(චමිල් රුපසිංහ)
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා මාලිගාව හා සතර මහ දේවාල නියෝජනය කරමින් සහභාගි වී දක්ෂතා දැක්වූ කලාකරුවන් 162 කට සහතික හා මුදල් පරිත්‍යාග පිරි නැමීම ජනපති අතින් අද (15) මහනුවර ජනපති මන්දිරයේදී සිදු කෙරිණි.
හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
දවල් පෙරහර ගෙවදීමෙන් අනතුරුව දියවඩන නිළමේවරයා ඇතුළු සතර මහ දේවාල හා පිටිසර දේවාල බස්නායක නිළමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරය වෙත ගිය අතර පෙරහර සංදේශය සභාව වෙත ඉදිරිපත් කිරීම දියවඩන නිළමේතුවන් විසින් පසුව සිදු කරනු ලැබීය.
සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් පසුගිය 02 දින මහනුවර ඇසළ පෙරහර ආරම්භ විය.කුඹල් හා රන්දෝලි පෙරහර දින 10 ක් පුරා සංචාරය කළ අතර දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරහර නැරඹීමට මහනුවරට පැමිණ සිටියහ.
උඩරට පාරම්පරික කලා කරුවන් 1500 ක පමණ පිරිසක් සමඟ අලි ඇතුන් 70 ක් පමණද සහභාගිවූ මහනුවර ඇසළ මංගල්‍යය ලොව විචිත්‍රවත්ව උස්සව පහ අතරින් එකක් ලෙස පිළිගැනීමට ලක්ව තිබේ.
රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්,උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකානයක,මහනුවර පුරපති කේසර සේනානායක යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන්ද රාජ්‍යය නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහනුවර ඇසළ පෙරහර අවසන් කළ බවට පෙරහර සංදේශය අද ජනපතිට
beg Saturday, 17 August 2019 07:35 AM
ටිකිරි මැණිකේ ඇඹුල ගෙනැල්ලා්.. ජනාධිපති නුවර ඇවිල්ලා...