(අමල් වික්‍රමරත්න)
ග්‍රාමීය ජනතාව හොඳින් හඳුනනවා කියන සජිත්ට අපි අභියෝග කරනවා ඇල්පිටිය ආසනය මෙහෙයවලා පුළුවන්නම් සියයට 40 ක ඡන්ද ප්‍රමාණයක් අරගෙන පෙන්නන්න කියලා , සියයට 60 කට වැඩි ඡන්දයකින් අපි ඇල්පිටිය දිනනවා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (01) අක්මීමන දී පැවසීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක වැඩපිළිවෙල දැන් ඉතාම හොඳින් ගම්දනව් සිසාරා කෙරීගෙන යනවා. ගමේ මට්ටමේ ජාතික මට්ටමේ සමුළු පවත්වන මට්ටමට ගෙහින් තියෙනවා.
දැන් අපි ලංකාවේ ශක්තිමත්ම සහ වඩාත් සංවිධානාත්මක පක්ෂය බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ 7 වෙනි ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.
පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරා ගමන් කරමින් සිටියත් එජාපය තවමත් ඔවුන්ගේ අපේක්ෂකයා පවා තෝරාගැනීමට නොහැකිව සිටිනවා.
ඒක අද විශාල අර්බුධයක් දක්වා ම ගිහින් පක්ෂය දෙකට තුනට කැඩෙන තත්වයට පත්වෙලා. එක පැත්තකින් සජිත් අනිත් පැත්තෙන් කරු තවත් පැත්තකින් රනිල් තාමත් කියන්නේ පත් කරන අපේක්ෂකයා තීරණය කරන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලයි.
අපි විශ්වාස කරන විදිහට සජිත් කරු මොනවා කිව්වත් මේ වතාවේ එජාප අපේක්ෂකයා වෙන්නේ රනිල් බවට අපිට සැකයක් නෑ.හැබැයි සජිත්ට භුමියේ හොඳ සටනක් දීලා අපේක්ෂකත්වය ලබා ගන්න හොද අවස්තාවක් එලබිලා තියෙනවා.
ඒ අවස්තාව තමයි ඔක්තෝම්බර් මාසේ පළමු සතියේ පැවැත්වීමට නියමිත ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණය අපි පොදු පෙරමුණ බොහොම ශක්තියෙන් ඉන්නවා.
අපි අභියෝග කරනවා ගයන්ත කරුණාතිලකගේ ආසනය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සජිත්ගේ හොද හිතවතෙක් ඇල්පිටිය කියන්නේ හොද ග්‍රාමීය ප්‍රදේශයක් ග්‍රාමීය ජනතාව හොදින් හදුනනවා කියන සජිත්ට අපි අභියෝග කරනවා පුලුවන්නම් ඇවිත් ඇල්පිටිය ආසනය මෙහෙයව සියයට 40 ක ඡන්ද ප්‍රමාණයක් අරගෙන පෙන්නන්න කියලා.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රමේෂ් පතිරණගෙන් සජිත්ට අභියෝගයක්