IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්

රුධිර ප්ලාස්මාව  අපනයන කිරීමේදී ඒවා  මිලදී ගන්නා ඇතැම්  ආයතන  කෘතිම රුධිරය කලවම් කිරීමේ චෝදනාවන්ට  ලක්වීමෙන් ඒ   පිළිබඳ විශාල ගැටළුවක් ඇති වී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට බරපතල අපකීර්තියක් විය හැකි බවත් සෞඛ්‍ය  වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ  සභාපති රවි කුමුදේෂ් මහතා පවසයි.


රුධිර පරිත්‍යාගශිලින්ගෙන් ලබා ගන්නා අතිරික්ත රුධිර කොටස් අපනයනය කිරීමේදී ඒවා මිලදී ගනු ලබන ආයතන හි සදාචාරාත්මක භාවිතය පිළිබදව සොයා නොබැලීමෙන්  මෙම ගැටළුව ඇති වී  ඇති බවත්  හෙතෙම සඳහන් කළේය.


මේ වනවිට ශ්‍රී ලංකාවේ රුධිර කොටස් මිලදී ගැනීමට ඉල්ලුම් කර ඇති ඇතැම්  ආයතන වලට  කෘතීම රුධිරය කලවම් කිරීම වැනි සදාචාරාත්මක හා නිත්‍යනුකුල නොවන භාවිතා පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ පවතින බවට  තමා    සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත  ලිපියක් ඉදිරිපත් කරමින් පෙන්වා  දී  ඇතැයි ද රවී කුමුදේශ් මහතා මහතා සඳහන් කරයි.


අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස  අදාල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව  පවසන කුමුදේශ් මහතා  වැඩිදුරටත් පවසනුයේ රුධිරය අපතේ යාම වැලැක්වීම සදහා ගනු ලබන හදිසි තීරණයක් ලෙස පෙන්වා දෙමින්, චෝදනා සහිත ආයතනයකට රුධිර කොටස් විකිණිමේ වෑයමක් පවතින බවට තම සංගමය සැකකරන  බවයි.

රවි කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ වැඩි දුරටත් මෙලෙස සඳහන් වේ. 


ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකයේ බොහෝ රටවල ශරීර කොටස් විකිණීම තහනම් ක්‍රියාවක් වන අතර ඒවා ලබාදිය හැකි වනුයේ පරිත්‍යාග වශයෙන් පමණි.


 රුධිරය යනු රෝගී අවශ්‍යතාවය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන ජිවී සංඝටකයක් වන බැවින් හදිසි අවශ්‍යතාවයන්හිදී පරිහරණය කිරීම සදහා පරිත්‍යාගශීලීන්ගේ රුධිරය එකතු කර තැන්පත් කර ගැනීම සිදුවේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මෙලෙස එකතු කර අතිරික්ත රුධිර කොටස් අපනයනය කරනු ලබන අතර කාලාන්තරයක් තිස්සේ ඉන්දියානු සමාගම් කිහිපයක් විසින් තරගකාරී මිලකට ඒවා මිලදී ගනු ලබයි. 


ඉන්දියාව වැනි රටවලින් ඉතා අඩු මුදලකට මිලදී ගනු ලබන මෙම රුධිර කොටස් මගින්, විවිධ නිෂ්පාදන සිදු කොට ඉතා වැඩි මුදලකට බටහිර රටවලට විකිණීම සිදුවේ. කෙසේ නමුත් මිනිස් රුධිරය සදහා කෘතීම නිපදවූ සංඝටක හා සත්ව රුධිර කොටස් එකතු කිරීමේ ජාවාරම් පිළිබඳව ලෝක අහාර හා ඖෂධ අධිකාරීන්හි දැඩි අවධානය යොමු වී ඇති අතර, එවන් ව්‍යාජ නිෂ්පාදන මගින් කිසියම් ජීව විද්‍යාත්මක ව්‍යසනයක් සිදුවුවහොත් ඊට අදාළ  රුධිරය අපනයනය කර රට චෝදනාවට ලක්වීම නොවැලැක්විය හැක.

(36698)



අදහස් (13)

රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්

sena Sunday, 21 October 2018 12:31 PM

මම බොහෝවිට රුධිරය පරිත්‍යාග කරලා තියෙනවා.. මීට පස්සේ රුධිරය (අත්‍යවශ්‍ය දන්නා කෙනෙකුට හැරෙන කොට) පරිත්‍යාග කරන්නේ නැහැ - මගේ ලේවලින් මම තව කාටවත් (විශේෂයෙන් අපේ රටේ ජාවාරමුන්ට සහ ඉන්දියන් කාරයින්ට) සල්ලි හම්බ කරන්න ඉඩ දුන්නා කියන්නේ මම මොනතරම් පල් මෝඩයෙක්ද?

