IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රත්ගම ඝාතනයට වන නිලධාරියෙකුත් දැළේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු වන නිලධාරීයා හා පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සැකකාර බීට්ටු වන නිලධාරියා අදාල වනාන්තරය තුළ සිරුරු පුලුස්සා දැමිය යුතු ස්ථානය පෙන්වා දීම මෙන්ම ඊට ආධාර අනුබල දීමද සිදු කර ඇති බව රහස් පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී ඇත.

එම සැකකරු මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ පසුවන පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නැමැත්තාගේ මිතුරකු බවද අනාවරණයවී තිබේ.

දික්වැල්ල වේහැල්ලේ පදිංචි එම 39 හැවිරිදි එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හෙට (04) දිනගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ අතර මෙම අපරාධය අනාවරණය වීමත් සමඟ සැඟවී සිටිබව කියන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන  ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේදා (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ බාරවීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණ නියෝග මත පැය 48 ක කාලයක් ඔහු රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන අවස්ථාවේදී අදාල ව්‍යාපාරිකයින් දෙදෙනාට අයත් බව කියන ජංගම දුරකතන තුන දික්වැල්ල ප්‍රදේශයේ කලපුවකට විසි කර ඇති බව ප්‍රකාශකර තිබේ.



අදහස් (6)

රත්ගම ඝාතනයට වන නිලධාරියෙකුත් දැළේ

de silva berlin Sunday, 03 March 2019 08:53 PM

ලංකාවේ ඉන්න රජයේ නිලධාරින්ගෙන් 99% පගාව, වංචාව, හොරකම, දුෂණය අනිවාර්යයෙන්ම කරනවා. කරන වැරදි අහුවුනොත් ඒකෙන් ගැලවිලා යන්න පුළුවන් නිසා පොලිස් නිලධාරීන් ලගින් ආශ්‍රය කරනවා. ඔක්කොම එකතුවෙලා විවිධ ජාවාරම් හොරකම් බය නැතුව කරනවා. මේ රට ගොඩගැනීම ගැන බලාපොරොත්තු තබාගැනීමට බැහැ

:       1       76

Chanak Los angeles Monday, 04 March 2019 12:38 AM

ඉතාම කෘර අපරාධයක් ..මෙය ජනතාව ආරක්ෂා කරන්න බැදී සිටින නිලධාරීන්ගෙන් සිදුවීම ඊටත් වඩා කෘරයි. අපි අවධාරණයෙන් කියා සිටිනවා මෙම අපරාධයට සම්බන්ධ සියලුම දෙනාව කොළ නැති ගහේ යවන්නම කියා ..

:       2       60

Uditha - London Monday, 04 March 2019 04:14 AM

දෙන්න තියන ලොකුම දඩුවම දෙන්න ඕන. නමුත් තවම හෙළි කර ගන්න බැරි වුනා මෙහෙම කෘර අපරාධයක් කරන්න තියන හේතුව මොකක්ද? දරු පවුල් විනාස කරපු මේ අපරාද වලට සම්බන්ද හැම කෙනාටම දඩුවම් දෙන්න ඕන...

:       1       29

Mahee Monday, 04 March 2019 05:10 AM

ලංකාවේ කතාවක් යනවා මේ දෙන්න කරපු දේවල් ගැන. මියගිය අයට දොස් කියනවා නෙමෙයි, නමුත් ඒ කතා ඇහුවාම අපි නන්නත්තාර වෙනවා. එහෙම කියල පොලිසියට හෝ වෙන කිසිවෙකුට මිනිස් ඝාතන කරන්න අයිතියක් නැහැ කියන එකත් මම එකහෙලාම පිලිගන්නවා. නමුත් මාධ්‍යවලින් පෙන්වන දේට වඩා වෙනස් සිද්ධියක් මෙතන තියෙන බව පේනවා.

:       0       57

isurandi Monday, 04 March 2019 07:27 AM

මෙහෙම කරන්න හේතුව මොකක්ද? පාතාලයේ රජවරු ගැන මාධ්‍යයෙන් ඕනෑතරම් අසා තියෙනවා. එවැනි අයට මෙවැනි දඬුවමක් ලැබුණා නම් පැහැදිලියි. එහෙම වුනේ මේ නිසයි කියලා. නමුත් මෙය කුමන හේතුවක් නිසා වුනා දැයි හැමෝටම ප්‍රශ්නයක්!

:       0       0

de silva berlin Monday, 04 March 2019 08:06 AM

බලාගෙන යනකොට මේක විශාල සංවිධානාත්මක අපරාධ කල්ලියක් , පස් ජාවාරම්කාරය වෑන් එක දීල තිබෙන්නේ , වන අඩවි නිලධාරියා මිනිදෙක පුච්චන්න උදවු කරලා තිබෙන්නේ , මිණිමරන්න ගෙදර දීල තිබෙන්නේත් තවකෙනෙක් , ලේතවරුන ඇදුම් පුච්චලා තිබෙන්නේ මාතර තව කෙනෙකුට අයිති නිවසක , මොවුන් ගැන තවදුරත් සොයා බැලිය යුතුය , මෙය භාරව ඉන්න ප්‍රධාන පොලිස් පරික්ෂක සහ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මේවට වග කියන්න ඕනේ ,? සමහරවිට ඉහළ පොලිස් නිලධාරීන් මෙවැනි කණ්ඩායම් යොදාගෙන , කුලියට මිනීමැරීම , මත්කුඩු ජාවාරම් , කප්පම් ගැනීම් වැනි දේ කරනවා වෙන්න පුළුවන් , ඔය මිනිස්සු දෙන්න අත්අඩංගුවට ගන්න පොලිසියේ 13 දෙනෙක් ගිහිල්ල තිබෙනවා , තවම පොලිසිය මගින් අත්අඩංගුවට අරන් තිබෙන්නේ දෙතුන් දෙනෙකු පමණි 4 දෙනෙක් පැනල ගිහින් ඉතුරු පුද්ගලයන් අවට පොලිසි වල රාජකාරි කරනවා . මේවා බලනකොට මිනිස්සු පාරවල් වහගෙන උද්ඝෝෂණ කරන එක සාධාරණය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 35 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 240 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 51 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 482 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1374 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3500 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site