IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මැදමුලන නඩුව ජනවාරි 9 තෙක් කල්යයි

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව 2020 ජනවාරි 9 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (15) නියම කළේය.

කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් මිලියන 33.9 ක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැණිනි.

 



අදහස් (40)

මැදමුලන නඩුව ජනවාරි 9 තෙක් කල්යයි

Suresh Tuesday, 15 October 2019 05:34 AM

ඕක ඇහෙන නඩුවක් නොවේ.

:       178       541

Lebbe Tuesday, 15 October 2019 05:44 AM

ඇහෙන්න නඩුවක් ඔතන නැහැ . රාජයේ මුදල් ගිවිසුම අනුව ගෙවල ඉවරනම් මොන නඩුද ? ඕක තියාගෙන අනනවා ඡන්දෙ නිසා. ඡන්දෙන් පස්සේ බලමු.

:       577       621

padminiTuesday, 15 October 2019 06:23 AM

කෙහෙල් කනක් කපල අහු වෙලා පොලිසියට ගියාම අයෙත් කෙහෙල් කන ගහ යටින් තියල ගිය කෙනෙක් කොහොමද හොරෙක් කියන්නේ නේද?

:       475       667

ලසන්තTuesday, 15 October 2019 06:10 AM

රජයේ මූල්‍ය රෙගුලාසි අනුව නිවැරදිනම් කලයුත්තේ අනෙකුත් සියලුම ජනතාවගේ දෙමාපිය සොහොන් ස්මාරක රජයේ වියදමින් ඉදිකිරීමයි නේද?

:       3       462

ගිහාන් Tuesday, 15 October 2019 10:53 AM

ඇයි අපි මේ වගේ දේශයක ඉපදුනේ? අපේ ළමයි පව්.

:       0       20

SuranimalaTuesday, 15 October 2019 06:52 AM

රජයේ මූල්‍ය රෙගුලාසි අනුව රාජ්‍ය මුදල් අවභාවිතා කරලා නම් කොහොමද ජනාදිපති තනතුරට ඉල්ලන්න සුදුස්සෙක් වන්නේ? මොකද මුදල් කොටසක් ගෙවලා තියෙනවා. නිකම් දන්නේ නැති නිසයි අහන්නේ.

:       309       483

AkanajTuesday, 15 October 2019 07:09 AM

ඇත්ත කවදාවත් ඇහෙන එකක් නොවේ. ලංකාවේ තියෙන්නේ පුදුම අධිකරණයක් , පුදුම විනිසුරන් .

:       1       297

පෙරුමාල්Tuesday, 15 October 2019 10:33 AM

ඔය විශේෂ මහාධිකරණය කියන්නෙත් මේ ලංකාවෙම එකක් ද? එහෙමනම් ඉතින් ආයෙ අහන්න බලන්න දෙයක් නෑ

:       0       9

මරික්කාර් Tuesday, 15 October 2019 08:17 AM

ගෝඨා දිනුවොත් නඩුව වීසි වේවි. ගෝඨා පැරදුනොත් නඩුව .............

:       1       220

විජිත් Tuesday, 15 October 2019 08:57 AM

පැරදුනත් එහෙම්මමයි.අපේ රටේ තියෙන මේ නිල් පාට දේශපාලකයොයි, කොළපාට දේශපාලුවොයි කියන්නේ එකම හොරු. උන් එකිනෙකා ආරක්ෂා කරනවා.මතකද යහපාලනය කියලා මගුලක් ගෙනාවා.කාවද කූඩුවට යැව්වේ? නීතිය හරියට ක්‍රියාත්මක වුනානම් රාජපක්ෂලා ඔක්කොම අද ඉන්න ඕනා කුඩුවේ. මේ දෙගොල්ල අවුරුදු 71 තිස්සේ මේ රට කෑවා. නැත්තටම නැතිකළා. දුප්පත්කම නැතිකරනවා කියලා තමයි එන්නේ.නමුත් දුප්පතා නැතිකරන්න මේ දෙගොල්ලොම කැමති නැහැ. මොකද ඒ දුප්පත් මිනිස්සුන් වහල්ලු ලෙස තියාගෙන ඊළඟ ඡන්දෙත් දිනන්න මේ අයට පුලුවන් බව හොර රැලම දන්නවා. අරක්කු වීදුරුවකට, රෙදි කැල්ලකට,බත් පැකට් එකකට,රුපියල් 1000 කට ඡන්දයක් හුවමාරු කරගන්න පුළුවන් තරමේ දුප්පත්ම දුප්පත් චුටි දුපතක් මේ රට. රටේ ජනතාව මෙය තේරුම්ගෙන විකල්ප පක්ෂයකට ඡන්දය දීමෙන් හෝ විශාල ජනතා පිබිදීමකින් ඇතිවන විප්ලවයකින් හෝ හමුදා පාලනයකින් හැර මේ ක්‍රමය වෙනස් කළ නොහැක.රටේ පොදු ජනතාවට සිහිය, බුද්ධිය සහ දිරිය ලැබේවා. එදාට රටත් අපි ඔක්කොම දිනුම්.

