(කාංචන කුමාර ආරියදාස)
කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණියත් කුමන ඇමැතිවරයෙක් කෘෂිකර්ම ඇමැතිවරයා බවට පත්වුවත් වෙනස් කළ නොහැකි රටට හිතැති කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් ඉදිරියේදී හඳුන්වා දෙන බව වර්තමාන කෘෂිකර්ම වාරිමාර්ග ධීවර ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර අලූත් සහල් මංගල්‍යය පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවය.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම ගොවින් ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත්ව කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කළේය.
ඒ අනුව විදේශ රටවලින් ගෙන්වන බෝග වර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කඩිනමින් මෙම වගා ප්‍රතිපත්තිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය යුතු බව හෙතෙම සඳහන් කළේය.
ළූණු වගාවේ අර්තාපල් වගාවේ අස්වැන්න ලැබෙන කාල වකවානු වන විට විදේශ රටවලින් ගෙන්වීම පාලනය කිරීම මෙහි තවත් අරමුණක් බවත් සඳහන් කළේය.
ඉදිරි මාස දෙක ඇතුළත මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් බොහෝ රටවල්වල කෘෂිකර්ම ප්‍රතිපත්ති ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවද කිසිදු ආකාරයකින් ඇමැතිවරයා එන විට රජයක් බලයට පත්වන විට තවත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න යන විට රටේ කෘෂිකර්මාන්තය කඩා වැටෙන බවත් එසේ නොවන කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් රටට හිතැති ආකාරයට හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කීවේය.
මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැකසීම සඳහා විද්වතුන් දේශපාලන අධිකාරිය, විශ්වවිද්‍යාල සිසුන් ගොවි ජනතාව ගොවි සංවිධාන ආදී සෑම පාර්ශවයකින්ම අදහස් ලබාගෙන විද්වත් මණ්ඩලයක් හරහා ඉතා ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තිය රටට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීවේය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රටට හිතැති කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක්