IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්න - යුරෝපා සංගමය

මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමය නැවත වරක් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.

යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ හමුවක් සඳහා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිසට යුරෝපා සංගමයේ නියෝජිතයන් ඒ බව දැනුම් දී තිබේ. 

“ඕනෑම ආකාරයක වරදක් සඳහා සහ ඕනෑම ආකාරයකින් මරණ දඬුවම ක්‍රියාත්මක වීමට යුරෝපා සංගමය විරුද්ධ බව නැවත වරක් කියා සිටිනවා. මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන පැමිණි ස්ථාවරය දිගටම පවත්වා ගැනීම සඳහාත් අනාගත දිනකදී මරණ දඬුවම අහෝසි කිරීම සඳහාත් ශ්‍රී ලංකාව දිරිමත් කරනවා” යැයි මෙම හමුවෙන් පසුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්විණි. 

යුරෝපා සංගමයේ, යුරෝපී විදෙස් ක්‍රියාකාරී සේවාවේ ආසියාව සහ ශාන්තිකර කලාප නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා පැඕලා පැම්පලොනි මහත්මිය සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එම සාකච්ඡාවේ සම සභාපතීත්වය හෙබවූහ.  

ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට වාර්තා වන පුවත් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා සැලකිල්ලෙන් පසුවන බව ද යුරෝපා සංගමය මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිසට දන්වා ඇත. 

ජී.එස්.පී. ප්ලස් යනු සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමයෙන් හිමිවන තීරුබදු සහනයකි.  මානව හිමිකම් ප්‍රඥප්ති, කම්කරු ප්‍රඥප්ති ඇතුළු ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන්නේ ය යන පොරොන්දුව මත ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය හිමි වී තිබේ. මානව හිමිකම් කඩකිරීම යනාදී චෝදනා නිසා 2010 වසරේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වූ අතර මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් තහවුරු කිරීම යනාදී පොරොන්දු මත ශ්‍රී ලංකාවට 2017 වසරේ දී නැවත වරක් එම සහනය හිමි විය.

මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් හෝ සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව හා ප්‍රතිසන්ධාන යන ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් හෝ ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් ලබාදීම සම්බන්ධයෙන් නැවත වරක් විමසා බලන්නැයි යුරෝපා පාර්ලිමේන්තුවට දැඩි පීඩනයක් එල්ල වී ඇතැයි ද බ්‍රසල්ස් නුවරින් ලැබෙන ආරංචිමාර්ගවලින් කියැවේ. 

සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

055



අදහස් (18)

මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්න - යුරෝපා සංගමය

Hafeel Sunday, 17 February 2019 02:42 PM

මේක ඇති අපේ ජනාධිපතිට...

:       39       32

හර්ෂණ කුලසේකර Sunday, 17 February 2019 02:43 PM

ඒ වෙනුවට මරණ දඬුවම නියම වුනු අය එවන්න. එයාලගේ රටක් දෙන්න කියන්න. "ප්‍රශ්නය තමුන්ගේ නොවන තාක් කල් උත්තරය දාර්ශනික" බව ඒ අයට මතක් කරදෙන්න.

:       0       426

Nihal Sunday, 17 February 2019 06:28 PM

මැද පෙරදිග , මැලේසියා, ඉන්දුනීසියා, ඇමරිකාව සහ චීනයට මේ අය බලපෑම් කෙරුවට සතේකට ගණන් ගන්නේ නෑ

:       0       120

Kap Sunday, 17 February 2019 07:20 PM

කොහොමත් අධාර නැවැත්තුවම රටේ හැමෝටම මැරෙන්න තමයි වෙන්නෙ

:       111       26

Nandalal DE SILVA - France Sunday, 17 February 2019 08:23 PM

ජනාධිපති සිරිසේන යලිත් වරක් හොඳ ගේමක් ගහලා තිබෙන වග පේනවා! තමා හොඳ "සුද්ධවන්තයෙක්" කියා ලොවට පෙන්වීම සඳහා ඔහු මත්කුඩු ජාවාරම්කාරයන්ට මරණීය දඬුවම දෙමසක් ඇතුලත ක්‍රියාත්මක කිරීම සඳහා කුඩු අපරාධකාරයන් ගෙනත් දෙන ලෙස ඔහු "කාටද" අණකර තිබෙන බව එයා වගේම මමත් ජාතික පුවත්පත්වලින් කියෙව්වෙමි. එහෙත් ඔහු නියත වශයෙන්ම දැනගෙන හිටියා අපේ රටේ එම දඬුවම කවදාවත්ම ඉටු කිරීමට නොහැකි බව. දැනටමත් බෞද්ධ හිමිවරුන් වහන්සේලා මෙන්ම අන්‍යාගමික නායකයන්ද මේ තීරණය එරෙහිව පෙළගැසෙමින් සිටිනබව ඔහු දන්නේ නැති හැඩයි... මරණිය දණ්ඩනය අපේ රටින් අහෝසිකර වසර ගණනාවක් ගත උනත්, දේශීය වශයෙන් මෙන්ම විදේශීය බලපෑම් නිසා අපේ රටේ මරණ දඬුවම හමස් පෙට්ටියේ පතුලේ සදහටම තැන්පත්කර තිබෙනබව ජනපති නොදැන හිටියා කියන්න එයාට කිසිම සදාචාර අයිතියක් හෝ විධායක බලයකුත් නැත! එහෙත් මැතිවරණ කට ළඟ තබාගෙන ඔහුගේ ගිලිහී යන ජනප්‍රියත්වය ඔසොවා තැබීම සඳහා මෙවැනි "විජ්ජා" රට හමුවේ තැබීමට අති දක්ෂ ජනපති සිරිසේන යලිත් වරක් මැජික් කෝටුවක් අතේ තියාගෙන රට වටේ යනවා.

:       93       78

Nandalal DE SILVA - France Sunday, 17 February 2019 09:04 PM

ජී.එස්.පී. ප්ලස් සහනය අපවැනි දුප්පත් රටවලට ගහන්න පුළුවන් දරුණු ආයුධයක් බව පාලකයන් දැන්වත් හිතාගත යුතු වෙනවා ! ක්‍රියාත්මක කිරීමට බැරි උනත්, සමහර නායකයන් ඡන්ද ඉව අල්ලමින් සොමියට ඉදිරිපත්කරන යෝජනා "බුමරංග" වගේ තමන් කරාම එනබව රටකරවන ඇත්තන්ට නොපෙනෙන්නේ මොකද? මා මෙහිදී කුඩුකාරයන් ආරක්ෂා කිරීම සඳහා මරණ දඬුවම එපා කියනවා නොවෙයි. මෙහෙව් අපරාධකාරයන් එල්ලා මරාදමා "කුඩුකාරයන්" නැති කරන්න නොහැක. අඳුරු සිරකුටි වල උන්ගේ අවසන් හුස්ම හෙලීමට පුළුවන් වන විදියේ දඬුවම් ක්‍රමයක් හදන්න බැරි මොකද?

:       143       111

Chandima Sunday, 17 February 2019 10:29 PM

මටනම් පෙනෙන්නේ කුඩු රජා ඉන්නේ එහෙ වගේ. ඒකයි ගෝලයෝ මරන්න යද්දී උනගැනිලා තියෙන්නේ.

:       5       189

ranjith Sunday, 17 February 2019 10:59 PM

රටක් විදියට ගන්න තීරණ ක්‍රියාත්මක කිරීමට රටේ නායකයට කොන්දක් තියෙනවනම් මේ කුඩු කාරයන්ට උදව් කරන පිටරට බලපෑම් වලට නියම පිළිතුරු දෙන්න පුළුවන්

:       89       9

Sundara raja Monday, 18 February 2019 02:17 AM

රටකට ස්වයං තීරණ ගන්න බැරි, අාර්ථිකය ශක්තිමත් ෙනාවන තාක්කල්... ඒ විදියට බලනවිට අප රට තවම යටත් විජිතයක්... ජී.ඒස්.පී. ඒ්වට යටත් වනකල්...

:       0       100

Sapumal. Monday, 18 February 2019 02:32 AM

මේවා මෙසේ වෙන බව අප දන්නවා. ජාත්‍යන්තර කුඩු වෙළඳාම, ආයුධ වෙළඳාම ආදියට ලොව සමහර බලවත් රාජ්‍යයන් හා සමහර දෙස් විදෙස් බලවතුන් සම්බන්ධයි. මෙවන් පසුබිමක් තිබියදී මෙවැනි වෙළඳාම් මෙහෙයවන්නන් තමන්ගේ හිතවතුන් මරාදානවාට හා ඔවුන්ගේ ව්‍යාපාර නැතිවෙනවාට කැමති නැහැ. ඔවුන්ට අපගේ මිනිසුන් විනාශ වුණාට කමක් නැහැ. මේවා ගැන නිසි උපදේශකත්වයක් නොමැති අපගේ පාලකයන් මරණ දඬුවම එකවර ක්‍රියාත්මක නොකොට ඒ ගැන කියව කියවා හිටියා. වරද කාගේවත් නොවෙයි කොඳු නාරටිය දුර්වල අපගේ පාලකයන්ගේයි. කටින් පමණක් බතල කොළ සිටුවනවා. මේවා බුද්ධිමත් පාලකයන්ගේ ලක්ෂණ නොවේ...

