IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මිහින්තලේ ප්‍රා. සබේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී තරුණයන් පිරිසකට අද (17) අලුයම  පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කළැයි කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රණසිංහ ආරච්චිලාගේ නිපුන මධුසංඛ රණසිංහ නැමති පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරයෙකි.

මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී  එම ස්ථානයේ රැදි සිටි තරුණයන් පිරිසක් සහ මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය කියයි.

මෙම ගැටුමේදී මන්ත්‍රීවරයා විසින් තමන්ට පොල්ලකින් පහරදුන් බවද ගැටුමෙන් තුවාල වුවන් විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධියෙන් තුවාල ලැබු සිව් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇති අතර තවත් පුද්ගලයකු මිහින්තලය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධියෙන් මන්ත්‍රීවරයාට ද සුළු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවෝ සියඹලාගස්වැව,කන්නනට්ටිය සහ කලත්තෑව පදිංචි අවුරුදු 20 ත් 25 ත් අතර වියේ පසුවන්නන්නෝය.

අත්අඩංගුවට ගනු ලැබු සැකකාර මන්ත්‍රීවරයා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (6)

මිහින්තලේ ප්‍රා. සබේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට

දිමුත් Monday, 17 June 2019 05:18 AM

මේ වගෙ චණ්ඩින්ට ඡන්දෙ දෙන මිනිස්සුන්ටයි ගහන්න ඕනෙ

:       105       220

ටි ඉන්දක Monday, 17 June 2019 06:06 AM

ලංකාව පුරාම අති බහුතර පොහොට්ටු පිපෙන්නේ මේ වගේ

:       75       310

සේනාරත්න Monday, 17 June 2019 07:14 AM

ඇත්තටම කිසිම විනයක් නැති මෙවැනි චන්ඩි පලාත් පාලන නියෙජිතයන් ලෙස පත්වුනෙම අපෙ රටෙි අවිචාරවත් ඡන්ද දායකයන් නිසා..

:       74       236

C.K.ankaputhra Monday, 17 June 2019 08:30 AM

නෑ නෑ... මන්ත්‍රීතුමා හිතනවා ඇත්තේ එයාලගේ ලොක්කා තවමත් රටේ ජනපති කියලයි...

:       114       106

Prabha Monday, 17 June 2019 08:33 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

:       39       23

shan Tuesday, 18 June 2019 04:07 AM

මෑත කාලයේ ඉදන් ශ්‍රිලංකාවේ දේශපාලන පක්ෂ වලට නාමයෝජනා දෙනවිට ප්‍රදාන තැනක් ගත්තේ මුදල් යහමින් තියන චන්ඩි නැත්නම් මැරයෝ පාතාලයෝ නැත්නම් පාතාලය මෙහෙය වන්නෝ ඒ නිසා කුඩු වෙළෙන්දෝ කසිප්පු වෙළෙන්දෝ ගංජා වෙළෙන්දෝ පාතාල නායකයෝ දේශපාලන පිටියට ආව ඒ ආපු සියලු දෙනාම ඡන්දය ලබා ගත්තේ මැර බලයෙන් නැත්නම් මුදල් බලයෙන් රටක නීති විරෝදී වැඩ වලට යොමුවෙන්නේ නුගත් රස්තියාදු කාරයෝ උන් සමහරු පාසලකට ගොඩවෙලවත් නැහැ සමහරු 8 පාස් නැහැ ඒවගේ උන්ව පාර්ලිමේන්තු යවලා අපේ රටේ ඉන්න ජනතාව කියනවා රට දියුණු කරන්න කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 463 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 92 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 745 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 741 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1165 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1065 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site