:       216       130

samanTuesday, 15 October 2019 09:08 AM

නඩුව ඉවර කරන්න ඕන නම් ඕක ෆයිල් කරන්න තිබුනේ 2016 විතර. නඩුවක් බොරුවට පෙන්නන්න ඕන නිසා ඡන්දේ කිට්ටුව දැම්මා. අනික ගිවිසුමක් අනුව කටයුතු කළානම් ඕක දාන්න තිබුනේ වාණිජ අධිකරණයෙන්.

:       14       62

nalakaTuesday, 15 October 2019 09:24 AM

ප්‍රේමදාස පාලනෙන් වැඩියෙන්ම තැලුනේ මධ්‍යම පාන්තික මිනිස්සු. ඔහු බලන්නේ ඉතාම දුප්පත් ( අද සමුර්ධිය ගන්න ලක්ෂ 6 ක් ) පිරිස ගැන. ඒකාලේ ජොබ් එකට ලකුණු දුන්නේ උසස් පෙළ ඒ 4 ට ලකුණු 100, දහම්පාසල් සහතිකෙට ලකුණු 100, ජනසවි හිමිකම් පතට ලකුණු 100. ජනසවිය තියෙන අයට ඉහල පාසැල වලට කෝටාවක් තිබුන. පොලි අනුපාතය 24% වෙලා ණයක් ගන්න බැහැ. කොටින්ම 2001 දී පරිප්පු කිලෝ එක රු 70යි. මිනිස්සු කිරිබත් කෑවේ මොකද කියල හොයල බලන්න . විජේතුංග ඇවිල්ල පිස්සු වැඩ අඩුකලම පරිප්පු 35 ට අඩුවුණා.

:       6       86

Sujeewa SilvaTuesday, 15 October 2019 01:04 PM

ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනාගේ අදහස් වලින් මට හැගෙන්නේ, අපි දේශපාලකයින් ගෙන් සිදුවන වැරදි කොපමණ කතා කලත්, අප අතරේ සිටිනා බොහොම දෙනෙක් අධිකරණයේ ස්වාධීනත්වයට සහ තීන්දු වලට විරුද්ධ වනවා පමණක් නොව, අධිකරණය හැල්ලුවට පත් කිරීමත් ඉතා ඉහලින් ක්‍රියාත්මක කරනා බවක්ය.

:       143       261

edwin Tuesday, 15 October 2019 05:46 AM

රනිල් ගෙන් අහන්න.

:       1       67

Ranaweera Tuesday, 15 October 2019 05:52 AM

කෝ හොරු ඇල්ලුවද කියල අහනවා, දාපු නඩු ටික දැන් අවුරුදු 4ක් අහලත් ඉවර නෑ. එක්කෝ වාරණ ගන්නවා. ජාත්‍යන්තරය ලංකාවේ අධිකරණ දූෂිතයි කියන එකත් සාධාරණයි.

:       77       589

Uditha - London Tuesday, 15 October 2019 05:55 AM

නොවෙම්බර් 16න් පස්සේ ආණ්ඩුව රාජපක්ෂලාට ගියහම ජනවාරියේ මොන නඩු ඇහිල්ලක්ද? ඊට පස්සේ ඒගොල්ලන්ට ඕන විදිහටනේ රටේ වැඩ සිද්ධ වෙන්නේ... මිනිස්සු පිදුරු කනවා කියල හිතන් ඉන්නවද දන්නේ නැහැ..

:       97       515

Uditha - LondonTuesday, 15 October 2019 07:35 AM

මට මගේ රට අප්‍රසන්න තැනක්... කලකිරෙනවා මේ රටේ ඉහල නිලධාරීන් ගේ අත්තනෝමතික වැඩ දැක්කම. මමත් ලාංකිකයෙක්.. නමුත් ලංකාව තරන් දුෂණය වංචාව එකී මෙකි නොකී සියලු ජරාවල් වෙන රටක්.. මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති..

:       123       189

ලුම්බිණි Tuesday, 15 October 2019 06:05 AM

මේ ආණ්ඩුව එනකොට පරණ ආණ්ඩුවේ හිටපු දේශපාලකයින්ගේ වංචා දුෂණ ගැන නඩු සිය ගණන් ගෙනාවා. ඒත් කවුද වරද කාරයෙක් උනේ? කවුරුත් නැහැ. බොරුවට උසාවිවල කාලය නාස්ති කළා, රටේ සල්ලි වියදම් උනා. මේවට කියන්න ඕන ''හොරුත් එක්ක හොරු'' කියල. එක මිනිහෙක් නැද්ද මෙතන හරි වැරැද්ද තේරෙන.

