IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රවීගේ යෝජනාවට මංගලගේ විරෝධය

(අජන්ත කුමාර අගලකඩ)

විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත්කරන ලද කැබිනට් සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (23) පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.

මෙම කැබිනට් පත්‍රිකාව මීට පෙරද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සිය විරෝධය පළකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවැති කැබිනට් රැස්වීමේදී අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්වී ඇති අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළ කර ඇත.

කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ කුලි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන විදුලිබල අමාත්‍යාංශය කොළඹ නවම් මාවතේ පිහිටි කුලී ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

අදාළ කැබිනට් සංදේශය සාකච්ඡාවට ගත් අවස්ථාවේ අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිඳු මුදලක් ලබාදිය නොහැකි බව පවසා ඇතැයි දැනගන්නට තිබේ.

අලුතින් කාර්යාලවලට මුදල් වියදම් නොකරන බවට තින්දුවක් ගෙන ඇති බවත් එබැවින් විදුලි බල අමාත්‍යාංශයේ යෝජනාවට එකඟවිය නොහැකි බවත් සමරවීර මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා අදහස් දක්වමින් අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ ඉඩකඩ පහසුකම් අඩු බැවින් වෙනත් ස්ථානයකට රැගෙන යන බව සඳහන් කර ඇත.

ඒ අනුව විදුලි බල අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙන යාමට අවශ්‍ය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලංකා විදුලි සමාගමෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවද වාර්තා වේ.



අදහස් (15)

රවීගේ යෝජනාවට මංගලගේ විරෝධය

Prabha Tuesday, 23 July 2019 05:18 PM

මොකද තියෙන බිල්ඩිම කඩා වැටෙනවද?

:       2       305

shantha QatarWednesday, 24 July 2019 03:10 AM

මම හිතන්නේ ප්‍රභා කියවල නැහැ වගේ සම්පූර්ණ ලිපිය. එතන තියෙනවා නේද ඉඩක මදි නිසා කියලා. නමුත් ප්‍රශ්නේ එක නෙවේ. හරි සේවා පහසුකම් දෙනවද බලන්න තියෙන එකෙන් හරි අලුතෙන් ගෙන යන එකෙන් හරි. කොහෙට ගියත් අන්තිමට බිල එන්නේ කැරලිලා අපේ ඔලුවට. ලයිට් දුන්න හෝ නැත හෝ වෙලාවට බිල්ල නම් එනවා.

:       0       2

මනෝ Tuesday, 23 July 2019 05:51 PM

ඇමති දෙන්නම ගොඩ. පාරිභෝගික අපිට බිල. මේ රජය ජනතාවගේ බුද්ධියට කරන අපහාසය කොතරම් ද!

:       145       610

Chathuri Tuesday, 23 July 2019 07:18 PM

කුලියට ගන්න. යන ගොඩනැගිල්ලෙහි අයිතිකරු පවුලේ කෙනෙක්ද, මිත්‍රයෙක්ද? මේ ගැන හොයලා බලන්න. අපේ අයියලා රටට, ජනතාවට වැඩිය පවුලේ අයට මිත්‍රයින්ට හරිම ආදරෙයි. හැම ආණ්ඩුවක් කරනකොටම මේවගේ දේවල් සිදුවුණා. නැවත පත්වෙන ආණ්ඩුවෙන් ප්‍රශ්නය විසඳන්න ඉඩ තියන්නේ නැතිව, මේ ගැන සොයලා බලන්න කොහොමත් මේ වගේ තැන්වල ඇමතිලා වැඩ කරන්නේ නැහැනේ. සේවකයින්ට ප්‍රශ්නයක් නැතිනම් ඇමතිලා ඇයි කරදර වෙන්නේ. ඔය නිකරුනේ වියදම් කරන මුදලින් මුළු රටටම ආලෝකය දෙන්න බලන්න.

:       0       7

sirimal Tuesday, 23 July 2019 10:15 PM

මංගල මහත්තය පරණ නෝනා කෙනෙකුගේ පදේට නටනවා කියන්නේ ඇත්තද? දන්නේ නැති නිසයි අහන්නේ. නෝනා වෛර කරන්නේ කාටද කියල අපිනන් දන්නවා.

:       0       0

sisira Tuesday, 23 July 2019 10:39 PM

හොඳ කුට්ටියක් ඇති මේ වැඩෙනුත්. අන්තිමට කියයි මම මේ මුකුත් දන්නේ නැහැ කියල.

:       0       78

Hafeel Tuesday, 23 July 2019 11:11 PM

මේ රවීට නිකං ඉන්න බැහැ. මේ දවස්වල කඳුකරයට වහින්න නිසා ජලාශවලට ජලය ලැබමින් පවතිනව. මේක පාරිභෝගික අපිට හොඳ වුණාට, රවීට නම් කොහොමටත් හොඳ නැහැ. ඉතින් කොහෙන් හරි රිංග ගන යන්න තමයි උත්සාහ කරන්නේ.

:       0       2

sarath Wednesday, 24 July 2019 01:33 AM

රවී හොරා. ඉඩ දෙන්න එපා.

:       0       3

ET Wednesday, 24 July 2019 02:31 AM

බොන්ඩ් මගඩියට මෙයාට නීතිය ඉදිරියට පත් කරන්නෙ නැත්ද?

:       0       0

ET Wednesday, 24 July 2019 02:40 AM

රනිල්, රවී නැති ආණ්ඩුවක් අපිට ඕනෑ...

:       0       70

jayath Wednesday, 24 July 2019 03:12 AM

ඔව් ඉතින් මේ පාපය, මේ මජර ක්‍රමය තියන තුරාවට මේ රටේ ඉන්න ජනතාවට සදාකල් විඳින්න වෙනවා. අර එකක් මතකද කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල ?

:       0       25

දිලුම් Wednesday, 24 July 2019 04:04 AM

මේ අයට ඕන හොඳ කාමර, සැප පුටු, යාන වාහන වගේ භෞතික දේවල් මිසක් වැඩ නෙමෙයි.

:       0       57

සේන Wednesday, 24 July 2019 05:36 AM

රයිගමයයි ගම්පොළයයි. ඔය විකට වලින් රටට වැඩක් නෑ

:       1       0

Sunil Wednesday, 24 July 2019 06:19 AM

තව වැජඹෙන්න තියෙන්නේ සුළු කාලයයි....... ඡන්දෙදි බලාගන්නම්......

:       1       43

absrila Wednesday, 24 July 2019 11:31 AM

මෙතෙක් කතාව... හේ රවී කරුණානායක නම් විය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 680 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 129 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 902 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 936 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1271 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1150 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site