IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංගමයෙන් සුඛෝපභෝගී බස් රථ 9ක්


 
ශ්‍රී ලංකා  ගමනාගමන  මණ්ඩලය   විසින් මිල දී  ගත්  සුඛෝපභෝගී   බස්  රථ  09 ක්  ඩිපෝ  අතර  බෙදාදීම   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  නාරාහේන්පිට ශාලිකා  ක්‍රීඩාංගණයේදී  අද  (27)  සිදුකෙරිණි.
 
මෙම  අවස්ථාවට   ප්‍රවාහන  හා සිවිල්  ගුවන්  සේවා  අමාත්‍ය  අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය  අශෝක  අබේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 
(ඡායාරූප -  චතුර එස්. කොඩිකාර) 



අදහස් (19)

ලංගමයෙන් සුඛෝපභෝගී බස් රථ 9ක්

shan Thursday, 27 June 2019 10:36 AM

මේ බස් රථ රට වටේ හප්පන්නේ නැතුව එක එක්කෙනා එක්ක රේස් යන්නේ නැතුව තව වසර ගණනක් හොදින් මගීන්ට සේවයක් කරන්න තබා ගන්න. මේවා පදවන රියදුරන් ඒ ගැන වග බලා ඉන්න ඕනේ. මොකද මේ දේවල් ගන්න වියදම් කරලා තියෙන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල්. මේවා විනාස උනාම වැනසෙන්නේ රට හා ජාතිය. ලංගම රියදුරන්ගෙන් පළමු ශ්‍රේණියේ අයට මේවා ලබා දී එම රථ වල ආරක්ෂාව නොසපයන අයට තමන්ගේ ශ්‍රේණියෙන් පහලට දැමීමට කටයුතු කරන්න ඕනේ එතකොට මේවා රැක ගන්නවා

:       0       70

LIYANAGEFriday, 28 June 2019 12:08 AM

වර්තමානයේ " ජීඑස්පි" චන්ද්‍රිකා තාක්ෂණය මගින් බස්රථවල ගමනා ගමනය පිළිබදව අධික්ෂණය කළහැකිය. බසය පටන් ගැන්මේ සිට ගමනාන්ත්ය දක්වා අධීක්ෂණය මෙන්ම බසය තුල හෝ අවට කලබලයක් සිදුවුවහොත් පොලිසියට කතාකර දැන්වීමේ හැකියාවත් තිබේද

:       0       0

ravi Thursday, 27 June 2019 10:54 AM

කරුණාකර මේ වාහන පැදවීම සඳහා සුරා සුදුවෙන් තොර රියදුරන් සොයා, ඔවුන්ට මේ ලොකු වගකීමකින් යුතු වාහන බාරදෙන්න. ජීවිත රැසක් ඔබ දෑතේ බස් අලුත් වුනාට වැඩක් නැහැ. පරණ බේබද්දෝම මේ වාහන එලවානම් ..!

:       0       81

sharm warn Thursday, 27 June 2019 11:07 AM

මේවා සුපිරි බස් නෙමේ. මිනිස්සුන්ට ගමනාගමනයට තිබිය යුතු සාමාන්‍ය රථ. බස් 9ක් දෙන්න පවත්තපු උත්සවේ වියදම තව බස් 9ක් ගෙන්වන්න තරම් ඇති මෙලහකට

:       36       198

vipula Thursday, 27 June 2019 11:38 AM

කලින් ගෙනාපු වොල්වෝ බස් වලට වුන දේ මේවට වෙන්න දෙන්න එපා. එක බස් රථයකට වගකියන රියදුරන් දෙදෙනෙකුට පමණක් බාරදෙන්න. හැම දෙනාටම එලවන්න දෙන්න එපා

:       0       103

Raveendra Thursday, 27 June 2019 11:42 AM

කාරුණිකව අපගේ අදහස් වැරදි ලෙස තේරුම් නොගන්න ලෙස දැන්වීමට කැමැත්තෙමු. මේවගේ දේවල් වලටත් තමන්ගේ වටිනා කාලය, මහජන මුදල් නාස්ති කිරීම අවංකව පක්ෂ,පාට බේදයෙන් තොරව බදු ගෙවන පුරවැසියන් හට අනුමත කල හැකිද? මේවා අනාගත බලාපොරොත්තු සහිත මහජන මුදල් කාබාසිනියා කිරීමක් නොවේද? කිසිදු පක්ෂයක් මෙවන් නාස්තිකාර වැඩ කිරීම අවංක පුරවැසියන් විරුද්ධ විය යුතුමය.

:       102       162

d.upul Thursday, 27 June 2019 12:00 PM

පළාත් 9 ට එක බස් එක ගානේ බෙදා දුන්නනම්, ඔන්න අපි පොදු ප්‍රවාහනය අතිනුත් ස්වයං පෝෂිතයි

:       1       165

janahitha Thursday, 27 June 2019 12:05 PM

බස් රථ පන් සියයක් ගෙන්වන්න නේ කලින් සැලසුම තිබුනේ එංගලන්තයෙන් ඒවා හම්බ වුනේ නැතිද?