:       124       588

සතයපාල Sunday, 21 October 2018 12:43 PM

අපි පරිතයාග කරන රුධිරයේ කොටස් විකුණන බව දැන ගත්තේ අද? කොහොම වුණත් ඒ විකුණන රුධිර කොටස් වලට වෙනත් දේවල් කලවම් කර විකුණනවා..

:       26       115

Dinesh kelum Sunday, 21 October 2018 01:47 PM

හදවත සසල කරවන පුවතක්..⁣ ශරීර අවයව හෝ ලේ විකිණීම තහනම් වනුයේ නම් කෙලෙසකද එය ඉන්දියානු සමාගම්වලට විකුණනු ලබන්නේ..? මනුෂ්‍යත්වය පිරිපුන් මිනිසුන් විසින් අවශ්‍යතා ඇත්තවුන්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා සද්භාවයෙන් පිරිනමනු ලබන රුධිරය අතිරික්තයක් යැයි පවසා මුදලට කිනම් හෝ රටක පාලනයන් විකුණනු ලබන්නේ නම් ඔවුන්ට ඇමතීමට ශබ්දකෝෂයේ නොමැතිය.. සියල්ල ජරාජීර්ණ සමාජයක...පාලනයක මෙවන් දෑ අරුමයක්ද නොවන්නේය.. රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලිමට දෙයක් ඇත.. ඔබ රුධිරය පිරිනැමීමේදී අත්‍යවශ්‍ය පුද්ගලයා හඳුනාගෙන ඔහුට රුධිරය පිරිනමා මහත් වූ කුසල් හිමිකරගන්න.. ඔබේ රුධිරය ඔබටත් නොදැනීම පාලකයන් මුදල් බවට පත්කරමින් ජාවාරමක නිරතවෙයි.. උපත ලබා වසර 30 වන මා පළමු වරට මෙවන් ජරාජීර්ණ පුවතක් දුටුවෙමි.. නොබෝ දිනකින් රුධිරයද ශ්‍රීලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩයක් වනවා නොඅනුමානය.. වසර 70 පාලකයින්ගේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන දසරාජ ධර්මයේ දහම් දීපය.. අහෝ බුදු හිමියණේ.. ඔබ දෙසූ ධර්මය අනතුරේ..

:       62       2146

චීටා Sunday, 21 October 2018 02:26 PM

ලේ බැංකුවට ලබාදෙන අපේ රුධිරය, රෝගියෙකු වෙනුවෙන් ඒ ආකාරයටම භාවිතා කරන්නේ නෑ. (ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි ප්‍රදානය කරන රුධිරය, ඒ ආකාරයටම රෝගීන්ට ලබාදෙන බවක්. නමුත් එහෙම කරන්න බෑ) ඒ රුධිරය විවිධ සංඝටක වලට වෙන් කරනවා. රතු රුධිරාණු, රුධිර පට්ටිකා සහ සුදු රුධිරාණු හැටියට. මේ ක්‍රියාවලියෙදි අතුරුඵලයක් හැටියට රුධිර ප්ලාස්මාව ඉතුරු වෙනවා.. අනතුරකින් හෝ ශල්‍යකර්මයකදී අධික රුධිරය වහනය වුනොත්, රෝගියාට ලබා දෙන්නේ රතු රුධිරාණු. හෘදයවස්තුවේ කෙරෙන ශල්‍යකර්මවලදී සහ අනිත් සෑම ශල්‍ය කර්මයකදීමත්, සමහර පිළිකා තත්ව වලදීත් පට්ටිකා ලබාදෙනවා. පිළිකාවලදී සහ ප්‍රතිශක්ති ඌනතා තත්ව වලදි රෝගීන්ට සුදු රුධිරාණු ලබා දෙනවා. අතුරුඵලයක් හැටියට නිෂ්පාදනය වෙන රුධිර ප්ලාස්මාව, කලාතුරකින් ප්‍රතිකාර සඳහා භාවිතා වුණාට, බොහෝවිට භාවිතා වෙන්නේ නෑ. නමුත්, අවශ්‍ය තාක්ෂණය තියනවා නම්, ඔය රුධිර ප්ලාස්මාවෙන් පුළුවන් හිමොෆීලියාව වගේ රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ නිපදවන්න. ප්‍රශ්නේ තියෙන්නේ, ලංකාව සතුව තවමත් ඒ තාක්ෂණය නෑ. ඒ නිසා කාලයක් තිස්සේ කෙරුනේ, වැඩිපුර භාවිතයට නොගන්නා අතුරුඵලයක් වෙච්ච රුධිර ප්ලාස්මාව විනාශ කරන එක....

