( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) නිවේදනයක් නිකුත් නිකුත් කරමින් කියා සිටී.
එසේම මෙම පත්කිරීම සම්බන්ධයෙන් විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන සේම, එය පිළිගත නොහැකි ක්‍රියාවක් යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම ගැන පළවූ විවිධ පාර්ශවයන් හි අදහස් දැක්වීම් සැළකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
‘‘ශ්‍රී ලංකාවේ යුද හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි. විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.
‘‘චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැළකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලූම වගකිව යුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යුද හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්
Raveendra Tuesday, 20 August 2019 03:09 PM
ඇති යාන්තම්
විජිත් Tuesday, 20 August 2019 03:33 PM
ප්‍රමාද වී හරි මෙහෙම සටහනක් කිරීම ගැන සතුටුයි. ඒවාගේම මේ ලිපිය සියලුම තානාපති කාර්යාල වෙත යැව්වද කියලා නම් මට ප්‍රශ්නයක් තියෙනවා.
Bamunuarachchi Tuesday, 20 August 2019 04:06 PM
හරියට හරි.
Chanak los angelesWednesday, 21 August 2019 05:24 AM
හරියට හරි වෙන්නේ කොහොමද යහපාල අද කියපු දෙය හෙට මතක නැහැ කියනවනේද ..
BamunuarachchiWednesday, 21 August 2019 01:18 PM
අදට හරි... හෙට මටත් මතක නැහැ. ඔබ හිතනවාද එපමණයි කියලා?
Chanak los angelesWednesday, 21 August 2019 08:25 PM
අද කියපු දේ හෙට අමතක වෙනවා නම් එයා මැට්ටන්ගේත් මැට්ටෙක්...
Bandara Wednesday, 21 August 2019 01:40 AM
නියමයි
මුණසිංහ Wednesday, 21 August 2019 02:08 AM
කෙළින් තීරණ ගත හැකි අභීත නායකයෙක් ජනවාරි වෙනකොට පාලනය අතට ගන්නවා. බය වෙන්න කාරි නැහැ.
Uditha - London Wednesday, 21 August 2019 04:00 AM
ඔහොමවත් කොන්දක් තිබ්බ එක ගැන සතුටු වෙනවා... ඔහොමනෙ වැඩ කරන්න ඕන ... සන්තෝස වෙන්න ඕන කාරණයක්...
Sisil Wednesday, 21 August 2019 04:15 AM
එක වල්ලේ පොල්
Deepal Nirosh Wednesday, 21 August 2019 04:24 AM
ඉතාම නිවැරදි සෘජු ගත යුතු තීරණයක්. ඉදිරියට ඒන රජය කුමක් වුවත් මෙවැනි ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගැනීමට සිතා ගත යුතුයි.
Sugath Premalal Wednesday, 21 August 2019 04:48 AM
අනිවාර්යෙන්ම.... හරි දෙය කරන්න මැලි වෙන්න ඕනි නැහැ... අපි තවත් යටත් විජිතයින් නොවෙයි.... බටහිර රටවලට වත්, ඇමෙරිකාවටවත් ඕනි විදියට වැඩ කරන්න ඕනි නැහැ.... ශ්‍රී ලාංකිකයන් විදියට ස්වාධීනව නැගී සිටිමු...
Rata Perata Wednesday, 21 August 2019 06:29 AM
අපේ මිනිස්සුත් පිට රටට බනිනකොට කෑ ගහන්නේ හරියට රටේ මිනිස්සු රට ගැන හිතනවා වගේ. ඊයේ ඇමෙරිකාවට බැනපු විමල්ම නේද අපේ සල්ලිවලින් හදපු ගෙවල් තමන්ගේ මිනිස්සුන්ට දුන්නේ? ශවේන්ද්‍ර ගේත් වැරදි ගොඩක් තියෙනවනේ. චරිතෙත් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. අනිත් එක වෙන සුදුසු කෙනෙක් නැතුව නෙමෙයිනේ, මේවා දේශපාලන පත්කිරීම්. මේ පත්කිරීම් චන්දෙට.
samWednesday, 21 August 2019 09:16 AM
එච්චර හොඳ නැහැ කියන්නේ රට පෙරට පහනක්වත් අල්ලලා බලන් හිටියද? එයාගේ නෝනව දණ ගස්සලා තියනවයැ කියලා කොච්චර කතා තිබුණද? දැන් ඔය උඩම පට්ටමක් ගහගෙන ඉන්නේ. ඒවා ගැන රට පෙරට මොකද කියන්නේ...?