:       16       272

Buddika Tuesday, 15 October 2019 06:14 AM

කෙහෙල් කැනක් හොරකම් කලාම හිරේ. දරුවකුගේ වරදට දඬුවම් කල ගුරුවරුත් හිරේ. ඒ නඩු අහලා ඉක්මනින් දඬුවම් දෙනවා. ඒත් රටේ සල්ලි අවභාවිතා කරපු නඩු වසර ගණනින් කල් යනවා.

:       1       265

ලසන්තTuesday, 15 October 2019 09:22 AM

මිලියන 33.9ක්... ගෙවල් නැති අයට ගෙවල් 40ක් 50ක් හදා දීමට තිබිණ.

:       0       36

krishantha Tuesday, 15 October 2019 06:33 AM

අහන්න ඕන නම් අවුරුදු 5ක් තිබ්බේ .බොරු නඩු ...

:       52       42

Buddhika Tuesday, 15 October 2019 06:37 AM

නඩුව ඉවරයි කියලා හිතාගන්න .

:       0       41

Lion Tuesday, 15 October 2019 07:02 AM

අපිට මේවා දකිනකොට ඇතිවෙන්නේ මහා පිළිකුලක් . අපේ නඩුවකට මේවගේ දේවල් වෙයිද. අපි දැනටමත් හිරගෙදර

:       0       329

Chankya Tuesday, 15 October 2019 07:08 AM

චෝදනාවකට සිද්ධි ගොනුකරන්නේ කවුද ? ප්‍රථමික පොලිස් නිලදාරීන්. මෙම සටහන් මුදුනේදී තෙවන ඇසකින් විමර්ශනයවෙන්නේ නැත . එබැවින් මේවා නිවැරදී නඩුද ?

:       1       12

sas Tuesday, 15 October 2019 07:24 AM

මෙවැනි නඩු ඉක්මනින් නිම කිරීමට තමයි විශේෂ මහාධිකරණ ඇති කලේ. පුදුම වැඩේ ඒ උසාවි වලත් නඩු කල් දාන එක.

:       0       149

Nimal Tuesday, 15 October 2019 07:33 AM

අපිට දැන් මහජනතාව හැටියට හොඳාකාරව පැහැදිලියි මෙරටේ ව්‍යවස්ථාවේ ප්‍රධාන බල කණු තුනම මහජනතාවගේ පැත්තේ නොවන බව. නන්දා මාලිනියගේ ගීතයක් මතක් වෙනවා.

:       0       171

saliya Tuesday, 15 October 2019 08:12 AM

අපේ බදු මුදලින් යැපෙන රටේ ඉහලම නිලධාරී පැලැන්තිය ගේ කල් ක්‍රියාව අන්තිමයි. ඔවුන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නොවේ. ඔවුන් ඔක්කොම තර්ක විතර්ක ගේන්නේ බලවතාව බේරන්නයි. දුප්පත් අපේ දෙයකට තමයි, ඔක්කොම ලෙඩ දාන්නේ.

:       0       270

Hafeel Tuesday, 15 October 2019 08:14 AM

කොන්ද පණ නැති අධිකරණ පද්ධතියත් ආණ්ඩුවත්. ජනතා විමුක්ති පෙරමුණම එන්නොන හොරුන්ට දඬුවම් දෙන්නත්, දුෂණ වංචා, හොරකම් නැතිකරන්නත්.

:       12       260

Ossan Salam Tuesday, 15 October 2019 08:29 AM

අප රටේ නීතිය කියන්නේ කුමක්ද ?

:       0       6

Lion Tuesday, 15 October 2019 08:36 AM

මේ රටට අපි ආදරෙයි. එත් මේ රටේ අධිකරණය අපිට පෙන්නලා දීල තියෙනවා බලවතාට එක නීතියක්. සාමාන්‍ය අපට බලපාන්නේ වෙනම නීතියක් කියන කරුණ.

:       0       136

Hemantha Tuesday, 15 October 2019 08:43 AM

මේවා නම් විකාර වැඩ. මීට කලින් හදලා තියෙන දේශපාලන නායකයින්ගේ පිළිරූ වලට වියදම් කරලා තියෙන්නේ ඒ අයගේ පවුල් වල මුදල්ද? ප්‍රේමදාස පිළිරූ කීයක් තියෙනවද? බණ්ඩාරනායක පිළිරූ කීයක් තියෙනවද? නඩු දානවානම් කාටත් සාධාරණ විය යුතුය. ප්‍රේමදාස මහතා මිහින්තලා ගම උදාවට රත්තරන් ඇඳක් ගෙනා බව අපි ඒ කාලේ ප්‍රවෘත්ති වලින් දැන ගත්තා. පසුව ඔහුගේ මරණයෙන් පස්සේ එය වෙන්දේසි කළා.ඒවාට නඩු දැම්මද?

