(මනෝප‍්‍රිය ගුණසේකර)
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙක් සමූහ ඝාතන කළ බවට අධි චෝදනා පත‍්‍ර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට බාරදුන් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇප බැදුම්කර මත ඔවුන් මුදා හැරීමට අද (18) නියම කළේය.
මෙම සැකකරුවන් දෙදෙනාට අභියාචනාධිකරණය විසින් ඇප නියම කොට ඇතැයි දැනුම් දෙමින් සැකකරුවන් මුදා හරින්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ ඉල්ලීම් පිළිගනිමින් එලෙස නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසි වලට අනුව විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටි අතර බන්ධනාගාර බුද්ධි ඒකකයේ සේවය කළ ඉන්දික සම්පත් මහතා විදේශගත වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුලු අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා මහත්වරුන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර ඊට අදාළ ඇමනුම් පැමිණිල්ල විසින් විත්ති පාර්ශ්වයට බාර දෙන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ එක් විත්තිකරුවකු අධිකරණය මඟහැර විදේශගතවී ඇති බව සනාථ කිරීම සඳහා සාක්කි මෙහෙයවීමට අපේක්‍ෂා කරන බව දැනුම් දුන්නේය.
පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසිත් සිරිවර්ධන මහතාද දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාද කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට අභියාචනාධිකරණය විසින් ඇප නියම කොට ඇති හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිටි අතර විභාගය අවසන් වනතුරු තම සේවාදායකයින් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නීතිපතිවරයා ඉල්ලා සිටින්නේ නම් ඒ අවස්ථාවේදී ඊට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවා තබාගන්නේ යැයිද පැවසුහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප නියම කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නැතැත් නඩුව විභාග කරන අවස්ථාවේදී නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නියම කරන්නැයි ඉල්ලීමක් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ විනිසුරු මඩුල්ල අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසි පැනවීය.
ඇප කොන්දේසි සපුරාලීම සඳහා විත්තිකරුවන්ට කල් ලබාදුන් විනිසුරු මඩුල්ල මෙම නඩුව අගොස්තු මස පළමුවැනිදා යළි කැඳවීමටද එතෙක් රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇප බැ`දුම්කර මත ඔවුන් මුදාහැරීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මාධව තෙන්නකොන්, රජයේ නීතීඥ කසුන් සරත්චන්ද්‍ර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ රෙක්සි පියදාස මහතා සමඟ නීතීඥ සේනක පෙරේරා මහතා පෙනී සිටියේය.
පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ අසිත් සිරිවර්ධන, නීතීඥ සෞම්‍ය මුතුකුඩ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥ නලීන්ද ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.
දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජගත් අබේනායක, නයනා දිසානායක, ඉරෝමී ජයරත්න, කෞෂල්‍යා නානායක්කාර, ඉමාෂා සේනාධීර, යසස් ඒකනායක සහ ඉෂාන් හාම්පලගේ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රංගජීව - එමිල් රංජන් ඇප මත මුදා හැරේ