:       2       337

චීටා Sunday, 21 October 2018 02:37 PM

මුල් කමෙන්ටුවෙන්... නමුත් මෑත කාලයේදි ලංකාවට අවස්ථාව ලැබුණා. ඒ ඉවත දමන ප්ලාස්මාව විදේශයන්ට ලබා දීලා රටට ආදායමක් ලබා ගන්න. ඒ ප්ලාස්මාව භාවිතා කරලා නිපදවන ඖෂධ නිපදවීමට තාක්ෂණය සහිත රටවලට, අතිරික්ත ප්ලාස්මාව ලබා දීමෙන්... මේක කරන්නේ ටෙන්ඩර් පටිපාටියකට, රජයෙන්. මේ ලිපියේ කියවෙන්නේ, ඒ ටෙන්ඩර් පටිපාටියට අනුව, ඉවත දැමීමට නියමිත ප්ලාස්මාවෙන් රටට ආදායමක් ලබා ගැනීම ගැනයි....

:       2       199

Mahesh jayawickrama Sunday, 21 October 2018 03:11 PM

පිළිකුලක්, හිරිකිතයක් දැනෙනවා මේ වගේ පුවත් දකිද්දී...

:       35       78

Reality Check Sunday, 21 October 2018 11:39 PM

බලයේ සිටින්නන් නීතිය සහ ප්‍රමිතිය 100%ක් ක්‍රියා නොකරන්න බිය නැතිවීම අපගේ අවාසනාවකි. මේ රටේ ඇති වංචනික දේශපාලනය සහ එහි නියමුවන් වෙනස් කිරීමට අප හට නාගනන්ද මහතා වැඩ පිළිවෙලක් මේසය මත තබා ඇත. එය කියවා දැනුවත්වී, 2020දී අපි දියුණු, සාධාරණ ලෝකයට යන මාර්ගයට පිවිසෙමු. එහෙම නැත්නම්, වැදී බණ කියමින්, රටේ සම්පත් සූරාකමින් කෑදර ලෙස මඩිය තරකරගන්නා තක්කඩියන් රැලක් සමග නැවතවරක් නැගිට, මගුල් කමු.

:       0       1

රවින් Monday, 22 October 2018 01:14 AM

රවී කුමුදිෂ් ගේ කතාවයි? චීටා ගේ කතාවයි? කාසියේ කොයි පැත්තද කියලා මාධය විසින් මේ ලිපිය පලකල ආකාරයෙන්ම නිසි විමර්ශනයක් කර සත්‍ය මහා ජනතාවට එලිදරව් කලොත් වඩාත් යෙහෙකියි.

:       0       8

දිලුම් Monday, 22 October 2018 03:19 AM

අයියෝ මේ රට මොකාද හරි මොකාද වැරදි කියල හිතා ගන්න බෑ. ඔක්කොම රට කනවා.

:       0       5

isurandi Monday, 22 October 2018 04:03 AM

ඔබට ස්තුතියි චීටා මේගැන පැහැදිලි කරදුන්නට.

:       0       103

විකුම් රංගන Tuesday, 23 October 2018 04:11 PM

වෛද්‍ය මාෆියාවේ ප්‍රධානියෙකුත් සම්බන්ධ වෙලා ලංකාවේ කරගෙන ගිය ඉන්දියන් ජාතිකයින්ගේ වකුගඩු ජාවාරමක් ගැන දැන් කාටවත් මතකත් නැහැ වගේ... එවැනි ජාවාරම් කළ අයට, මේවත් වැඩද? නිසි විමර්ශනයක් කළොත්, දැනගන්න ලැබෙයි... ප්‍රමිතිගත විශේෂඥ මාෆියාකාරයින් මේ ජාවරමේත් යට සිටින බව...

:       0       0

Ranga Wednesday, 24 October 2018 05:21 AM

මහ ජරා වැඩ!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 187 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 333 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 60 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 515 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1460 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3696 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site