:       0       121

himal Monday, 18 February 2019 05:21 AM

ලංකාවේ හිරේ ඉඳගෙන දඬුවම් නියම වූවන් ජාවාරම් කිරීම මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමේ ගැටළුවක් නොවේ. අඩුම ගාණේ ඇයි CCTV කැමරාවත් සවි නොකරන්නේ? අනෙක් අතට කිසිඳු මහාපරිමාන ජාවාරම්කරුවෙක්ට මරණ දඬුවම දෙන්න බෑ. සියලු නඩු කටයුතු අවසන් වනතුරු. ඒ කියන්නේ නඩු 10ක් විතර අහලා අභියාචනත් අහලා ඉවර වෙනකම් බලන් ඉන්න වෙනවා. ඒ වගේම පොඩි මිනිහට නඩුවක් කියලා දිනන්න තේරෙන්නේ නෑ. මොකද දක්ෂ නීතීඥයින්ගේ මිල දරන්නත් බෑ. නීතිය දන්නෙත් නැති නිසා. මරණ දඬුවම නිසා වෙන්නේ ලොකු මිනිහා කෙසේ වෙතත් පොඩි මිනිහා පෝරකයට යාමයි...

:       2       60

vipula Monday, 18 February 2019 05:54 AM

යුද්දෙට කලේ මේ දේ . නමුත් එදා පාලකයන් මේවට බය වුනේ නැහැ . අපි මේවගේ සහන නැති කරගෙන යුද්ධේ දිනුවා. කොළොඹ බෝම්බ පත්තු වුනහම මැරෙන්නේ දකුණේ ජනතාව , නමුත් යුරෝපා සංගමයට එක ගානක් නැහැ. රටේ වර්තමාන පාලකයන් දැනගන්න ඕනේ කලයුත්තේ කුමක්ද කියා. එදා පාලකයෝ යුද්ධේ කලයුතු දේ නිසි කලට කල නිසා මුළු රටම යුද්ධේන් දිනුවා.

:       66       293

abaran Monday, 18 February 2019 06:19 AM

මට පෙනෙන විදියට යුරෝපා සංගමය කියන්නේ කුඩු ජාවාරම් කරුවෝ කොටසක් වගේ..

:       0       104

palitha Monday, 18 February 2019 06:57 AM

පිලිපීනය කියන්නේ අධික ජනගහනයෙන් පිරි දරිද්‍රතාවය ඉහළ රටක්.. එ්ත් ඔය කියන ජී එස් පී ප්ලස් දුන්න නොදුන්නා අවුරුදු 70 ඉක්මවූ ජනපති රොඩ්රිගෝ දුතර්තේ අදටත් කොන්ද කෙලින් තියන් මරණ දඬුවම දෙනවා... තමන්ගේ රට, අනාගත දරු පරපුර ආරක්ෂා කරන්න. ලජ්ජා වෙයව් ශ්‍රී ලංකා පාලකයෝ තොපිලට කොන්දක් නැති එක ගැන.

:       51       330

RaveendraMonday, 18 February 2019 07:43 AM

palitha මයා වෙත, ඔබගේ අගනා අදහස් අපද අගය කරන්නෙමු. එක එක්කෙනාට ඕනෑ විදියට රටේ අනාගත පරපුර බිලි දෙන්න තරම් අපගේ නිවට පාලකයන් යයි කියා ගන්න "දේශය පාලුකරන" බූරුවන් ලෙස හැසිරෙනවා නොවේද? ඇත්තෙන්ම දියවන්නා ඔයේ 225ක් වූ රැල "උරගයන් " බව ඔප්පු කිරීමට අප සියල්ලන්ටම නුදුර අනාගතයේදී හැකි වනු ඇත.

:       99       176

de silva Monday, 18 February 2019 08:19 AM

අන්තිමට වෙන්නේ නටපු තොවිලෙකුත් නැත... බෙරේ පලුවකුත් නැත වගේ වැඩක්... කුඩුකාරයෝ එල්ලලත් නැත. ජනාධිපතිගේ බහුභූත කතා නිසා අපේ රටට ආර්ථික පාඩුවක් සිදුවීමයි. කොහොම නමුත් ආර්ථික බර කරගහන්නේ දුප්පත් අපිනේ... ජනාධිපති නොවේනේ..

:       29       5

isurandi Monday, 18 February 2019 08:26 AM

අපේ එවුන්ගේ කොන්ද පන නැතිකම තමයි මූලිකම හේතුව... ඕකුන් දන්නවා ගානට ගුලිය අඹරලා අපේ එකාලට ගිල්ලවන්න. එ්කනේ ඔක්කොම ප්ලස්, මයිනස් අපිටම කැරකෙන්නේ...

:       0       6

Nihal Monday, 18 February 2019 08:55 AM

මේ කුඩු ගහන අය 95%ක් සල්ලි හොයාගන්නේ අපේ දේ හොරකම් කරලනේ... රක්ෂාවක් කරලා නොවෙයිනේ. දුප්පතාගේ බයිසිකලයක් තියාගන්න බැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1009 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 390 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 842 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 817 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 318 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 506 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site