IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝදි ජනපති අමතයි

(රංජන් කස්තුරි)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(22) දහවල් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ දුරකතන සංවාදයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් බලවත් කනගාටුව පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
 
ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකවත්, රජය වෙනුවෙනුත් ජනාධිපතිතුමා වෙත සිය බලවත් කනගාටුව පළ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය මර්දනය සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම මොහොතක ලංකාවට ලබාදීමට සූදානම් බවද පවසා ඇත.
 
ඉන්දීය රජයත්, ජනතාවත්, ශ්‍රී ලාංකේය සහෝදර ජනතාව සහ රජය සමඟ අත්වැල් බැඳගන්නා බවද, දෙරටේ සමීප සබඳතාව සහ සුහදතාව වඩා ශක්තිමත්ව ඉදිරියට පවතින බවද කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය  පළ කළ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (6)

මෝදි ජනපති අමතයි

Ishantha Monday, 22 April 2019 12:11 PM

ඔව් ඔව්. කලිනුත් අපිට හිටු කියල උදව් කලානේ ත්‍රස්තවාදීන්ව නැති කරන්න.

:       23       243

Amila Monday, 22 April 2019 12:35 PM

ආවේ ඉන්දියාවෙත් ඉඳලා නේද? මෙයලාත් සැකයි අපිට නම්... එයාලගේ මීඩියා විසින් ප්‍රහාර‍ය වෙලා පැය කීපයකින් නම් ගම් එක්ක මරාගෙන මැරෙන ප්‍රහාරයක් කියලා නිගමනය කරේ කොහොමද කියලා හොයලා බලන්න වෙනවා. මෙයාලා ඉතිහාසයේ සිටම රට අස්ථාවර කරන බලවේග වලට උදව් උපකාර කරපු යාලුවෙසින් ඉන්න මිනීමරුවෝ.

:       23       186

Buddika Monday, 22 April 2019 12:38 PM

මෝදි දන්නැතිව ඇති ලංකාවේ ඉන්නේ හිතුවක්කාර, අත්තනෝමතික පාලකයන් යැයි කියා.. ආරක්ෂක ඇමැති ලෙස ජනපති වගකීම බාරගත යුතුයි. පොලිසියත් එතුමගේ භාරයේ... රට යද්දී වැඩබලන ආරක්ෂක ඇමැති කෙනෙක් පත්කළේ අදූරදර්ශී බව නිසා නේද? රටේ අගමැතිගේ ඉල්ලීම් ගණන් නොගන්නා ලෙස ආරක්ෂක කවුන්සිලයට නියෝග දුන්නේ කව්ද? රට බරපතල ප්‍රශ්න ගොඩක හිරකරලා...

:       48       59

GihanTuesday, 23 April 2019 01:40 AM

ජනාධිපතිත් වග කියන්න ඕනේ. හැබැයි අගමැති, රාජ්‍ය ආරක්ෂක ඇමති ඇතුළු සියල්ල මේ රටේ බුද්ධි අංශ දුර්වල කිරීමට වග කියන්න ඕනේ.

:       0       0

Shanaka Monday, 22 April 2019 09:40 PM

සිංහලෙන්ද?

:       0       0

anura Tuesday, 23 April 2019 04:21 PM

මෝදිට සිංහල කථා කරන්නත් පුළුවන්...ගොඩක් හොඳයිනේ!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 328 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 947 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2474 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2707 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 796 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 318 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site