:       222       181

සත්‍යපාල Tuesday, 15 October 2019 08:49 AM

අපේ රටේ කොහෙද යුක්තිය, නීතිය, සාධාරණය හරියට සිද්ද වෙන්නේ? නැති බැරි මිනිහට එක නීතියක්. බල පුලුවන්කාරයට තව නීතියක්. රටම හොරාකාපු දුෂිත දේශපාලුවෝ අද නිදහසේ ඉන්නවා.

:       0       70

බද්රානි Tuesday, 15 October 2019 09:29 AM

කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්? මේක රටක් නෙමේ, අපායක් එකනේ මේ මිනිස්සු යම පල්ලෙක් ඉල්ලලා හඬ නගන්නේ?

:       178       464

menna Tuesday, 15 October 2019 12:30 PM

ලංකාවට දේශපාලකයන්ගේ වංසේ කබල් ගාන්න පිළිමයි, කෞතුකාගාරයි හදනවා හැර වෙන වැඩ නැද්ද?

:       0       1

Suresh Tuesday, 15 October 2019 12:49 PM

ඡන්දෙන් පස්සේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. දැක්කනේ ශිරානිට කළ දේ....

:       0       1

saduni Tuesday, 15 October 2019 01:18 PM

ලංකාවේ උසාවිවල දැනට ඉන්න විනිසුරුතුමා සියල්ල අයින් කරලා මෙතන අදහස් දාපු කට්ටිය ඒ ඒ තැන් වලට පත් කරන්න. එක දවසින් නඩු ඔක්කොම අහල තීන්දු දේවි. රජයේ වියදමත් ඉතුරුයි

:       0       1

Ruwan Tuesday, 15 October 2019 01:22 PM

ඒ කියන්නේ එදාට ඒකත් නිදොස් කොට නිදහස් කරන බවයි.

:       0       1

සැබෑ ශ්‍රී ලාංකිකයා Tuesday, 15 October 2019 05:19 PM

මේවාට dislike දමන්නේ නුගත්, මෝඩ ගෝත්‍රිකයින් පිරිසක් බව අපි දන්නවා.

:       0       1

hirantha Tuesday, 15 October 2019 06:00 PM

නොවැම්බර් 16 පස්සේ සියලු නඩු වලින් නිදොස් කොට නිදහස්. එයාම කිවනේ ...

:       0       2

Chanak los angeles Wednesday, 16 October 2019 03:23 PM

ටෙලිප්‍රොම්ප්ටරය යට ගිහින් සැබෑ ගෝඨාබය උඩට එන බව සල්ගාදු පිට්ටනියේ ප්‍රතිඥාවෙන් සක්සුදක් සේ පැහැදිලියි. ඉතිං 'අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද?' කියන්නා වගේ දහ දොළොස් දාහක හුරේ දැමිල්ලට මෙහෙම නම් ලක්ෂ ගානක් ඡන්දේ දීලා දිනුවොත් කොහොමට හිටීවිද කියලා සල්ගාදු පිට්ටනියේ ප්‍රතිඥාවත් එක්ක කල්පනා කර බැලීම හොඳයි කියලයි හිතෙන්නේ... මතකද අවුරුදු 5කට විතර ඉස්සරවෙලා සිරිසේන උන්නැහේ කිව්වා ලොක්කගේ අයියා දින්නා නම් තමුන් අඩි හයක් යට කියලා? පවුලේ උදවියත් සූදානම් සරීරෙන්... ඊටත් එහා ගිහින් කල්පනා කළ යුතු තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි හිරේ ඉන්න "රණවිරු" සෙට් එක නිදහස් කරගෙන ආණ්ඩු කරන්න දතකාගෙන ඡන්ද කරන, එළියේ ඉන්න තරුපටි කාරයෝ ටික ලොක්කා පැරදුණත් රජ පුටුව බලෙන් හරි අරන් දෙන්න ලෑස්ති වෙනවද කියන එක... එහෙම වුනොත් නම් රටම ගොඩ ගන්න බැරිවලක තමයි. දැනටමත් පොහොට්ටු වේදිකාවට ගොඩවෙන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට පවා හූ කියලා යටත්කරළා ගන්න තැනට විමල්ලා, ගම්මන්පිලලා වැඩ සංවිධානය කරලයි තියෙන්නේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක වෙන එකට කකුල් මාට්ටු දාපු කවුරු කවුරුත්, පවුලේ උදවියත් සූදානම් සරීරෙන් ඉන්න එක හොඳයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 565 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1243 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1431 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 881 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 235 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2014 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site