IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මෙගතිලික සොහොන් මතුවීමෙන් ඉදිකිරීම් නවතයි

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය,  කුච්චවේලි  ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාසයට අයත් වල්ලුවර්  කොට්ටන් “නිවාස යෝජනා ක්‍රමයේ  දෙවන අදියරේ  නිවාස ඉදිකිරීමේදි  “ආදි මානවයන්ගේ ශිෂ්ඨාචාරයක්  සහිත මෙගතිලික  සොහොන් “කිහිපයක්  හමුවීම  නිසා එම ප්‍රදේශයේ ඉදිකිරීම්  නැවැත්වීමට පියවර ගත්බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

වසර 3000කට  වඩා පැරණි  මෙම සොහොන් අතරින් දැනට  සොහොන් 12ක නටබුන්  මතුවී ඇති බවත් නිවාස  ඉදිකිරිම් සඳහා  නොදැනුවත්කමින් සොහොන් පහක ගල් ගලවා ඉවත් කර පසෙක ගොඩ ගසා ඇති බවත් ත්‍රිකුණාමලය ප්‍රාදේශිය  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසීය.

ඇතැම් සොහොන්වලට නිදන් හොරු  හානි කර ඇති බව කී  අධ්‍යක්ෂවරයා සමහර සොහොන් තවමත් සුරක්ෂිතව පවතින බවද  දක්නට ඇතැයි කීය.

මෙගතිලික සොහොන් යනුවෙන් හඳුන්වන ආදි මානවයාගේ මෙවැනි  සොහොන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  යාංඔය,  මහින්දපුර ආදි ප්‍රදේශවලින් මුලින් හමු වී ඇති අතර වල්ලුවර්  කොට්ට්න් වලින්  හමු වූ තුන්වැනි ස්ථානය මෙය වේ. මෙවැනි ඉදිකිරීම් සිදුකිරීමේදී පුරාවිද්‍යා වාර්තාවක් කැඳවිය යුතු වුවත් එම නීති රාමුවෙන් පිට මෙම කටයුතු සිදුකර තිබීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවද සහකාර අධ්‍යක්ෂවරයා කීය.



අදහස් (8)

මෙගතිලික සොහොන් මතුවීමෙන් ඉදිකිරීම් නවතයි

Prabha Saturday, 25 May 2019 11:58 AM

නැගෙනහිර නීතියේ හැටියට අවසර ගන්න ඕනෙ නැතිව ඇති.

:       266       707

රවින් Saturday, 25 May 2019 12:26 PM

අපේ රටේ දේශපාලකයන්ට ඉතිහාසය කියන එක පිළිගන්නේ නැහැ. මොකද වැඩි දෙනාගේ ඉතිහාසය.... ?

:       0       0

Sanath Saturday, 25 May 2019 01:29 PM

දැන් ඔය සොහොන් ඇතුලෙත් කඩු වලලල යයි හොරෙන්ම , පස්සේ කියන්න අපි ඒ කලේ ඉදන් මේවයේ හිටිය කියල

:       0       0

sudath Saturday, 25 May 2019 03:37 PM

මෙපමණ වටිනා ඉඩම්ද පිට රට්ටුන්ට පවරා දෙන්න සැලසුම් කරන්නේ?

:       0       0

Nuwan Saturday, 25 May 2019 04:16 PM

මහා පිරුවානා පොත්වහන්සේගේ එන නම්පොත හෙවත් විහාර අස්න කියවා බලන්න. එදා ලක්දිව පුරා තිබුණු සියලුම වෙහෙර විහාරවල නම්ටික ඇති (නම්පොත නමින් ගුගල් කරලා බලන්න) අද ඔයින් කීයද ඉතිරිවෙලා තියෙන්නේ? අනිත් සේරම 1505 සිට පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍යන් විසින් විනාශකරලා ඒ මත ඔවුන්ගේ පල්ලි, කෝවිල්, පොලිසි, රජයේ දෙපාර්තමේන්තු, උසාවි, ගොඩනැගිලි හැදුවා.. ඔබ බෞද්ධයෙක් නම් ඒ ඉතිහාසය කියවා බලා ඔබේ දරුවටත් කියාදෙන්න.

:       0       0

janahitha Saturday, 25 May 2019 04:23 PM

මේක අපේ ලංකාව. ඇත්තේ එකම නීතියකි.

:       0       0

charith Saturday, 25 May 2019 06:02 PM

මෙහෙමත් කාලකන්නි ඉන්න රටක් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති. මේ තරම් වටිනා ඉතිහාසයක් යට වෙලා තිබිලා මතු වුණානම් වෙන රටක මිනිස්සු කොහොමද රකින්නේ මේවා? ඒකට මේ රටේ උන්නැහේලා, ඔක්කොම කුඩු කරනවා. කාට කියන්නද මේ විනාශය? එහෙන් පරිසරය විනාශ කරනවා. ජල සම්පත විනාශ කරනවා. පුරාවස්තු විනාශ කරනවා. නීතිය වල් වැදිලා, ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කරලා...

:       0       0

ශෙහාන් යාපා Sunday, 26 May 2019 09:36 AM

නිධන් තියන ඉඩම්වලම ගම්මාන සෑදීමේ රහස ප්‍රසිද්ධ රහසකි.

:       0       115

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 403 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 784 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 673 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 948 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 754 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site