IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

(අප්සරා යෝසිත් විජේසූරිය)

ඉකුත් 20 දින නිකුත් කළ පැය 72 රැඳවුම් නියෝගය අනුව පොලිස් භාරයේ රඳවාගෙන සිටි රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙනා අදාල විමර්ශන සිදුකර අද (22) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂිණි පෙරේරා මහත්මිය විසින් එම සැකකරුවන් ජූනි 03 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් භාරයට පත්වූයේ රත්නපුර නගරයේ මොහොමඞ් නශීර් මොහාමඞ් නෆ්රාත්, මොහොමඞ් ෆවුස් මොහොමඞ් අවුසාන් යන මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු සහ කේ. අනුෂ්ක දිල්ශාන් නැමැති තරුණයෙකි.

මේ සම්බන්ධව අධිකරණය පැය 72 ක රැඳවුම් නියෝග කාලසීමාවක් ලබාදී තිබුණද විමර්ශනවලට අදාළව සැකකරුවන්ගෙන්  ප‍්‍රශ්න කිරීම් අවසන්වීමෙන් පසුව රත්නපුර පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලයනල් මහතා විසින් අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.

සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ ගාමීණී රත්නායක සහ නීතීඥ ප‍්‍රියංකා ගුණවර්ණසූරිය මහත්මිය කියා සිටියේ සැකකාර තරුණයන් තිදෙනා වෙසක් දිනයට පසුදිනයේ නගරය වර්ණවත් ආලෝකයෙන් අලංකරණයව ඇති දර්ශන ඡායාරූප ගත කිරීමට පල්ලෙකන්ද රක්‍ෂිතයට ගොස් ඡායාරූප ලබාගැනීම සිදුකළත් වෙනත් කිසිඳු අයහපත් අරමුණකින්  ඡායාරූපකරණයක් හෝ වෙනත් ක‍්‍රියාවක් සිදුනොකළ බවයි.

මෙසේ සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ එම නීතීඥ මහත්ම මහත්මීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට සනාථවන තොරතුරු නොමැති බැවින් ඇපමත සැකකරුවන් මුදාහරින ලෙසයි.

සැකකරුවන් සතු කැමරා, වීඩියෝ දර්ශන, කැමරා උපාංග සහ ජංගම දුරකථන පිළිබඳ අදාළ අංශවල දත්ත  විශ්ලේෂන වාර්තා කැඳවීමට නියමිත බවත් ඒ තාක්‍ෂණික කරුණුවලට ආදාල විමර්ශන සිදුවන බවත් සැකකරුවන් රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



අදහස් (0)

රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

දියත

පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 148 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 32 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 15 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 56 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 481 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3138 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site