

Uditha - London Wednesday, 18 September 2019 04:34 AM

බොහොම ලස්සන කතාවක්.. කොටුව ස්ටේඩියන් එක ළඟ‍ රණවිරුවන් දහ දුක් විඳිනවා. සාප වෙලා හෙන ගහන වැඩ කරන්න එපා. අද අපි හුස්මක් ගන්නේ රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්නේ, බයක් නැතුව ගමනක්, බිමනක් ගිහින් එන්නේ ඔවුන් නිසා... සහරාන් පහු ගිය කාලේ අපහු ලංකාව සොහොන් පිටියක් කරද්දී ලොකු පුටුවල මිනිස්සු මම දන්නේ නැහැ, මාව දැනුවත් කළේ නැහැ කිව්වට රණවිරුවන්, උඩබලන් හිටියේ නැහැ. අස්සක් මුල්ලක් නෑරම රටම පීර පීර ත්‍රස්තයිනව හෙව්වා. නිකන්ම නිකන් පින්බත් ගිලින අයට මාසික දීමනාව ලක්ෂ 2ක් දෙන්නේ අහවල් එහෙකටද? මේ රටට සාපවෙන වැඩ කරන්න එපා... ඔවුන්ට ලොකු හීන නැහැ. ලොකු හීන තිබ්බෙත් නැහැ. තවම මග බලන් ඉන්නවා යුද්ධයට ගිය මනුස්සයා අද ඒවි, හෙට ඒවි කියලා.. එ්ත් හිත දන්නවා අාපහු කවදත් එන්නේ නැහැ කියලා.. එ්ත් අපි මගබලන් ඉන්නවා. අහස පොළව නුහුලන අපරාධ කරන්න එපා. කොහෙවත් ඉන්න බයියන්ට මාසික දීමනාව ලක්ෂ 2ක් දුන්නම හරිද?

:       0       3

Kumara Wednesday, 18 September 2019 05:37 AM

මෙයා ඉල්ලගෙන කන්න හදන්නේ

:       0       1

Rata perata Wednesday, 18 September 2019 06:08 AM

මොලේ හොඳ නැද්ද දන්නේ නෑ මාසෙට ලක්ෂ 2 ක් දීමනා හැටියට දෙන්න. පිස්සුද මේ රජයට ?

:       0       1

rim Wednesday, 18 September 2019 09:00 AM

කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න තමයි බලන්නේ .රටේ කොයිතරම් ප්‍රශ්න තියෙනවද විසඳන්න . ඒවා ගැන කිසිම තැකීමක් නැහැ . ආපහු මේ කට්ටියම ආවොත් කොහොම හිටීවිද ? කල්පනාකරන්න .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1185 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1123 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 635 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1652 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 84 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 20 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site