(අප්සරා යෝසිත් විජේසූරිය)
වෙසක් පෝයට පසුදින (19) රත්නපුර නගරයේ ඡායාරූප ලබාගත්තේ යයි ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ යයි සැකපිට අත් අඩංගුවට ගත් තරුණයන් තිදෙනකු රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් මල්කාන්ති වැකුණගොඩ මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැය 72ක කාලයක් රඳවාගෙන එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවසරය ලබාදෙමින් නියෝගයක් නිකුත් කළාය.
ඒ අනුව මෙම සැකකරුවන් තිදෙනා 23 වැනිි දින යලි අධිකරණයට ඉදිරිපත් කිරීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
මෙසේ අධිකරණයට ඉදිරිපත් කළ පසුව රැඳවුම්භාරයට පත් සැකකරුවන් වූයේ රත්නපුර නගරයේ පදිංචි රත්නපුර නගරයේ පදිංචි මොහොමඞ් නශීර් මොහාමඞ් නෆ්රාත්, මොහොමඩ් පවුස් මොහොමඞ් අවුසාන්, යන මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනා සහ කේ. අනුෂ්ක දිල්ශාන් කළුපහන නැමැති සිංහල තරුණයෙකි.
සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට ඉඩ ලබාදෙමින් මහේස්ත්‍රාත්වරිය එසේ රඳවාගැනීමේ නියෝගය නිකුත් කළේය. එසේම මෙම සැකකරුවන්ගේ ජංගම දුරකථන දත්ත පිලිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණයට අදාල අංශ වලින් වාර්තා කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙම තරුණයින් තිදෙනා ඊයේ (19) දින රත්නපුර අංගම්මන පල්ලෙකන්ද රක්ෂිත ප්‍රදේශයේ ඡායාරූප ගත් බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුවන් භාවිතකලේ යයි කියන අධිතාක්ෂණික කැමරා 2ක්, යතුරුපැදි සහ අංක තහඩු 2ක්, හමුදා හිස්වැසුමක්, ජංගම දුරකථන සැකකරුවන් සන්තකයේ තිබූ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.
මේ සම්බන්ධව 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 7වැනි වගන්තියට අනුව රත්නපුර පොලිසිය නීතිය බලගැන්වීමේ ඒකකය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලයනල් මහතා විසින් අධිකරණයට කරුණු වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.
මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ පැමිණිලි පාර්ශවයේ රත්නපුර ප්‍රදේශවාසීන් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්වෙමින් කරුණු දැක්වූ විෂාන් මෛත්‍රීපාල, ජනක සුමේධ යන නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුවන්ගේ ඡායාරූප ගැනීමේ ක්‍රියා කලාපය සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින්ද සැකකරුවන් සතු ආමි කැප් එක අංක තහඩු ආදිය පිළිබඳව සැකසහිත බැවින්ද සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි.
තුන්වන සැකකරුවන අනුෂ්ක දිල්ශාන් වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා වෙසක් දිනයේ නගරයේ ඡායාරූප ලබාගත්තේ නගරය ආලෝකමත්වූ දර්ශන ඡායාරූප වශයෙන් ලබාගැනීමේ අදහසින් බවයි.
මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රත්නපුර ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැඳී සිටිනු දක්නට ලැබුණි.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රත්නපුර ඡායාරූප ගත් තිදෙනා රඳවා ප්‍රශ්න කරන්න අවසර
jayath Tuesday, 21 May 2019 02:31 AM
මේක දැන් පුදුම රටක් වෙච්චි අර මනුස්සසය ඇත්තටම නගර අලංකාරය ඡායාරූප ගත කරන්න ඇති . නමුත් ගිනිපෙනෙල්ලෙන් බැටකාපු අපි දැන් කළා මැදිරියට බය වෙන එක ත් සාදාරනයි.
janahitha Tuesday, 21 May 2019 06:19 AM
නැගෙනහිර පරික්ෂා කරන්න ඔය උනන්දුව නැහැනේ