(මනෝප්‍රිය ගුණසේකර සහ තිළිණි ද සිල්වා)
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද (15) නියම කළේය.
දැනට කොළඹ දකුණ ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි කියන මොහොමඩ් හකීම් මොහොමඩ් ටිල්ෂාන් නමැති 26 හැවිරිදි තරුණයාගේ මෘතදේහය සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා ලෙසද අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට වැඩිදුරටත් නියම කළේය.
ත්‍රීකුණාමලයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රාලෙබ්බේ මොහොමඩ් හකීම් නමැත්තා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් විජේසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මහතා නම් කර ඇත.
පෙත්සම්කරු සිය පෙත්සම මඟින් කොළඹ දකුණ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ දී සිය පුත්‍රයා මියගිය බවත් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය විසින් සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයකින් පසුව සිය පුත්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි දැනුම් දුන් බවත් සඳහන් කර තිබේ.
කෙසේ නමුත් සිය පුත්‍රයාට කොරෝනා නිශ්චිතවම ආසාදනය වී ඇද්දැයි යන්න තහවුරු කරගැනීම සඳහා යළිත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ද එතෙක් දැනට කොළඹ දකුණ ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මොහොමඩ් හකීම් මොහොමඩ් ටිල්ෂාන් නමැත්තාගේ මෘතදේහය සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයිද ඉල්ලා තිබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයසිර් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්ස විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු අධිකරණය ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥවරුන් වන හෆීල් පාරිස් සහ රුෂ්ඩි හබීබ් සමඟ ජනාධිපති නීතීඥ ෆයසිර් මුස්තාපා මහතා පෙනී සිටියේය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්‍ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි