පුෂ්පකුමාර මල්ලවආරච්චි
නීතිවිරෝධී කි‍්‍රයා පටිපාටියෙන් සභා දේපළ අයථා ලෙස පවරාදීමට හා දූෂිත ගනුදෙනු සඳහා මුදල් ගෙවීමට උත්සාහ කිරීමට විරෝධය දක්වන හා එකඟ නොවන බව දන්වමින් මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන විපක්ෂයේ නියෝජිතයන්ගෙන් 20 දෙනෙක් අද (25) පැවැති විශේෂ මහා සභා රැස්වීම වර්ජනය කළහ.
එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු 15 දෙනා, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු සිව් දෙනාගෙන් තිදෙනෙක් හා ජාතික ජනතා පක්ෂයේ මන්තී‍්‍රවරු දෙදෙනා මෙසේ සභාව වර්ජනය කළහ.
පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරු, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පි‍්‍රයංකර ජයලත් හා ජනතා විමුක්ති පෙරමුණේ සුමිත් මහින්දලාල් හා දර්ශනී ප්‍රනාන්දු යන මන්තී‍්‍රවරු තිදෙනා පමණක් මෙම විශේෂ මහා සභාවට එක්ව සිටියහ.
විශේෂ මහ සභාවේ යෝජනා සියල්ල බහුතර ඝනපූර්ණයෙන් බහුතර බලයෙන් අනුමත කර පොදුජන පෙරමුණේ නියෝජිතයන්ට ඉදිරි නීතිමය ගැටලූවලට මුහුණදීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනයක් ද කරන බවද විපක්ෂය ඉදිරිපත් කළ ලිපියේ සඳහන්ව තිබිණි.
කළහකාරී සමයේ විදුලි බල්බ මිලට ගැනීමට මුදල් ගෙවීමේ යෝජනාව ද සභාපතිවරයා සභාවට ඉදිරිපත් කෙරුණු අතර එහි අවශ්‍යතාවය පාලක පක්ෂයේ මන්තී‍්‍රවරු දැඩි සේ අවධාරණය කරනු ලැබූ අතර එම මුදල ගෙවිය යුතු බවට කරුණු දැක්වූහ.
උත්සව ශාලාවක්, මාර්ග නඩත්තු ඒකකය, කාපට් ඒකකය, කොම්පෝස්ට් ඒකකය ඇතුලූ සභාවට අවශ්‍ය පහසුකම් ගණනාවක් ලබා ගැනීම සදහා ලෝලූවාගොඩ ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කළ අතර උප සභාපතිවරයා ප්‍රකාශ කළේ මේ ඉඩම කුණු දැමීමට යන බවට ගමේ පැතිර ගිය ආරංචියක් හේතුවෙන් විශාල කලබලයක් ඇතිවූ බවයි. ගමට හානියක් නොවන සංවර්ධනයක් කළ යුතු බවද උප සභාපතිවරයා පැවසීය. එම ඉඩම පිහිටි ප්‍රදේශයේ පිරිසක්ද සභා රැස්වීම පැවැත්වෙන අවස්ථාවට එක්ව සිටියහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මීරිගම ප්‍රා.සබේ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 ක් සභාව වර්ජනය කරති