IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රාජ්‍ය ආයතන කිහිපයකට නියෝගයක්

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
 
රජයේ ගොඩනැගිලි වලට අබාධ සහිත පුද්ගලයින්ට ප‍්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව (18) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මින් ඉදිරියට අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන යටතේ ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයින්ට ප‍්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදි කළ යුතු බව නියෝග කළේය.

මෙම රෙගුලාසි සහ රීති වලට අනුකූල නොවන ගොඩනැගිලි සැලසුම් අනුමත නොකළ යුතු බවටද තවදුරටත් නියෝග කළේය.
මෙම රෙගුලාසි කඩ කරන්නන්ට එරෙහිව නඩු පවරන ලෙසද අධිකරණය වගඋත්තරකාර අමාත්‍යාංශවල ලේකම්වරුන්ට නියෝග කළේය.

මීට අමතරව රුපියල් 50,000 ක මුදලක් නඩු ගාස්තු හැටියට පෙත්සම්කරුට ගෙවන ලෙසද රජයට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ආචාර්ය අජිත් සී. පෙරේරා මහතා විසින් ගොනු කළ මූලික අයතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.

දෙහිවල ,ආතර් පෙදෙසෙහි පදිංචි අංක 18 /1 දරණ ස්ථානයෙහි පදිංචි ආචාර්ය අජිත් සී.පෙරේරා මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එවකට සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටුයතු කළ අමාත්‍ය දයා ගමගේ , එවකට පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටුයතු කළ ෆයසිර් මුස්තාපා , නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස , මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක , අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , අධිකරණ අමාතන්‍ තලතා අතුකෝරළ , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය , නගර සංවර්ධන අධිකාරිය සහ නීතිපති නම් කරනු ලැබ ඇත.

විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන විනිසුරුතුමන්ලාගේ එකඟත්වයෙන් විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා විසින් ප‍්‍රකාශිත තීන්දුවේ මෙසේ ද සඳහන් වේ.

මෙම නියෝගයන් තවමත් ක‍්‍රියාත්මක නොකර අදාළ නීතීන් උල්ලංඝණය වන බව පවසමින් පෙත්සම්කරු 2018 සැප්තැම්බර් 3 වැනි දින තවත් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීතිපතිවරයා උත්තර බඳිමින් කියා සිටින්නේ අදාළ නීති සහ රෙගුලාසි ක‍්‍රියාත්මක කරමින් පවතින බැවින් අයිතිවාසිකම් කඩවීමක් සිදු නොවන බවයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු ආබාධ සහති පුද්ගලයින් පහසුකම් සැලසීමට අදාළ නීතී ක‍්‍රියාත්මක නොකිරීමට රජය අපොහොසත් වීමෙන් පෙත්සම්කරු ඇතුළු ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇත.



අදහස් (3)

රාජ්‍ය ආයතන කිහිපයකට නියෝගයක්

ජයරත්න Thursday, 18 April 2019 10:57 AM

මිනිස්සු අධිකරණයට කොතරම් බැන්නත් අන්තිමේදී සාධාරණයක් ඉෂ්ඨ වෙන්නේ එතැනින් පමණයි.

:       0       2

චමින්ද Friday, 19 April 2019 01:23 PM

මෙහි මුලින්ම අාබාධිතයින්ට නොසැලකීමට වරදකරු වී සිටින්නේ සමාජසේවා අමාත්‍යාංශයයි. මගේ අත්දැකීමට අනුන්වත් එය ඉතාම නිවැරදියි. මේ අමාත්‍යාංශය යටතේ ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ගම් මට්ටමේ සිටින සමහරක් නිලධාරිනියන් කටයුතු කරන්නේ ඔවුන් සිටින ප්‍රාදේශීය කාර්යාලවල ප්‍රධානීන්ටත් ඉහළින් සිටිමිනුයි... මෙය එක් අතකින් අධ්‍යාපන සහතිකය මතම විධිමත් පුහුණුවක් නොදී රැකියා දීමේ වරදක් වෙන්න පුලුවන්. මේ ගැන අවධානය යොමුවේවා...!!!

:       0       0

ආනන්දSaturday, 20 April 2019 01:06 AM

මෙය ඉතාම ඇත්ත...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 254 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 950 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2381 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1630 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 957 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2211 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site