:       1       75

අජිත් පැරකුම් Thursday, 27 June 2019 01:41 PM

තෙරුවන් සරණයි.

:       11       2

PA - RA Thursday, 27 June 2019 02:02 PM

මෙම බස් රථ එංගලන්තයේ ඩුපල් බස් රථයට සමාන බස් රථයකි. කල් පැවැත්ම අඩුය, පරිස්සමින් පාවිච්චිය සහ ආදායම් ලැබීම සදහා සුදුසු සේවයකින් ලාභ ලබා ගත හැක, ලංකාවේ මහජනයා ගේ පාවිචිය සහ පිරිසිදුකම ගැන නම් කිනම් කතාද? ශ්‍රී ලංකා ලංගම දියුණුව දැකීම අපගේ ඉමහත් සතුටයි.

:       0       51

chandima Thursday, 27 June 2019 03:49 PM

ලංගම බස් වල යන්නේ ජනතාව සල්ලි ගෙවලා. ඒ සල්ලිවලින් බස් ගත්තේ ලංගමය. බස් ඩිපෝ අයිති වෙන්නෙත්මෙ ලංගමට. ඒ බස්ටික සුගතදාස ක්‍රීඩාංගනයට ගෙන්නලා ලංගමේම ඩිපෝවලට දෙන්න මහා උත්සවයක් අරන්. තව ටික කාලෙකින් මිනිස්සු ගෙවල්වල වැසිකිලි හදපුවම පිත්ත පටියක් කපලා වැසිකිලි අයිතිකාරයා ලවා වැසිකිලිය විවෘත කරන්නත් උත්සවයක් තියයි. මේ සේරගෙන්ම පෙනෙන්නේ ආණ්ඩුවේ බංකොලොත් බව.

:       2       50

athuraFriday, 28 June 2019 04:02 AM

හරියට කියවලාද ඔබ තුමා අදහස දැම්මෙ.

:       237       2

chathura Thursday, 27 June 2019 10:06 PM

අවුරුදු හතර හමාරකට බස් නමයයි. එ් කියන්නේ අවුරුද්දට දෙකයි. තව හතර හමාරක් ඉන්න ඡන්දෙ දුන්නොත් තව නවයක් ලබා දෙනවා.

:       0       1

melbourne Friday, 28 June 2019 12:10 AM

මමත් ඉස්සර ලංගමට සම්බන්ධව වැඩකළා. දැන් මෙහෙදීත් බස් රථ නිෂ්පාදනය ගැන කාලයක් තිස්සෙම දන්න නිසා කියන්නෙ මේ පෙන්නන චීන බස් ලාබයි ලස්සන විතරයි. ලංකාවේ දේශගුණික මහාමාර්ග සහ මගී අවශ්‍යතාවයන් සඳහා ගැලපෙන්නේ නැහැ. යකඩ ගොඩක් වටේ ප්ලාස්ටික් ගහල හදල තියෙන්නේ. අපට ගැලපෙන ඇලුමිනියම් සැකිල්ල සහිත බස්රථ කලක් පවතිනවා . ඕස්ට්‍රලියාවේ රාජ්‍ය අනුග්‍රගය යටතේ ධාවනය වන බස්රථ වලින් වැඩිම ප්‍රමාණයක් ඇලුමිනියම් සැකිල්ල .

:       0       8

Ajith Matara Gamage Friday, 28 June 2019 12:23 AM

ලංකාවේ ඇති අධික රස්නයත් එක්ක AC නැති සාමාන්‍ය බස්වල දැන් යන්න අපහසුයි. ඉදිරියේදී AC බස් විතරක් ධාවනයට යොදවන්න. ඉන්දියාවෙන් ගෙන අඩු ප්‍රමිතියේ වාහන ගෙන්වීම නතරකරන්න. දුම්රිය සේවය මනාලෙස පවත්වා ගැනීමටනම් එය පිටරට සමාගමකට විකිණීම කාලොචිතයි. දියුණු බොහෝරටවල දුම්රිය සේවා සපයන්නේ පෞද්ගලික සමාගම් වල සහයෙන්.

:       0       16

Chanak los angeles Friday, 28 June 2019 06:42 AM

සාටකලා ජනපතිවරණයට බස් පාවිච්චි කරලා ලංගමයට පොලු තබා තිබෙන මුදල වහාම අරගෙන මෙවන් බස්රථ තවත් ගන්න කටයුතු කරන්න.

:       186       2

indika Friday, 28 June 2019 07:42 AM

මුළු රටේම බස් රථ අවශ්‍යතාව බලනකොට මේ බස්රථ 9 ව්හිළුවක් කියලා හිතෙන්නේ නැද්ද?

:       0       3

wedage Friday, 28 June 2019 08:45 AM

බසයක් රියැදුරෙකුට බාරදීමට අගමැති, ඇමති, උප ඇමති සමග පිරිවරක් එනවා නම් එම රටට අනාගතයක් නොමැත.

:       0       3

පියල් Friday, 28 June 2019 09:06 AM

කොහොමද අපේ ආණ්ඩුවේ වැඩ.. අවුරුදු 4 1/2ක් කළා මදිද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 38 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 83 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 253 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 561 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 737 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 901 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site