IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාකඳුරේ මධූෂ් පිටුවහල් කිරීම ගැන තීරණය 2වැනිදාට කල්යයි

(නිමන්ති රණසිංහ)
 
ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව ඩුබායි අධිකරණය මැයි මස 02 වැනිදා තෙක් කල් තබා ඇතැයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  ලංකාදීපයට අද (18) පැවසීය.
 
තමන්ට ජීවිත තර්ජන ඇති තම මව් රට වූ ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසට ඉල්ලා මාකඳුරේ මධූෂ් නැමැත්තා එරට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනය අද(18) එරට අධිකරණය ඉදිරියේ සැලකිල්ලට ගෙන ඇති බවත් එහිදී මෙම නියෝගය ලබා දී ඇති බවත් එම  නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

මාකඳුරේ මධූෂ් පිටුවහල් කිරීම ගැන තීරණය 2වැනිදාට කල්යයි

Ariyathilaka Thursday, 18 April 2019 10:34 PM

“ප්‍රචණ්ඩත්වය වපුරන්නාට ස්වභාවික මරණයක් නැත” යනුවෙන් පැරණි චීන කියමනකි. ලෝක ඉතිහාසය මේ බව මනාව ඔප්පු කර ඇත. ලෝකයේ බිහි වූ ප්‍රචණ්ඩත්වය ගරු කළ සියලු රජවරු, රාජ්‍ය නායකයන්, කැරළි නායකයන්, ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී නායකයන් සහ අනුගාමිකයන්, ප්‍රචණ්ඩත්වය ගරු කළ අපරාධකරුවන් සියලු දෙනාම ස්වභාවික මරණයක් උරුම නොවූ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත. ධර්මාශෝක රජතුමා ප්‍රචණ්ඩත්වය අතහැර ධර්ම මාර්ගයට පැමිණි බැවින් ස්වාභාවික මරණයක් උරුම වූවා පමණක් නොව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය පාලකයා වශයෙන් ඉතිහාසඥයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මාකදුරේ මදූෂ් තුට්ටු දෙකේ අපරාධකාරයෙකි. හෙරොයින් ජාවාරම්කරුවන්ට කිසිඳු පොදු යහපත් අරමුණක් නැත. ඔවුන්ට ඇත්තේ තම කුමාර දිවිය ගත කිරීමට කුමන ආකාරයකින් හෝ මුදල් සරිකර ගැනීමය... රට, ජාතිය, ආගම, සහ වැසියන්ගේ සුභ සිද්ධිය ඔවුන්ට වැඩක් නැත. රටවැසියා අඳුරු අගාධයට ඇදදමා තම කාරිය කරගන්නා කෲර මනසක් ඇති පිරිසකි. පුහු ගාම්භීරකම හිතට ගත් හිස් මිනිසුන්ගේ අසාර්ථක අවසන් ජවනිකාව නිමාවීමට කාලය එළැඹ ඇති සේය... රට, රජය, ජනතාව හමුවෙහි මදූෂ්ගේ හා ගෝලයන්ගේ දඩබ්බරකම නිමාවිය යුතුයි.

:       0       58

Ariyathilaka Friday, 19 April 2019 05:55 AM

“ප්‍රචණ්ඩත්වය වපුරන්නාට ස්වභාවික මරණයක් නැත” යනුවෙන් පැරණි චීන කියමකි. ලෝක ඉතිහාසය මේ බව මනාව ඔප්පු කර ඇත. ලෝකයේ බිහි වූ ප්‍රචණ්ඩත්වය ගරු කළ සියලු රජවරු, රාජ්‍ය නායකයන්, කැරළි නායකයන්, ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී නායකයන් සහ අනුගාමිකයන් , ප්‍රචන්ඩත්වය ගරු කළ අපරාධ කරුවන් සියලු දෙනා ම ස්වභාවික මරණයක් උරුම නොවූ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත; ධර්මාශෝක රජතුමා ප්‍රචණ්ඩත්වය අතැහැර ධර්ම මාර්ගයට පැමිණි බැවින් ස්වාභාවික මරණයක් උරුම වූවා පමණක් නොව ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය පාලකයා වශයෙන් ඉතිහාසඥයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මාකදුරේ මදූෂ් තුට්ටු දෙකේ අපරාධ කාරෙයෙකි.හෙරොයින් ජාවාරම් කරුවන්ට කිසිදු පොදු යහපත් අරමුණක් නැත; ඔවුන්ට ඇත්තේ තම කුමාර දිවිය ගත කිරීමට කුමන ආකාරයකින් හෝ මුදල් සරි කර ගැනීමය රට, ජාතිය, ආගම, සහ වැසියන්ගේ සුභ සිද්ධිය ඔවුන්ට වැඩක් නැත. රටවැසියා අදුරු අගාධයට ඇද දමා තම කාරිය කර ගන්නා කෲර මනසක් ඇති පිරිසකි. පුහු ගාම්භීර කම හිතට ගත් හිස් මිනිසුන්ගේ අසාර්ථක අවසන් ජවනිකාව නිමා වීමට ආසන්න සෙයකි. රට, රජය, ජනතාව හමුවෙහි මදූෂ්ගේ හා ගෝලයන්ගේ දඩබ්බර කම නිමා විය යුතුය.

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 895 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 173 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1062 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1098 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1390 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1234 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site