IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුතු බව වෛද්‍යවරු කියති

රංජන් කස්තුරි
 
ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුක්තවන අතර ඒවායේ අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙරට ආනයනය කරන සියලුම කිරිපිටි වරායේ දී සාම්පල පරික්ෂාවකට ලක් කරන අතර පසුව නැවත රසායනාගාර පරීක්ෂාවකටත් එම කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙක් ආනයනය කරන රටවලින් සහතිකයකුත් ලබා ගන්නා බවද එම විශේෂඥ වෛද්‍යවරු පැවසුහ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවැත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එසේ සඳහන් කළේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දැක්වු රාජිත සේනාරත්න මහතා කීවේ කිරිපිටි ප්‍රශ්නය විද්‍යාත්මක එකක් මිස දේශපාලන ප්‍රශ්නයක් නොවන බවයි.

ජනාධිපතිවරයා කිරිපිටි ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකළ බවද එහිදී ඇමැතිවරයා කීය.



අදහස් (16)

ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුතු බව වෛද්‍යවරු කියති

රසික Tuesday, 19 February 2019 11:59 AM

අර වාහනේ හප්පලා මිනිහෙක් මරපු වෛද්‍යවරියගේ පරීක්ෂණ කරලා මත්පැන් පානය කරල නෑ කියලා වෛද්‍ය වාර්ථා දීපු වෛද්‍යවරු ඉන්න රටක් මේක

:       160       418

asitha Tuesday, 19 February 2019 12:29 PM

මගේ ප්‍රශ්නය ඇන්කර් කිලෝ එකක් අපේ රටේ විකුණන මිලට වඩා නිෂ්පාදිත රටේ මිල වැඩි ඇයි

:       0       126

කමල් Tuesday, 19 February 2019 12:36 PM

මට නම් ඕක ගුණද අගුණ ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. අපි හුඟාක් සෞඛ්‍ය ප්‍රශ්න වලට ඉතාම සෙමින් තමයි උත්තර හොයන්නේ. හොඳම උදාහරණ තමයි වකුගඩු රෝග ප්‍රශ්නය, ඩෙංගු මර්දන වැඩසටහන, සීටී ස්කෑනර් ප්‍රශ්නය , බෙහෙත් හිඟය වගේ දේවල් තාම තියෙනවා. මේ ඔක්කොම තියෙද්දී අපි ඉතා වේගයෙන් සහතික දෙන්න හදනව පිටරට සමාගම් වල කිරිපිටි වලට. ඇයි මේ?

:       17       120

isurandiWednesday, 20 February 2019 04:59 AM

සහතික ඇත්ත ඔබතුමාගේ කතාව.

:       0       10

සනත් Tuesday, 19 February 2019 01:08 PM

දී කිරට බළල්ලුත් සාක්කිලු.

:       6       45

මංජුල බිරැට් Tuesday, 19 February 2019 01:47 PM

කට්ටියටම කිරිපිටි සමාගම් වලින් ලොකු කුට්ටියක් ලැබිලා වගේ. මම නම් කියන්නෙ කිරිපිටිකාරයන්ගේ හොර ජාවාරමක් තියනවා. මෙයාලා සුදු හුනු ගානවා. මේ ගැන වහාම පරික්ෂණයක් කල යුතුයි

:       7       79

sandy123 Tuesday, 19 February 2019 03:30 PM

එක එක්කෙනා එක එක කියනකොට අපිට නම් නිකන් පිස්සු වගේ.....

:       6       29

අප්පුවා Tuesday, 19 February 2019 04:58 PM

මට හිතාගන්න බෑ මේ මිනිස්සු මේ තරමට රට මුලා කරලා අන්දුන් කුන්දුන් කරලා දාන්නේ ඇයි කියලා. රටේ ජනාධිපති කියනවා එකක්. සෞඛ්‍ය ඇමති කියනවා තව එකක්. දොස්තරලා කියනවා තව එකක්. කවුද හරි?

:       7       57

sandy123Wednesday, 20 February 2019 04:13 AM

ඔක්කම හරි. කිරි භාවිතා කරන අපියි වැරදි.

:       0       10

emerson Tuesday, 19 February 2019 06:50 PM

මේ පරීක්ෂණය කිරිපිටි වල ඌරු කිරි සහ පාම් තෙල් අන්තර්ගතද කියන එක ගැන නෙමෙයි. ඌරු කිරි සහ පාම් තෙල් විෂකාරක නෙමෙයි. කිරි ප්‍රමිතියෙන් යුතුයි නියමයි

:       28       18

sandy123 Wednesday, 20 February 2019 04:15 AM

කීයක් හම්බ වුනාද දන්නේ නැහැ කොමිස් හැටියට හැමෝටම? එක එක්කෙනා එක එක කියනකොට අපිට නම් නිකන් "මොංගල්" වගේ.....

:       5       10

දිලුම් Wednesday, 20 February 2019 04:58 AM

දැං ලංකාවේ නිසිම දෙයක් විශ්වාසයකින් පරිභෝජනය කරන්න බැරි තත්වයකට පත් වෙලා. ළමයෙකුට විශ්වාසයෙන් කන්න බොන්න දෙන්න දෙයක් නෑ. මේ රටේ උගත් හෝ නූගත් කිසිම කෙනෙක් කියන කිසි දෙයක් විශ්වාස කරන්න බෑ. හරිම තුචිච විදියට සමාජය පිරිහිලා. ඇමතියල නම් කෙහෙමෙත් ගවයින් නිසා කමක් නෑ උන් කියන කිසි දෙයක් අපි කෙහොමත් විශ්වාස කරන්නේ නෑ. ඒත් ඇයි මේ වෛද්‍යවරු වගේ මිනිසුන් දෙවියන් ලෙස සලකන කොටසකුත් අසරණ මිනිසුන් සහ අහිංසක ළමයින් මරණය කරා ඇද යන්උන්ට උදව් කරන්නේ.

:       0       96

wedage Wednesday, 20 February 2019 05:08 AM

මේ එක දොස්තර කෙනෙකුගේ නමක් හෙළි කරන්න

:       0       259

sujeewa Wednesday, 20 February 2019 07:18 AM

කාගේ කාගේත් කෙරුවාවල් අපි හැමදාම දැක්කනේ. මම නම් ගෙදරට දැන් ගන්නේ ලංකාවේම හදන කිරිපිටි විතරමයි.

:       0       0

jayath Wednesday, 20 February 2019 08:28 AM

කිරිපිටි සමාගම් , පත්තර පිටු පුරා දැන්වීම් දමනවා ඒ පිටිවල මොනවත් නැහැ අරහේ පරික්ෂා කරා , මෙහෙ පරික්ෂා කරා කියලා සාමාන්‍ය ජනතාවට මේ පරීක්ෂණ කරන්න බැහැ නෙව. කව්රුහරි වගකිව යුත්තෙක් නැහැ මේකෙදිත් හරියට තත්වය කියන්න එක මේ රටේ අවාසනාව. මේ දේ හින්ද මෙච්චරකල් අපේ රටේ විතරක් හදන කිරි විතරක් බීපු අපි වගේ අයට වෙළඳපොලේ ඒවා ගන්න නැහැ.

:       0       0

rocky Thursday, 21 February 2019 01:22 AM

කවුරු හරි, කාගෙන් හරි කප්පම් මුදලක ගන්න හදනවා .. ෂුවර්!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 494 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1080 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1234 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 794 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 208 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1932 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site